ෆෝන් එකේ IMEI අංකය ගැන

               IMEI අංකය කියන්නෙ ෆෝන් වල තියෙන එකිනෙකට වෙනස් එක් එක් උපාංඟයට අනන්‍ය වුණු අංකයක්. ඇත්තටම IMEI අංකයෙන් ඇති වැදගත්කම මොකද්ද? ෆෝන් එකේ IMEI එක නිවැරදි එකක්ද කියලා බලන්නෙ කොහොමද? මේ ලිපිය ඒ ගැනයි.
➥IMEI අංකය

     International Mobile Equipment Identity කියන දිග නම කෙටි කරලා තමයි IMEI කියන කෙටි නම හැදිලා තියෙන්නෙ. මේ අංකය හරියට NIC අංකය වගෙයි. ඒ අංකෙන් පුද්ගලයන් අනන්‍යව හඳුනාගන්නවා වගේ මොබයිල් ෆෝන් අනන්‍යව හඳුනාගන්න IMEI අංකයෙන් පුළුවන්. IMEI අංකය අංක 15 කින් සමන්විත වෙනවා.ෆෝන් වල නම් *#06# ටයිප් කරලා මේ අංකය බලා ගන්න පුළුවන්. ෆෝන් වලට විතරක් නෙවෙයි GSM තාක්ෂණය භාවිතා කරන මොඩමයක් අඩංගු උපකරණ වල මේ අංකය ඇතුලත් වෙනවා .IMEI ප්‍රධාන අරමුණ ආරක්ෂක උපක්‍රමයක් ලෙස භාවිතා කිරීමයි. 
         GSM ජාල වලදී ජාලයට සම්බන්ධවන දුරකතන හඳුනා ගැනීමට IMEI අංකය භාවිතා වෙනවා. එමගින් සොරකම් කරනලද , තහනම් කරනලද දුරකතන ජාලයට පිවිසෙන එක වලක්වන්න පුළුවන්. එනම් තමාට අයත් දුරකතනයක් සොරකම් කර ඇත්නම් හැකි විගස දුරකතන සේවා සැපයුම් කරුට දන්වලා ඒ දුරකතනය Blacklist කරන්න පුළුවන්.
              IMEI අංකය යොදාගන්නේ එක් නිශ්චිත උපාංගයක් හඳුනාගන්න පමණයි. එය භාවිතා කරන ග්‍රාහකයා හඳුනාගැනීමට භාවිත කරන්නේ නැත. ග්‍රාහකයා හඳුනා ගන්නේ SIM කාඩ් පත තුල ඇති IMSI (International mobile subscriber identity) අංකය මගිනි. එසේම බොහෝ ජාල වල ආරක්ෂක උපක්‍රමයක් ලෙස ග්‍රාහකයා භාවිතා කරන උපාංඟ හඳුනා ගැනීමට මේ IMSI අංකය සමග IMEI අංකය භාවිතා කරනවා.

➥චෙක් කරගන්න පුළුවන්ද?

                         https://www.imei.info වෙබ් සයිට් එකට ගිහින් ඕනි කෙනෙක්ට තමන්ගෙ ෆෝන් එකේ IMEI එක හරි එකක්ද වැරදි එකක්ද කියලා පරික්ෂා කරගන්න පුළුවන්. අටෝරසියක් නම් වලින් ෆෝන් දැන් එන හින්දා ව්‍යාජ විදිහට හදපු ෆෝන් හදුනා ගන්න මේ සයිට් එකෙන් පුළුවන්. ෆෝන් එකේ වර්ගය, මාදිලිය විතරක් නෙවෙයි ෆර්ම්වෙයා එක ඩවුන්ලෝඩ් කරන්නත් මේ වෙබ් සයිට් එක උදව් කරනවා.

11 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. දවසක් මේ IMEI එක ගැන මං කඩකාරයෙක් එක්කත් පැටලුනා. මිනිහ කියනව IMEI.info එක වැරදිලු. මං ෆෝන් ගානක IMEI දාල පෙන්නුව මේක සෑහෙන්න දුරට නිවැරදි කියල. ඒ උනේ මිනිහ ෆෝන්වල කොපි දෙකක් ඔර්ජිනල් කියල විකුනල ඒ ගැන ගියපු වාද විවාදයකදි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි කසුන් අයියෙ තියෙන ලොකුම අවුල. සමහරු විකුණන්නෙ එක ෆෝන් එකක්. ඒත් ඒකෙ IMEI එක වෙන ෆෝන් එකක එකක්. කිසිම වෙලාවක ෆෝන් එකේ අලවලා තියෙන ස්ටීකර් එකෙන් IMEI එක චෙක් කරන්න හොඳනෑ. ෆෝන් එකේ *#06# ටයිප් කරලා ඒ අංකෙ ගන්න ඕනි.

      Delete
  2. මුලින්ම කරේ මගේ ෆෝන් එකේ IMEI එක (දෙකක් තියෙනවා මගේ හිතේ ඩුවෙල් සිම් නිසා වෙන්න ඇති නේ?) හොයාගෙන සේව් කර ගත්ත එක.. දැන් ගිහන් බලන්න ඕනි ඇත්ත එකක්ද හොර එකක්ද කියලා. :))

    ReplyDelete
    Replies
    1. ඩුවෙල් සිම් ෆෝන් වල ඉමි අංක දෙකක් තියෙනවා කලන අයියේ.. බලන්නකෝ කාර් එකක් පෙන්නයිද කියලා.. හැක්!

      Delete
  3. අම්මප මෙච්චර වැදගත් උනත් අද වෙනකං එකක් බලලවත් හදිස්සියකට ලියල තියාගෙනවත් නෑ ... විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ 🙂

    ReplyDelete
    Replies
    1. ඔබට තේරුණාද ඔබ කල දෙය දුර දිග නොබලා.. හැක්!
      දැන්වත් ලියලා තියාගන්න කණ්ඩයියේ!

      Delete
Previous Post Next Post

Recent Post

Features