September 18, 2019

ඉලෙක්ට්‍රික් කාර් එකට එන්ජිමක හඬ!

                                       ඉලෙක්ට්‍රික් වාහන වලට කැමති අයත් කොහෙත්ම කැමති නැති ඛනිජ තෙල් වලින් දුවන් වාහන වලට කැමති අයත් ලෝකෙ හැමතැනම ඉන්නවා. ඉලෙක්ට්‍රික් වලට සමහර අය කැමති නැත්තෙ ඩීසල්, පෙට්‍රල් වලින් යන වාහන වල වගේ හඬක් (Exhaust sound) නැති නිසා. දැන් ඒකටත් විසඳුමක් ඇවිල්ලා.
                                     ඉලෙක්ට්‍රික්, හයිබ්‍රිඩ් වාහන වලට කෘතීමව මවපු හඬක් ලබාදෙන්න වගේම මිලදීගන්න කෙනාට තමන් කැමත් හඬක් තෝරාගැනීමේ හැකියාව ලබා දෙන්නත් ඇමරිකානු රජය තීරණය කරලා තියෙනවා. පාරේ ගමන් කරන පදිකයන්ගෙ ආරක්ෂාව ගැන සලකලා තමයි මේ වගේ දෙයක් කරන්න හේතු වෙලා තියෙන්නෙ.
                                        ඇමරිකානු ජාතික ගමනාගමන ආරක්ෂක අධිකාරිය පවසන ආකාරයට රියදුරු හට කැමති හඬක් ඒ වාහනයට එක් කරගන්න පුළුවන් වෙන විදිහට නිෂ්පාදකයින් විසින් එම වාහන සඳහා ඇතුලත් කල යුතුයි. ඒ වගේම මේ හඬවල් සියල්ල අධිකාරියේ අනුමැතිය ඇතුව ඇතුලත් කලයුතු අතර ඒවා නිෂ්චිත ගණනකට පමණක් සීමා වේ.
                                          ඉලෙක්ට්‍රික් වාහන සෙමෙන් ගමන් කරන අවස්ථාවලදී හඬක් නිකුත් කිරීමට යෝජනාව පැමිණියේ 2018 වසරේදී පමණය. ඒ පාරේ ගමන් ගන්නා මගීන් හා අන්ධ පුද්ගලයින් හට සිදුවන අනතුරු වලක්වා ගැනීමටයි. ඉලෙක්ට්‍රික් වාහන අනෙක් දහන එන්ජින් ඇති වාහන වලට වඩා බෙහෙවින් නිෂ්ශබ්ධ වේ. ශබ්ධ ඇති වුණත් ඇතිවෙන්නේ සුලඟ මගින් හා ටයර් මගිනි. එයත් තරමක් වේගයෙන් යන විටදීය. මේ හින්දා කිසිම ශබ්ධයක් නැතුව දුවන්න හදන ඉලෙක්ට්‍රික් වාහන වලට පවතින්න ඕනි අවම හඬක් නිර්දේශ කරන්න සිද්ධවෙලා. මහජන මත විමසීමකිනුත් පසුව තමයි මේ නීතිය ගෙන එන්න තීරණය කරලා තියෙන්නෙ. ඒ අනුව වසර 2020 සිට අලුතින් නිපදවන සෑම 4500Kg වලට වඩා වැඩි ඉලෙක්ට්‍රික්  වාහන වලට මේ හඬ එක් කල යුතු වෙනවා. ඉදිරියට මෙන්ම පිටුපසට 19mph හෝ ඊට අඩු වේගයකින් ධාවනය විට දී හඬ ඇතිවිය යුතුවේ. නමුත් වේගයෙන් යන විට මෙය අදාල නොවේ. Mercedes-Benz, Volkswagen හා BMW වැනි වාහන නිෂ්පාදකයින් සිය විදුලි වාහන සඳහා දැනටමත් ඔවුන්ගේම හඬ නිපදවන පද්ධති එක් කර තිබේ.
                                                  ආරක්ෂාව වෙනුවෙන් හඬ එක් කලත් විශේෂ අවශ්‍යතා සඳහා යොදාගන්න ආරක්ෂක අංශයේ වාහන වලට නම් මේ හඬ එතරම් ගැලපෙන්නෙ නෑ. ඒ නිසා එවැනි වාහන වලට මේ විශේෂාංඟය අක්‍රිය කල හැකි වන පරිදි නිපදවන්න නිර්දේෂ වෙලා තියෙන්නෙ.

September 11, 2019

Apple Event 2019 න් ආ අලුත් උපාංඟ

                               Apple සමාගම සිය නවතම උපාංඟ පෙළ Apple Park හි පිහිටි Steve Jobs වේදිකාවෙදී එළිදක්වනු ලැබුවා. අලුත් iPhone 3 ක්, iPad එක Apple Watch Series 5 මෙහිදී ඉදිරිපත් කලා. Apple Event 2019 ඊයේ දිනයේදී එම උළෙල Youtube මගින් සජීවීව ලබා දුන්නා.

iPhone 11, iPhone 11 Pro හා iPhone 11 Pro Max
                                   iPhone 11 අමතරව තව ඇපල් අයිෆෝනයේ මාදිලි දෙකක්, iPhone 11 Pro හා iPhone 11 Pro Max ලෙස මේ උළෙලේදී ඉදිරිපත් කරනු ලැබුවා. නව අයිෆෝනය stainless steel හා වීදුරු වලින් නිමවා තිබෙනවා. Midnight green, space grey හා silver යන වර්ණ වලින් ලබා ගන්න පුළුවන්. දුරකතන දෙකම ඔවුන්ගේ Super Retina XDR තිර සහිතව පැමිණෙනවා.එහි ප්‍රමාණය iPhone 11 අඟල් 6.1 ක් ලෙසත්, iPhone 11 Pro ට අඟල් 5.8 ක් හා iPhone 11 Pro Max ට අඟල් 6.5 ලෙසත් පැමිණෙනවා.
PhoneAreana
                    අලුත් A13 Bionic ප්‍රොසෙසරයෙන් ඉතා හොඳින් බලගන්වා ඇති මේ දුරකතන වල බැටරි ඉතිරිකිරීමේ තාක්ෂණය ද  වැඩිදියුණු කර ඇත. iPhone 11 කැමරා දෙකක් සමග හා iPhone 11 Pro, iPhone 11 Pro Max කැමරා තුනක් සමග පැමිණෙයි. ඇතැම් අයනම් මේ කැමරා තුන හා එහි පිහිටීම ගැන එතරම් කැමැත්තක් දක්වන්නෙ නෑ. පහලින් ඇත්තේ මේ අලුත් දුරකතන 3 හි දෘඩාංග පිළිබඳ විස්තරයි.

iPhone 11


  • 6.1″ display
  • A new dual-camera system on the back - one 12MP wide-angle camera (26mm f/1.8) and one 12 MP ultra-wide camera (13mm f/2.4).
  • The flash is 36% brighter.
  • A new night mode that uses adaptive bracketing for better low-light shots.
  • The front camera - now 12MP, up from 7MP - can do 60 FPS 4K and slow-motion video.
  • Running on Apple’s new A13 chipset.
  • Available in black, green, yellow, purple, red and white.
  • Price $699


iPhone 11 Pro / iPhone 11 Pro Max


  • Three cameras: a 12MP wide-angle camera (26mm f/1.8), a 12MP ultra-wide (13mm f/2.4), plus a 12MP telephoto camera (52mm f/2.0). All three cameras can shoot 4K at 60FPS.
  • Pro has a 5.8″ display, while Pro Max comes in at 6.5″
  • Running on A13
  • Four more hours of life per charge when compared to the iPhone Xs Max, while the Pro Max will get five more hours
  • Comes with 18w fast chargers.
  • Available in Midnight green, space grey, and silver
  • Price Pro $ 999, Pro Max 1099

Apple Watch Series 5
Engadget

                   ඇපල් වොච් එක කියන්නෙත් ඇපල් සමාගමේ අපුරූ නිර්මාණයක්. ඉතිං ඒකෙ අලුත්ම නිපැයුම වෙන Apple Watch Series 5 ත් මේ උළෙලේදී එළිදක්වනු ලැබුවා. Apple Watch Series 5 දී Fitness වල හැකියාව වැඩි දියුණු කරමින් ECG ලබා ගැනීම, ඇද වැටීම් හඳුනා ගැනීම (fall-detection) හැකියාව මෙයට ලබා දී තිබෙනවා. අලුත් Retina display එකක් ඇති මෙහි බඳ නිර්මාණය කර තිබෙන්නෙ 100% ප්‍රතිචක්‍රීකරණය කරනලද ඇලුමිනියම් වලින් වන අතර සෙරමික් බඳක් සහිත මොඩලයක් ද තිබේ. එසේම Apple Watch Series 4 ට වඩා Apple Watch Series 5 තරමක් සිහින් බවකින් යුක්තයි. බැටරි බලය ඉතිරි කරන LTPO තාක්ෂණය නිසා බැටරිය පැය 18 ක් දක්වා පවතී. මෙහි මිල $399 වන අතර LTE මොඩලය $499 ක් වේ.


iPad
Gear Patrol
                 ඇපල් අයිපෑඩයේ සිතූ තරම් ලොකු වෙනසක් නොවූ බව බොහෝ අය පවසයි. සිදුවී ඇති එකම වෙනස තිරය පෙර පැවති iPad 2018 ට වඩා අඟල් භාගයක් පමණක් විශාල වීමයි. එනම් මෙහි ඇත්තේ අඟල් 10.2 ක තිරයකි. ඇතුලත ඇති දෘඩාංඟ සැලකීමේදී අලුත් A10 ප්‍රොසෙසරයක් ඇතුලත් කර ඇත. අයිපෑඩ් මෙහෙයුම් පද්ධතියද පෙරට වඩා දියුණු කර ඇත. මෙහි තිරයද කලින්ට වඩා විශාලව නිර්මාණය කර ඇත්තේ මෙහි මෙහෙයුම් පද්ධතියට වඩා ගැලපෙන ලෙසය. මෙහි මිල $399 වන අතර ඉගෙනුම් කටයුතු සඳහා ලබාගන්නේ නම් $299 කට ලබා ගත හැකිය.

                   මේ ලිපියෙන් ගෙන ආවේ එළිදක්වන ලද ඇපල් උපාංඟ වල ප්‍රධානම තොරතුරු පමණක් වන අතර වැඩි විස්තර සමඟින් ඉදිරි ලිපියකින් හමුවෙමු.
                     

September 9, 2019

කැසට් එකේ කතාව

                            අලුත ඉපදුන, ඉපදෙන පරම්පරාවට නම් මේ ලිපිය ඉදිරියටත් වැදගත් වේවි. මොකද ඉස්සරහට මේ කියන්න යන අපූරු ගැජට් එක කෞතුකාගාරේ විතරක් දකින්න ලැබෙන එකක් වෙන නිසයි. 80 දශකයේ සිංඳු අහපු අයට නම් කැසට් පීස් එක කියන්නෙ අමුතු උපාංඟයක් නෙවෙයි.
කැසට් එකේ පටන් ගැන්ම!
                       කැසට් ටේප් එකේ (Compact Cassette) ඉතිහාසය 1962 දක්වා දිවෙන එකක්. කැසට් පටි නැත්නම් චුම්බක පටි වල ගීත, ශබ්ධ තැන්පත් කිරීමේ තාක්ෂණය ලෝකයට හඳුන්වා දුන්නේ පිලිප්ස් (Philips) සමාගම විසිනුයි. මේ අලුත් තාක්ෂණය එකල තිබූ මිල අධික Reel-to-reel ටේප් රෙකෝඩර් වෙනුවට භාවිතා කල හැකි මිලෙන් අඩු නමුත් උසස් ප්‍රමිතියෙන් යුතු එකක් වුණා. ක්‍රෙඩිට් කාඩ් එකක් තරම් කුඩා බරින් අඩු වගේම එය භාවිතා කරන්නන්ට ඉහල තාක්ෂණික දැනුමක් අවශ්‍ය වුණේ නැති නිසා ජනප්‍රියතාව තවත් වැඩි වුණා.

ප්‍රචලිත විම
worthpoint.com
                     කැසට් පට හඳුන්වාදුන්න මුල් කාලයේ එහි හඬේ ප්‍රමිතිය එතරම්ම හොඳ තත්වයක තිබුණේ නෑ. ඒ නිසා ඒවා භාවිතා කලේ හඬ පටිගත කිරීම් හා අනුලේඛන (dictation) සඳහායි. පසුකාලීනව සිදුවූ වැඩිදියුණු කිරීම් හා ඝෝෂාව අවම කිරීමේ (noise reduction) තාක්ෂණය සමග ස්ටීරියෝ ආකාරයේ ගීත පටිගත කිරීම් වලටද යොදා ගැනීමට පටන් ගත්තා. පිලිප්ස් සමාගම මේ විදිහට කැසට් ටේප් නිෂ්පාදනය කිරීම නිසා ලොව අනෙක් සෝනි වැනි ඉලෙක්ට්‍රොනික සමාගම් වලින් එල්ල වූ පීඩනය හමුවේ කැසට් තාක්ෂණය කාටත් නිෂ්පාදනය කල හැකි අයුරින් නිදහස් කරනු ලැබුවා. එතැන් පටන් මහා පරිමාණයෙන් මේය නිපදවීම ඇරඹුණා. වසර 1965 පටන් Musicassettes හෝ M.C ලෙස හඳුන්වනු ලැබූ පෙර පටිගතකල ගීත ඇතුලත් කැසට් පට යුරෝපයට නිකුත් වීම ඇරඹුණා. පිලිප්ස් සමාගමට අනුබද්ධ සමාගමක් වන Mercury Record Company සමාගම විසින් මුලින්ම මේවා වෙළඳ පොළට ඉදිරිපත් කලා. 1964 දී හඳුන්වා දුන් Norelco Carry-Corder 150 යනු මිලියන ගණනින් ඇමරිකාවේ අලෙවි වූ පිලිප්ස් සමාගමේ කැසට් පට යන්ත්‍රයකි. සෝනි සමාගම හඳුන්වා දුන් වෝක්මන් ප්ලෙයරය එකල විශේෂයෙන් තරුණ පරම්පරාව අතර මහත් ජනප්‍රියතාවට පත් වුණේ ගමනේ යන අතරතුර කැසට් පට වලට සවන්දීමටත්, එක් බොත්තමක් එබීමෙන් පමණක් හඬ පටිගත කිරීමටත් හැකිවීම නිසාය.

ලංකාවට හඳුන්වාදීම
                       ශ්‍රී ලංකාවට මුලින්ම කැසට් පට හඳුන්වාදෙනු ලැබුවේ වසර 1977 දී විජය රාමනායක මහතා විසිනි. ඔහු ප්‍රසිද්ධ චිත්‍රපට හා ගීත රචකයකු, ජනමාධ්‍ය වේදියකු මෙන්ම කතෲවරයෙකුද වන අතර චිත්‍රපට හා ගීත නිෂ්පාදනය කරන තරංඟා ආයතනයේ නිර්මාතෲ ද වෙයි. Anytime - Anywhere නමින් ඔහු ඉදිරිපත් කල මුල්ම කැසට් පටය මිල්ටන් මල්ලව ආරච්චි මහතා ගැයූවකි.  එකල මහත්සේ ජන්ප්‍රිය වූ හඳුන්වාදීම  ලාංකීය සංගීත ක්ෂේත්‍රයටද හැරවුම් ලක්ෂයක් වුණි.

කඩාවැටීම
                            නැතිවීම අනෙක් ඒවාට මෙන්ම කැසට් පට වලටද පොදුය. දශක ගණනක් සංගීත ලෝකයට ඉමහත් මෙහෙයක් කල කැසට් පටයේ බැසයාම වසර 1980 සිට ඇරඹිනි. යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ වෙළඳාම සීග්‍ර ලෙස වැටීමට පටන්ගෙන තිබුණි. එයට ප්‍රධාන හේතුව වී තිබුණේ සං‍යුක්ත තැටියේ (CD) ආගමනයයි. ඒවා කැසට් වලට වඩා උසස් ප්‍රමිතියෙන්, වැඩි මතක ධාරිතාවකින් හා මිලෙන් අඩුවිය.1993 වන විට කැසට් වාදක වෙළඳාම 7% කින් පහල වැටිනි. 2001 වන විට සංගීත ක්ෂේත්‍රයේ කැසට් පට භාවිතය 5% විය. වසර 2002 දී ඇමරිකාවේ සංගීත නිෂ්පාදන සමාගම් කැසට්පට වලට ගීත ඇතුලත් කිරීම නවතා දැමීය. ඒ අනුව මේ නිපැයුමට අත්වී ඇත්තේ අකල් මරණයක් නොව ස්වාභාවික මරණයකි.කෙසේ නමුත් තවමත් ලෝකයේ කැසට් පට නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නැවතී නැත.

September 5, 2019

ජපාන පන්සලේ රොබෝ හාමුදුරුවෝ

                                        මේ ලිපියත් ටිකක් අමුතුයි තමයි. මොන වැඩේ කරන්න රොබෝලා ගත්තත් ආගමික වැඩ වලට, පූජකයන් විදිහට රොබෝවක් ගන්න එක නම් ගොඩක්ම අමුතු වැඩක්. ඔන්න ඒ අමුතු වැඩේ ජපානෙ පන්සලක කරලා තියෙනවා. මේ බණ කියන රොබෝ හාමුදුරු කෙනෙකු ගැනයි.
boingboing.net
                       ජපානයේ අවුරුදු 400 ක් පැරණි Kodaiji කියන ජපාන පන්සලේ තමයි මේ රොබෝ ඉන්නෙ. මේ රොබෝ ගැන කියන ජපාන පන්සලේ ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන විදිහට, රොබෝ වරු මිය නොයන නිසා කාලයක් පුරාවට එකතු කරගන්නා දැනුමද උපයෝගී කරගනිමින් මිනිසුන් උදෙසා බණ දේශනා කල හැකි බවයි. තවද දවසක කෘතිම බුද්ධිය දිනක මිනිස් මොළය හා සමවන තත්වයට පත්වන දිනයක් එළබේවී යයිද උන්වහන්සේ අපේක්ෂා කරයි.
japantimes.co.jp
                          මේ රොබෝවරයාගේ මුහුණ, අත්වල කොටස් හා පපු පෙදස පමණක් මිනිස් සමාන සිලිකන් සමකින් ආවරණය කර තිබේ. අනෙක් කොටස් පිටටත පෙණෙන ලෙස තිබේ. මානව රූපී රොබොවක් ලෙස නිර්මාණය කර තිබෙන මෙහි ඇත්තේ ශරීරයේ උඩ කොටස පමණයි. රොබෝව කතා කරන විට අත්, ඇස්, මුහුණ සෙලවෙයි. රොබෝවේ කටහඬ ඉතා මිහිරි ශාන්ත බාවයකින් යුක්තවේ. එයින් සැබෑ ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ හැඩයම ලබා ගැනීමට උත්සහ කර ඇත. මේ ව්‍යාපෘතියට වැයවෙන මුදල ඩොලර් මිලියන 1 ක් පමණ බවයි පැවසෙන්නෙ.
                                  මේ රොබෝව සෑදීමේ තවත් අරමුණක් වන්නේ තරුණ පිරිස ආගම කෙරෙහි නැඹුරු කිරීමයි. එනම් තරුණ පරම්පරාව පන්සල යනු මලගෙදරට හා මගුල්ගෙදරට පමණක් යන්න සිතින් බැහැර කිරීමයි. ජපන්, ඉංග්‍රීසි හා චීන භාෂාවන්ගෙන් සූත්‍ර හා බුදු දහමේ ඉගැන්වීම් විදේශිකයන්ට පවා දේශනා කිරීමට රොබෝවට හැකිය. සමහරු නම් මේ වැඩේට එච්චරම කැමැත්තක් නැත. එහෙත් එහි ස්වාමීන් වහන්සේ පවසන්නේ බුදුන් වහන්සේ දේශනා කරන ලද දහම කවුරුන් විසින් කුමන ආකාරයකට නැවත ලබාදෙන්නේද යන්න ගැටලුවක් නොවන බවයි.

එකතුවෙන්න...

 
         
 

tech එකේ ඉන්න අය

Contact Form

Name

Email *

Message *

ජනප්‍රිය ලිපි

ආව ගිය අය

page visitor counter

ලිපි කියවා ඇති ගණන

tech සයුර Copyright © 2014 - All rights reserved.