දැන් ටික දවසක් ඉදලා ෆේස්බුක්, ට්විටර් වගේම වෙබ් අඩවි වල පවා "ක්වන්ටම් තාක්ෂණයෙන් චීන සැටලයිට් එකකින් ගත්ත" පික්සල් බිලියන 24.9 ක ඡායාරූපයක් කියලා එකක් ලින්ක් එකකුත් එක්ක හුවමාරු වෙනවා දකින්නට ඇති. ඒත් ඇත්තටම මේක ගත්තේ සැටලයිට් එකකින් ද?
මේ විදිහට හුවමාරු වුණේ චීනයේ ෂැන්හයි නගරයේ කුරුලු ඇසකින් පෙනෙන අයුරින් සැකසූ 3600 ක ප්‍රමාණයක් දර්ශණය වෙන පැනොරාමා ඡායාරූපයක්. මේකෙ විශේෂත්වය තමයි මේකෙන් නගරයේ දර්ශණය වෙන ඕනෑම ඈතින් තියෙන තැනක් වුණත් ඉතා පැහැදිලි වෙන විදිහට විශාල කරලා බලන්න පුළුවන් වුණ එකයි. කොච්චර පැහැදිලිද කියනවනම් මේකෙන් පෙනෙන වාහන වල අංක තහඩු වල අංක වුණත් කියවන්න පුළුවන්, ගමන් කරන මිනිස්සුන්ගේ මූණ පවා අඳුරගන්න පුළුවන්. http://sh-meet.bigpixel.cn කියන ලින්ක් එකෙන් මේ ඡායාරූපෙ ඕනෙ කෙනෙක්ට බලන්න පුලුවන්. ගිහින් විශාල කරලා බලනකොට තේරේවි කොච්චර පැහැදිලිද කියලා.
➤කොහොමද මෙහෙම පැහැදිලි වෙන්නේ?
මේ තරමට පැහැදිලි වෙන්න හේතුව තමයි මේ රූපය හැදිලා තියෙන්නෙ පික්සල් බිලියන 24.9 ක විභේදනයකින් වීම. පික්සල් එකක් කියන්නේ ඩිජිටල් විදිහට හැදෙන රූපයක කුඩාම අගයයි. ඉතිං ඒ වගේ රූපෙක තියෙන පික්සෙල් ගාන වැඩිවෙන්න, වැඩිවෙන්න රූපයේ පැහැදිලි බව වැඩි වෙනවා. මේක පික්සල් ඝණත්වය විදිහට (Pixel Density) කියලා හඳුන්වනවා.
ඡායාරූපෙ පැහැදිලි වෙන තරමටම ඒ වෙනුවෙන් යන ඉඩ ප්‍රමාණයත් වැඩි වෙනවා (සාමාන්‍ය කැමරා ෆෝන් එකකින් ගන්න ෆොටෝ වලට වඩා පික්සල් ගණන වැඩි ෆෝන් එකකින් ගන්න ෆොටෝ වැඩි මතකයක් ගන්නේ ඒ නිසයි). ඒ වගේම මේ නගරයේ ගත්ත ඡායාරූපයෙත් ධාරිතාව ගිගාබයිට් සියගණනක් වෙනවා.
ඡායාරූපෙ පැහැදිලි වෙන තරමටම ඒ වෙනුවෙන් යන ඉඩ ප්‍රමාණයත් වැඩි වෙනවා (සාමාන්‍ය කැමරා ෆෝන් එකකින් ගන්න ෆොටෝ වලට වඩා පික්සල් ගණන වැඩි ෆෝන් එකකින් ගන්න ෆොටෝ වැඩි මතකයක් ගන්නේ ඒ නිසයි). ඒ වගේම මේ නගරයේ ගත්ත ඡායාරූපයෙත් ධාරිතාව ගිගාබයිට් සියගණනක් වෙනවා.
➤සැටලයිට්, ක්වන්ටම් ලෝක බොරුව!
මේ ඡායාරූපය ගන්න අවශ්‍ය තාක්ෂණය දීලා තියෙන්නෙ චීනයේ Jingkun Technology (http://bigpixel.cn/) සමාගමයි. අලුත් ලෝකයට ගැලපෙන විදිහට ක්ල්වුඩ් තාක්ෂණය යොදාගෙන ඡායාරූප ගන්න Jingkun Technology සමාගමට හැකියාව තියෙනවා. 2015 වසරේදී ෂැන්හයි නගරයේ පුවත් කාර්යාලයෙන් කරපු ඉල්ලීමකට අනුව තමයි මේ වැඩේ කරලා තියෙනේ.ඡායාරුපය ගන්න යොදාගෙන තියෙන්නෙ නගරයේ තියෙන ප(ර්)ල් (Oriental Pearl Tower in China) කියන සන්නිවේදන කුළුණයි (සැටලයිට් නෙවෙයි හොඳේ!).
සමාගමට අනුව මේ සම්පූර්ණ රූපය පික්සල් බිලියන 195 කින් යුතු වෙනවා. මේ ගත්ත පින්තූරය ආසියාවේ විශාලතම, ලෝකයෙන්ම තුන්වෙනියට විශාල ඡායාරූපය වෙනවා. මේ පැනොරාමා පින්තූරය සාමාන්‍ය කැමරාවකින් ගන්නවාට වඩා 2000 ගුණයක අගයක් තියෙන පින්තූර රාශියක එකතුවක් වෙනවා. කලින් කිව්වා වගේම මේකට කිසිම සැටලයියට් තාක්ෂණයක් යොදා ගෙන නෑ. අධි විභේදන කැමරා වලින් ගත්තු ඡායාරූප විශේෂ තාක්ෂණයක උදව්වෙන් එකට එකතු කිරීමක් විතරයි කරලා තියෙන්නේ.ඒ හින්දා මේ ගැන ට්විටර් වල දාපු පෝස්ට් පවා වෙනස් කරන්න වෙලා තියෙනවා.
Update: I did a little more digging on this. From what I can understand, it's from a creative studio called Bigpixel Technology Corporation and was shot at the top of Oriental Pearl Tower in Shanghai. They say the resolution is 195 gigapixels. One gigapixel is 1b pixels. https://t.co/HSonazfxlA— Tracey Lindeman (@traceylindeman) December 18, 2018
➤ලස්සන වගේ නෙවෙයි ඉතිං ප්‍රශ්ණ ආවම
මේ ෆොටෝ එකේ ලස්සන වගේම තව ලොකු ගැටලුවකුත් මතුවෙලා තියෙනවා. මේ විදිහට කිලෝමීටර් ගණනක් ඈතින් ඉන්න අයව වුණත් ඉතා පැහැදිලිව බලාගන්න පුළුවන් නිසා වැරදි කෙනෙක් අතට ගියෝතින් ඒ අයගේ පෞද්ගලිකත්වයට තර්ජනයක් වෙන්න පුළුවන්. මේ ගැන පියවර ගන්නත් දැන් චීනයට සිදුවෙලා.