May 23, 2019
ගූගල් සමාගම විසින් සිය සේවාවන් හුවාවි සමාගමට ලබා දීම අත්හිටුවීමත් සමග, හුවාවි සමාගම දැඩි අර්බුදයකට මුහුණ දුන්නා. ගැටලුව තවත් වැඩි කරමින් Intel හා Qualcomm යන සමාගම් ද සිය චිප් හා අනෙකුත් දෘඩාංග සැපයීම තාවකාලිකව නවතා දැමුවා.
![]() |
http://www.hisilicon.com/ |
ඇමරිකාව විසින් හුවාවි සමාගම ඇතුලු තවත් සමාගම් කිහිපයක් අසාදු ලේඛනගත (Black List) කිරීමත් සමග ගූගල් සමාගම විසින් ද හුවාවි සමග කරන ගණුදෙනු හා ලබා දෙන සහයෝගය නවතා දැමීමට තීරණය කර තිබෙනවා.
For Huawei users' questions regarding our steps to comply w/ the recent US government actions: We assure you while we are complying with all US gov't requirements, services like Google Play & security from Google Play Protect will keep functioning on your existing Huawei device.— Android (@Android) May 20, 2019
මේ අතර ඇමරිකාවේම සමාගමක් වන SD Association (SDA) ආයතනය ද හුවාවි සමාගම සමග තිබූ සබඳතා නවතා දැමුවා.SD Association යනු SD හා microSD card සඳහා වගකීම දරන හා එය ප්රමිතිගතකරන ආයතනයයි. SDA විසින් මෙසේ සබඳතා නැවැත්වීමත් සමග හුවාවි සමාගමට මින් ඉදිරියට SDA සන්නාමය භාවිතා කිරීමත්, එම උපාංග වල ප්රමිතිය සැකසීමත් නැතිවී යනවා. නමුත් මේ තීරණය දැනට මිලදී ගෙන ඇති සහ වෙළඳපොලේ පවතින කිසිඳු හුවාවි උපාංඟයකට මේ නිසා බලපෑමක් සිදු නොවේ.
වින්ඩෝස් වලින් වැඩ කරන පරිගණක වල හාඩ් ඩිස්ක් එකේ ඇතිවෙන දෝෂ නිරාකරණය කරන්න Disk Cleanup, Disk Defrag වගේ විවිධ වැඩසටහන් ඇතුලත් කරලා තියෙනවා. ඒ අතරින් එකක් තමයි Check Disk කියන්නේ.