November 6, 2020

සිංහල යුනිකෝඩ් සිංහල ෆොන්ට් වලට කන්වර්ට් කරමු

          කොවිඩ්-19 වයිරසය පැතිරීමත් එක්ක පාසල් වගේම සමහර විශ්ව විද්‍යාල වසා දමලා. ඒ නිසා බොහොමයක් අධ්‍ය‍යන කටයුතු ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ සිදුකරන්න වෙලා තියෙනවා. ඒ නිසා ෆෝන් එකෙන් වගේම පරිගණකයත් විවිධ වාර්ථා, පැවරුම් ටයිප් කරගන්න යොදා ගන්න වෙනවා.
            ඒ වෙලාවට තරමක ලොකු වාර්ථාවක් හරි, පැවරුමක් හරි ටයිප් කරගන්න ෆෝන් එකේ වොයිස් ටයිපින් (හෙළකුරු වගේ ඇප් එකකින්) භාවිත කරන්න පුළුවන්. ඒත් එහෙම ටයිප් කරන ටෙක්ස්ට් එකක් වෙනින් සිංහල ෆොන්ට් එකකට වෙනස් කරගන්න බෑ. ඒකට හේතුව මේ ටෙක්ස්ට් එක තියෙන්නෙ යුනිකෝඩ් විදිහට. ඉතිං ඒ වගේ සිංහල යුනිකෝඩ් වලින් ටයිප් කරපු ටෙක්ස්ට් එකක් සිංහල ෆොන්ට් වලට පරිවර්ථනය කරන්නෙ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා.

November 4, 2020

කී බෝඩ් එකේ එන කොම්පියුටරය - Raspberry Pi 400

                 පරිගණකයක් කිව්වම ඉස්සර දැකපු පැත්තකින් තියෙන පෙට්ටියක් හැඩේ සිස්ටම් යුනිට් එකයි, තඩි මොනිටරයක් එක්ක කීබෝඩ්, මවුස් අමුණපු ඒ පෙනුම දැන් සෑහෙන්න දුරකට වෙනස් වෙලා. 

raspberrypi.org

           Raspberry Pi කියන ක්‍රෙඩිඩ් කාඩ් එකක් තරම් කුඩා පරිගණකයක් හදන Raspberry Pi Foundation එක ගැන සමහර විට දන්නවත් ඇති. Raspberry Pi කියන්නෙ ARM චිප් එකක් එක්ක (SoC - System On Chip) එන කුඩා පරිගණක මොඩියුලයක්. ගොඩක් වෙලාවට මේක ගන්නෙ IoT, Robotics වගේ project වලටමීට කාලෙකට කලින් Raspberry Pi Foundation විසින් Raspberry Pi 4 උපාංගය හඳුන්වා දුන්නා. ඒක කලින් තිබුණු බෝඩ් වලට වඩා අලුත් දෘඩාංඟ යොදාගෙන තිබුණත් පෙණුමෙන් වෙනසක් වෙලා තිබුණෙ නෑ. ඒත් මේ අවුරුද්දෙ හඳුන්වා දුන්නු Raspberry Pi 400 එක වෙනස්ම විදිහට තමයි හදලා තියෙන්නෙ. වෙනස තමයි කීබෝඩ් එකක් වෙනම එනවා වෙනුවට කී බෝඩ් එක අස්සෙම එන කොම්පියුටරයක්! වැඩ කරන්න ඕනි වෙන්නෙ මවුස් එකක් එක්ක ඩිස්ප්ලේ එකක් විතරයි.

raspberrypi.org

        Raspberry Pi 400 එකට 1.8GHz ARM Cortex-A72 CPU එකක්, 4GB RAM එකක් Gigabit Ethernet, Bluetooth 5.0 හා 802.11ac Wi-Fi සබඳතාවයක් තියෙනවා. ඊට අමතරව 4K/60Hz HDMI පෝර්ට් දෙකක් USB 3.0 පෝර්ට් දෙකක් හා USB 2.0 පෝර්ට් එකක් ඇතුලත් වෙනවා. ක්‍රියාත්මක වෙන්න ඕනි බලය ලබා දෙන්න USB-C පෝර්ට් එකක්, Data Store කරන්න microSD කාඩ් ස්ලොට් එකක් වගේම GPIO header එකක් කලින් සංස්කරණ වල තිබුණු විදිහට ඇතුලත් වෙලා තියෙනවා. ඒත් එක්කම මේකට එන කී බෝඩ් එක සාමාන්‍ය ලැප්ටොප් වලට එන key 78-79 තියෙන කීබෝර්ඩ් එකක්. මේක Raspberry Pi Foundation කලින් නිකුත් කරපු කී බෝඩ් එකට බොහෝ දුරට සමානයි.

        කුඩා දරුවන්ට වගේම IoT, Robotics වැඩ කරන අයට Raspberry Pi කියන්නෙ හොඳ platform එකක්. Arduino හරි microBit හරි යොදාගෙන කරන නිර්මාණ වලට වඩා තරමක් සංකීර්ණ වැඩසටහන් හදන්න Raspberry Pi එක වඩාත් සුදුසුයි. කලින් තිබුණු Raspberry Pi 4 වගේ බෝඩ් වලදි තිබුණු පරිපථ කොටසක් වෙනුවට මේ වගේ කීබෝඩ් එකක් එක්ක එන අලුත් Raspberry Pi 400 එක නිසා ඕනෑම කෙනෙකුට පහසුවෙන් එහා මෙහා ගෙනයන්නත්, පහසුවෙන් වැඩ කටයුතු කරන්නත් හැකියාව ලැබෙනවා. 

makeuseof.com

        Raspberry Pi Foundation කියන විදිහට මේ Raspberry Pi 400 එක හුදෙක් නිර්මාණ කටයුතු වලට පමණක් නොව call center වැනි ස්ථාන වලද භාවිතා කල හැකි බවයි. HDMI පෝර්ට් දෙකක් සහිතව මෙය නිර්මාණය කිරීමට හේතුව ද එය බවයි ඔවුන් පවසන්නේ. ඇත්තෙන්ම මහා පරිමාණයේ වැඩ නොකරන Word Processing , Web browsing , E-mailing වගේ එදිනෙදා වැඩකටයුතු පමණක් සිදුකරන කෙනෙකුට Raspberry Pi 400 යනු ඉතාම සුදුසු පරිගණකයක්. Raspberry Pi 400 හි ආරම්භක මිල $70 වන අතර, අමතර උපාංඟ සමග $100 පමණ මිලකට ලබාගත හැකිය.

November 2, 2020

වින්ඩෝස් පාටිශන් එක හරියට Clean-Up කරන්නෙ මෙහෙමයි

            වින්ඩෝස් ඕඑස් එක තියෙන ලැප්ටොප් එකක් හරි ඩෙස්ක්ටොප් එකක් හරි කාලයක් වැඩ කරන කොට මන්දගාමී වෙනවා. මෙහෙම මන්දගාමී වෙන්න එක හේතුවක් තමයි C: පාටිශන්  නැත්නම් වින්ඩෝස් ඉන්ස්ටෝල් කරලා තියෙන ඩිස්ක් එකේ ඉඩ අඩු වෙන එක. ඒත් වැඩිය සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරන්නෙත් නැතුව මෙහෙම අනවශ්‍ය විදිහට ඩිස්ක් එක පිරෙන්න ඕඑස් එකම බලපාන්න පුළුවන්. ඉතිං ඒ වගේ ඕඑස් එකෙන් ජෙනරේට් වෙන ෆයිල් අයින් කරලා ඩිස්ක් එක Clean-Up කරන හැටි මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්.
👉👉මේ වගේ අලුත් වීඩියෝ බලන්න tech සයුර you tube channel එක subscribe කරලා තියාගන්න.👈👈

Follow us...

 
         
 

tech Followers

Contact Form

Name

Email *

Message *

ජනප්‍රිය ලිපි

ලිපි එකතුව

ආව ගිය අය

page visitor counter

ලිපි කියවා ඇති ගණන

tech සයුර Copyright © 2014 - All rights reserved.