ජපාන පන්සලේ රොබෝ හාමුදුරුවෝ

                                        මේ ලිපියත් ටිකක් අමුතුයි තමයි. මොන වැඩේ කරන්න රොබෝලා ගත්තත් ආගමික වැඩ වලට, පූජකයන් විදිහට රොබෝවක් ගන්න එක නම් ගොඩක්ම අමුතු වැඩක්. ඔන්න ඒ අමුතු වැඩේ ජපානෙ පන්සලක කරලා තියෙනවා. මේ බණ කියන රොබෝ හාමුදුරු කෙනෙකු ගැනයි.
boingboing.net
                       ජපානයේ අවුරුදු 400 ක් පැරණි Kodaiji කියන ජපාන පන්සලේ තමයි මේ රොබෝ ඉන්නෙ. මේ රොබෝ ගැන කියන ජපාන පන්සලේ ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන විදිහට, රොබෝ වරු මිය නොයන නිසා කාලයක් පුරාවට එකතු කරගන්නා දැනුමද උපයෝගී කරගනිමින් මිනිසුන් උදෙසා බණ දේශනා කල හැකි බවයි. තවද දවසක කෘතිම බුද්ධිය දිනක මිනිස් මොළය හා සමවන තත්වයට පත්වන දිනයක් එළබේවී යයිද උන්වහන්සේ අපේක්ෂා කරයි.
japantimes.co.jp
                          මේ රොබෝවරයාගේ මුහුණ, අත්වල කොටස් හා පපු පෙදස පමණක් මිනිස් සමාන සිලිකන් සමකින් ආවරණය කර තිබේ. අනෙක් කොටස් පිටටත පෙණෙන ලෙස තිබේ. මානව රූපී රොබොවක් ලෙස නිර්මාණය කර තිබෙන මෙහි ඇත්තේ ශරීරයේ උඩ කොටස පමණයි. රොබෝව කතා කරන විට අත්, ඇස්, මුහුණ සෙලවෙයි. රොබෝවේ කටහඬ ඉතා මිහිරි ශාන්ත බාවයකින් යුක්තවේ. එයින් සැබෑ ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ හැඩයම ලබා ගැනීමට උත්සහ කර ඇත. මේ ව්‍යාපෘතියට වැයවෙන මුදල ඩොලර් මිලියන 1 ක් පමණ බවයි පැවසෙන්නෙ.
                                  මේ රොබෝව සෑදීමේ තවත් අරමුණක් වන්නේ තරුණ පිරිස ආගම කෙරෙහි නැඹුරු කිරීමයි. එනම් තරුණ පරම්පරාව පන්සල යනු මලගෙදරට හා මගුල්ගෙදරට පමණක් යන්න සිතින් බැහැර කිරීමයි. ජපන්, ඉංග්‍රීසි හා චීන භාෂාවන්ගෙන් සූත්‍ර හා බුදු දහමේ ඉගැන්වීම් විදේශිකයන්ට පවා දේශනා කිරීමට රොබෝවට හැකිය. සමහරු නම් මේ වැඩේට එච්චරම කැමැත්තක් නැත. එහෙත් එහි ස්වාමීන් වහන්සේ පවසන්නේ බුදුන් වහන්සේ දේශනා කරන ලද දහම කවුරුන් විසින් කුමන ආකාරයකට නැවත ලබාදෙන්නේද යන්න ගැටලුවක් නොවන බවයි.

10 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. ඔබේ ලිපියත් පෙන්වා දෙන විසිතුරු පුවතත් අමුතුයි! සුන්දරයි!! ස්තුතියි!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඔබේ දිරි ගැන්වීමට...!

      Delete
  2. ඒකනං මරු. ඒත් ටික කාලයක් යනකොට රෝබෝ හාමුදුරුවරුත් මිනිස් හාමුදුරුවරුන්ගෙ වැඩ පුරුදු වෙයිද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙයිද ඒකෙ අනික් පැත්ත වෙයිද දන්නෙ නෑ අයියා!! හැක්!

      Delete
  3. රොබෝ හිාමුදුරුකෙනෙක් හැදිම නම් පොඩි වැඩක්.
    ඒත් රොබෝ මහන කෙනෙක් හැදීමට තාම කාටවත් පුළුවන් වෙලා නෑ.

    ReplyDelete
    Replies
    1. @Jagath Pathirana
      ඔව්. ඒකයි කෘතිම බුද්ධිය මිනිස් මොළය හා සමාන වන දිනයක් වෙනකම් හැමෝම බලන් ඉන්නෙ.

      Delete
  4. මහන්න තියා ඉඳිකට්ටක් අමුණන්න පුළුවන් රොබෝ කෙනෙක් ඉන්නවද නේද?

    ReplyDelete
  5. niyami bro.............. jaya wewa...

    ReplyDelete
Previous Post Next Post

Recent Post

Features