ඇපල් සමාගමේ සැලසුම් නිර්මාණකරු ඉවත් වේ

                                          ඇපල් සමාගම දෘඩාංග නිර්මාණය කරන සමාගමක ලෙස ඉදිරියට එන්නට සමාගමේ ප්‍රධානියාව සිටි ස්ටීව් ජොබ් මෙන්ම තවත් එක් සුවිශේෂී මිනිසෙකුගේ සේවාවද ඉතා තදින් බලපෑවා. ඒ ඇපල් සමාගමේ ප්‍රධාන සැලසුම් නිර්මාණකරු වූ ජෝනතන් අයිව්. අවුරුදු 22 ඇපල් සමාගමට සේවය කල ඔහු ඇපල් සමාගමෙන් ඉවත්වන බව දන්වා තිබෙනවා.ඒ ඔහුගේම නිර්මාණ සැලසුම් ආයතනයක් ආරම්භ කිරීම සඳහායි.
                                                ලොව පුරා ජනප්‍රිය වූ ඇපල් නිෂ්පාදන වන iMac, iPod, iPhone, iPad, AirPods, හා Apple Watch පමණක් නොව Apple Park යන සියල්ලම සැලසුම් කිරීම සිදු වුණේ අයිව් ගේ මග පෙන්වීම යටතේයි. එම නිෂ්පාදන ඉතා වේගයෙන් ලොව පුරා විකිණී ගියේද අයිවු ඒවාට එක් කර තිබූ ඒවාටම ආවේණික හැඩයන් හා වර්ණයන් නිසාය. ඒ අතරින් මැක් පරිගණකය හා අයි ෆෝනය ප්‍රධාන තැනක් ගනු ලබයි.
USA Today
                                   අයිවු ඇපල් සමාගමෙන් ඉවත් වන්නේ තමාගේම සමාගමක් ආරම්භ කර සේවය සැලසීමටයි. ඇපල් සමාගම එහි ප්‍රධාන ගණුදෙනු කරුවා වනු ඇතියි. අයිවු ඉවත් වූවායින් පසු එම ධූරයට කවුරු පත් කරනවාදැයි තවම නිවැරදි අදහසක් ඇපල් සමාගම සතුවද නැත. ඇපල් සැලසුම් කණ්ඩායමේ සිටින නිර්මාණ සැලසුම් කරුවන් වන Evans Hankey ,Alan Dye, Jeff Williams යන අය දැනට මේ ස්ථානයේ සිටී.කෙටියෙන් කියයි නම් අයිවු ගේ වගකීම ගැනීමට තවම තනි පුද්ගලයකු පත් කර නැත.
Getty Images
                                   අයිවූ ගේ අලුත් සමාගම LoveFrom ලෙස හඳුන්වා ඇති අතර නිෂ්චිත දිනයක් නැතත් එය 2020 දී ඇරඹීමට නියමිත බව සඳහන්. අයිව් සමග මේ අලුත් සමාගම හදන්න ප්‍රසිද්ධ ගුවන් යානා, ගෘහ භාණ්ඩ හා ආභරණ නිෂ්පාදන සැලසුම් කරුවකු වන මාර්ක් නිව්සන් එක් වනු ඇතියි. ජෝනතන් අයිවු ගේ වැඩ ගැන මුලු කර්මාන්ත ක්ෂ්ත්‍රයම හොඳින් දන්නා නිසා ඔහුගේ සමාගමට ද ඉතා හොඳ පාරිභෝගිකයන් පිරිසක් එක්වනු ඇති බවට බොහෝ දෙනා කියයි. ඒත් සමගම මෙතෙක් දවසක් ඇපල් සමාගමෙන් එළියට පැමිණි අයිවු ගේ නිර්මාණ ඉදිරියේදී වෙනත් වෙනත් නිර්මාණ තුලින්ද අපට දැක ගැනීමේ හැකියාව ලැබෙනු ඇති.

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features