October 27, 2014

සබ් වූෆර් එකක් හදමුද?

         සමහර අය කැමතියිනෙ තමාගෙ අතින්ම හදපු සවුන්ඩ් සිස්ටම් එකක් පාවිච්චි කරන්න. ඒක හින්දා මම හිතුවා සබ් වූෆර් එකක daigram  එකක් දෙන්න.දැන් ගොඩක් අය ගන්න සබ් එකක් තමයි මයික්‍රෝලැබ්  (Microlab M200) කියන්නේමේ තියෙන්නේ ඒකෙ daigram එක කැමති කෙනෙකුට හදාගන්න පුලුවන්.
       මේකෙ බේස් ස්පීකර් එක ලී පෙට්ටියක් හදලා (පහල තියෙනව වගේ..) ඒකෙ සවි කර ගන්න.
මෙතනින් diagram එකේ PDFඑක බා ගන්න....

October 26, 2014

වින්ඩෝස් ස්ටෙප් රෙකෝඩර්

       වින්ඩෝස් වල අපි භාවිතයට නොගන්නා සැඟවිච්ච සොෆ්ට්වෙයා තියෙනවා. ගොඩක් අය මේව ගැන දන්නෙ නෑ. එක වැඩක් කරන්න ගොඩක් දඟලන්නෙ නැතිව ඒ වැඩේ පහසුවටත් ඉක්මනටත් කරන්න මේ සොෆ්ට්වෙයා උදව් කරගන්න පුලුවන්. මේ ගොඩක් ඒවා වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන කොටම ලැබෙන ඒවා. ඒවගේ පුංචි සොෆ්ට්වෙයා එකක් තමයි "ස්ටෙප් රෙකෝඩර්"(Step Recoder) කියන්නේ.
අපි මොකක් හරි කොම්පියුටරෙන් කරන වැඩක් කරන විදිහ පින්තූර (Screen Captures) විදිහට පියවරෙන් පියවර ගන්න ඕනි උනාම කරන්නේ කී බෝඩ් එකේ Print Screen බට්න් එක පාවිච්චි කරන එක හරි Snipin Tool එක ගන්න එක හරි නේ. ඒත් ඒක ටිකක් අවුල්... මොකද ගත්තු ඒවා ක්ලික් කරන තැන් එහෙම ආයිමත් හයිලයිට් කරන්න එහෙමෙ ගියාම වැඩේ ටිකක් එපා වෙනවා... මේ සොෆ්ට්වෙයා එකෙන් ඒක නැති වේවි..
මුලින්ම ස්ටාර්ට් මෙනුවට ගිහින් "Step Recoder"  කියලා ටයිප් කරන්න. එතකොට පහල තියෙන රූපයෙ වගේ අයිකන් එකක් තියෙන ප්‍රෝග්‍රෑම් එකක් පෙන්නයි. ඒක ක්ලික් කරන්න. 
     දැන් පහල තියන වින්ඩෝ එක මතුවෙයි. ඒකෙ තියෙන start recoding බට්න් එක ක්ලික් කරන්න. 
   දැන් කරන හැම වැඩකම ක්ලික් කරන තැන් ටයිප් කරන තැන් ස්ක්‍රීන් ෂොට් විදිහට මේකෙන් රෙකෝඩ් වෙනවා. උදාහරණයක් විදිහට මම paint එක ඕපන් කරලා ඒකට පින්තූරයක් ඇඩ් කරන එක රෙකෝඩ් කරා. රෙකෝඩ් කරලා ඉවර වුනාම "Stop recoding" බට්න් එක ක්ලික් කරන්න. දැන් කරපු හැම වැඩකම රූප මේකෙ තියෙනවා. 
      ඒ විතරක් නෙවෙයි පහලම තියෙනවා රූප එකින් එකට අදාල වෙලාව වගෙ ගොඩක් විස්තර. 
     ඕනි නම් මේක සිප්(zip) ෆයිල් එකක් විදිහට සේව් කර ගන්නත් පුලුවන්. ඊට පස්සෙ ඒක ඉන්ටනෙට් එක්ස්ප්ලොරර් එකෙන් ඔපන් කරලා බලන්න පුලුවන්.
මොකක් හරි සොෆ්ට්වෙයා එකකින් වැඩ කරන හැටි හරි වෙනින් මොකක හරි වැඩක් කරන හැටි තව කෙනෙක්ට කියල දෙන්න මේක නියමයි..

October 19, 2014

සිංහල යුනිකෝඩ් ලිවීමට සහය වන ටූල්ස්...

මේ  පෝස්ට් එකෙන් කියන්නෙ සිංහල යුනිකෝඩ් පහසුවෙන් ටයිප් කරන්න පුලුවන් ටූල් කිහිපයක් ගැන.
සිංග්‍රීසි යුනිකෝඩ්
 http://bit.ly/1DoBpaJකියන වෙබ් සයිට් එකෙන් මේ සොෆ්ට්වෙයා ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. සිංහල යුනිකෝඩ් ටයිප් කරන ගොඩක් අය මේ සොෆ්ට්වෙයා එක පාවිච්චි කරනවා. මේකෙ සිංග්‍රීසි වලින් ටයිප් කරනකොට ඒක සිංහල යුනිකෝඩ් වලට පරිවර්ථනය වෙනවා. විශේෂත්වය මේක පෝටබල් සොෆ්ට්වෙයාර් එකක්. ඒ කියන්නෙ මේකෙ වැඩ කරන්න ඉන්ස්ටෝල් කරන්න ඕනි නෑ.ඒ වගේම අවශ්‍ය ආකාරයට ටයිප් කිරීම අතරතුර ඉංග්‍රීසි වචන යොදා ගැනීමට ද පුලුවන්.වින්ඩෝස් එක්ස්පී වලට නම් මේක වැඩකරන්න .NET Freamework එක ඕනි වෙනවා. වින් 7,8 වල හොඳට වැඩ.
ගූල් ඉන්පුට් ටූල්
මේ සොෆ්ට්වෙයා එක දෙන්නෙ ගූගල් එකෙන්. මේ සොෆ්ට්වෙයා එකෙන් අපිට ඕනිම තැනක ටයිප් කරනකොට ඒක යුනිකෝඩ් විදිහට ටයිප් කරනන පුලුවන්.කරන්න තියෙන්නෙ සිංහල වචනයෙ ශබ්ධය ටයිප් කරන එක විතරයි. මේකෙ තියෙන තව පහසුකමක් තමයි වචනයක් ටයිප් කරන කොට ඊට අනුමාන වචන ඩ්‍රොප් ඩවුන් මෙනුවකින් පහලට දිග හැරීම. ඒකෙන වේගයෙන් වචන ටයිප් කරන්න පහසු වෙනවා.
UCSC යුනිකෝඩ්
කොළඹ විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවියෙන් තමයි මේ පහසුකම ලබා දෙන්නෙ. http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/ කියන වෙබ් පි‍ටුවට ගියාම අපට අවශ්‍ය වන යෙදුම් ගණනාවක් ම තියෙනවා. සිංහල යුනිකෝඩ් ටයිප් කරන්න වගේම යුනිකෝඩ් වලින් ටයිප් කරපු වචන විවිධ ෆොන්ට් වලට පරිවර්ථනය කරගන්නත් මේ වෙබ් පි‍ටුවෙන් පුලුවන්. තවත් වැදගත් දෙයක් තමයි මේ යුනිකෝඩ් ටයිප් කරන වෙබ් පි‍ටුව අපේ කොම්පියුටරේ සේව් කරගෙන ඉන්ටනෙට් නැතුව උනත් වැඩ කරන්න පුලුවන්.
පැන්සල 
මේකත් අපේ ලාංකික නිර්මාණයක්.මේ සොෆ්ට්වෙයා එකෙනුත් sms විදිහට නැත්නම් සිංග්‍රීසි ඉදිහට සිංහල ටයිප් කරන්න පුලුවන්. මේක බොහෝ සොෆ්ට්වෙයා එක්ක හොඳින් වැඩකරනවා. පැන්සල වෙබ් අඩ්වියෙන් මේ සොෆ්ට්වෙයා එක නොමිලේ ගන්න පුලුවන්.

October 13, 2014

පරිගණකයෙන් රේඩියෝ අහමු...

            මේ කියන්න යන්නේ අපේ කොම්පියුටරෙන් රේඩියෝ අහන්න වගේම රෙකෝඩ් කරන්න පුලුවන් ක්‍රමයක් ගැන. මුලින්ම කියන්න ඕනි මේකට ඉන්ටනෙට් ඕනි වෙන්නෙ නෑ. ඇනලොග් ඕඩියෝ පෝට් එක (හෙඩ් ෆෝන් එක සම්බන්ධ කරන්න තියෙන පෝර්ට් එක) තියෙන රේඩියෝ එකක් තියෙනවනම් ඇති. ඒ කියන්නේ පොකට් රේඩියෝවක් හරි  රේඩියෝ තියෙන මොබයිල් ෆෝන් එකක් උනත් අවුලක් නෑ..
හරි.. මුලින්ම කරන්න ඕනි ඇනලොග් ඕඩියෝ කේබල් එකක් හොයා ගන්න එක මේ කේබල් එක දෙපැත්තෙම තියෙන්නේ ඕඩියෝ ජැක්. පහල රූපය දැක්කම හරියටම තේරෙයි මොකද්ද කියලා. මේ කේබල් එකක් පහසුවෙන් ඉලෙක්ට්‍රොනික් අමතර කොටස් අලෙවි කරන් තැනකින් ගන්න පුලුවන්. එහෙමත් නැත්තන් ඕඩියෝ ජැක් 2ක් අරගෙන ඒවා වයර් වලින් සම්බන්ද කරලත් මේ කේබල් එක හදාගන්න පුලුවන්.
දැන් කරන්න තියෙන්නේ කේබල් එකේ එක කෙලවරක් රේඩියෝවටත් අනෙක් කෙලවර කොම්පියුටරේ ඕඩියෝ ඉන්පුට් එකටත්(Audio in) එකටත් සම්බන්ද කරන එක. ඕඩියෝ ඉන්පුට් එක ගොඩක් වෙලාවට කේසින් එකේ පිටිපස්සේ තමයි තියෙන්නේ. ගොඩක් වෙලාවට ලා නිල් පාට පෝට් එකක්. රේඩියෝ එක ඔන් කරලා (වොලියුම් එක ටිකක් අඩු කරලා) Start-> Control Panel -> Hardware and Sound කියන බට්න් එක ක්ලික් කරන්න. 
      දැන් එන වින්ඩෝ එකේ Sound යටතේ තියෙන Manage audio devices කියන ලින්ක් එක ක්ලික් කරන්න. 
    දැන් මතුවෙන Sound වින්ඩෝ එකේ Recoding ටැබ් එක ක්ලික් කරලා ඒකෙ තියෙන Line in සිලෙක්ට් කරලා Properties බට්න් එක ක්ලික් කරන්න. දැන් Line in properties වින්ඩෝ එකේ Listen ටැබ් එක ක්ලික් කරන්න. එතන පහල තියෙන Listen to this device කියන එකට හරි ලකුණ දාන්න. Apply කරලා OK කරන්න. දැන් වැඩේ හරි! 

හඬ මදි නම් පොකට් රේඩියෝ එකේ සද්දෙ ටිකක් වැඩි කරන්න නැත්තන්  Listen to this device වින්ඩෝ එකේ Level ටැබ් එක ක්ලික් කරලා ඒකෙන් වොලියුම් හදාගන්න. හැබැයි වැඩි සද්දයක් ගන්න කියලා රේඩියෝ එකේ සද්දෙ උපරිම කරන්න එහෙමනම් එපා! එහෙම කලොත් කොම්පියුටරේ මදර්බෝඩ් එකටත් හානි වෙන්න පුලුවන්...! අලුත් පෝස්ට් එකකින් හමුවෙමු....

October 9, 2014

LED එකක් 1.5V දල්වමු

   මේ circuit එකෙන් අපිට LED බල්බ් එකක් අවුරුද්දක් විතර 1.5 v (සාමාන්‍ය බැටරියකින්) දල්වන්න පුලුවන්. මෙකට පාවිච්චි කරලා තියෙන LM 3909 කියන IC එක විදුලි පිරිමැසුම් IC එකක්.මේ පරිපථයට යොදන 1.5v බැටරියක් සාමාන්‍යයෙන් අවු:1 විතර වැඩකරනවා. 100uf කැපෑස්ටියර් එක වෙනස් කරලා බල්බ් එක දැල්වෙන කාලය වෙනස් කරගන්න පුලුවන්.

October 5, 2014

ස්ටීව් ජොබ්ස් ලොවෙන් සමුගෙන අදට වසර තුනයි...


    ඔහුගේ නම ඇසූ පමණින් ඔහු කව්රුන්දැයි හැඳිනීමට කුඩා දරුවකු වුවද දනී. එතරම් ඔහු ලෝකය තුල ප්‍රසිද්ධියක් ලැබූ කීර්තිමත් පුද්ගලයෙකි.ස්ටීව් ජොබ්ස් යනු ඒ අසිරිමත් මිනිසාය.ලෝ සුපතල පරිගණක සමාගමක් වන ඇපල් සමාගම ආරම්භ කල පුද්ගලයා ඔහුය. මේ ලිපිය ලිවීමට මා අදහස් කලේ අදට එනම් ඔක්තෝම්බර් 5 වනදාට ඔහු පිළිකාවක් හේතුවෙන් මෙලොවින් සමුගෙන වසර 3 ක් පිරීම හේතුවෙනි.
ස්ටීව් ජොබ්ස් "Homestead High School" හි ඔහුගේ ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කර තිබේ, ඉන්පසු ඔහු "Reed College"(පලමු උපාධිය පිරිනමන ආයතනයකි) ට ඇතුලත් වන අතර මුදල් අපහසුතා නිසා මාස හයකින් පසු ඔහු ඉගෙනගනිමින් සිටි විෂයන් අත හැර විෂයන් හැදෑරීම ආරම්භ කරනවා.නව නිර්මාණ කිරීමේ උපන් හපන් කමක් ස්ටීව් හට තිබුණි. ඔහු සතු 338 පමණ වූ පේට්න් බලපත්‍ර ඊට හොඳම සාක්ෂියයි. එදා මෙදා තුර බිහිවූ හොඳම පරිගණක උපාංග සමාගම බිහි කරමින් සිය සමාගමේ ආදර්ශ පාඨයෙන්ම ලොවට වෙනස්ව සිතීමට පෙළඹීය ("Think Different"). ඩෙස්ක්ටොප් පරිගණකයට ආවේණික හැඩය ලබා දෙමින් මැකින්ටෝෂ් පරිගණකය නිපදවීම, ලැප්ටොප් පරිගණකය සිහින් හුරුබුහුටි උපකරණයක් බවට පත් කිරීම (Mac Book Air), එදිනෙදා වැඩ පහසු කිරීමට ජංගම පරිගණක උපාංගයක් ලෙස අයි ෆෝන් (iPhone) ස්මාට් ෆෝනය ලොවට හඳුන්වදීම වැනි පරිගණක ලෝකයට අමතක නොවන නිමැවුම් බිහිකිරීම පමණක් නොව ඩිජිටල් පුරුදු ඇති කිරීමටද මේ අසිරිමත් පුද්ගලයා සමත් විය. එපමණක් නොව ලොව උසස් ඝණයේ ඇනිමේෂන් චිත්‍ර පටි නිපදවූ පික්සාර් (Pixar) සමාගමද ස්ටීව් ගේ අධීක්ෂණය යටතේ තිබිණි.

ව්‍යාපාර කටයුතු පමණක් නොව ඔහුගේ ජීවිතයෙන් ද ලබා ගත හැකි ආදර්ශ රාශියකි. ස්ටීව් පාසල් යන කාලයේදීම Hp සමාගමේ ‍රැකියාවක් කල අයෙකි. දෙමාපියන් හට බරක් නොවී තම ශක්තියෙන් ව්‍යාපාරයක් ඇරඹීමට සිතූ ඔහු සිය මිතුරෙකු වූ ස්ටීවු වොසිනියැක් සමග එක්ව ඇපල් සමාගම ඇරඹීය. රෝගාතුර වී වැඩ කිරීමට නොහැකි වන තුරුම ඔහු සිය සමාගම දියුණු කිරීමට වෙහෙස නොබලා කටයුතු කලේය. ඇපල් සමාගම ලැබූ සීග්‍ර දියුණුවට එය ඝෘජුවම බලපෑවේය. 
             තවත් අනගි නව නිපැයුම් ලොවට බිහිවීමට තිබූ අවස්ථා නැති කරමින් 2011 ඔක්තෝබර් 5 වන දා මෙලොවින් සදහටම සමුගත්තේය. එම සමු ගැනීමෙන් වසර 3ක් පිරෙන අද දිනයේදී ඇපල් සමාගමේ ප්‍රධාන විධායක ටීම් කුක් හා වෙනත් පිරිස් සිය අදහස් පල කරමින් පණිවිඩ නිකුත් කලේය...

October 4, 2014

ඉලෙක්ට්‍රොනික් පරිපථ නිර්මාණයට Proteus

    මේ ලිපිය ගොඩක්ම වැදගත් වෙන්නෙ ඉලෙක්ට්‍රොනික් විද්‍යාවට ඇල්මක් දක්වන අයටයි. අපි සාමාන්‍යයෙන් පරිපථයක් නිවැරදිව ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න ඒක අඩුම තරමෙ ප්‍රොජෙක්ට් බෝඩ් එකක් මත හෝ සෑදිය යුතු වෙනවා. නමුත් මේ පරිපථයේ ක්‍රියාකාරිත්වය අපිට පරිගණකයෙන් ක්‍රියාත්මක කොට බලන්න පුලුවන් විශේෂ මෘදුකාංඟ (Simulation Software) වර්ග තියෙනවා. ප්‍රෝටියස් කියන්නේ ඒ වගේ මෘදුකාංගයක්.

වෙනත් මෘදුකාංඟ සමග ගැනීමේදී ප්‍රෝටියස් සමග වැඩ කිරීම ඉතා පහසුයි. ඉලෙක්ට්‍රොනික් ක්ෂේත්‍රයේ සිටින බොහෝ දෙනා ප්‍රෝටියස් භාවිතා කරන්නේ ඒ නිසයි.ප්‍රෝටියස් මඟින් පරිපථ ඇඳීමටත්,ඒවා පරික්ෂා කර දෝෂ සමනය කිරීම වගේම එහි මුද්‍රිත පරිපථය(PCB) නිර්මාණය කිරීමේ හැකියාවත් පවතිනවා. ඒ වගේම මෘදුකාංගයට ආධුනිකයන්ට ලබා ගැනීමට ආදර්ශ පරිපථත් මෙහි ඇතුලත් වෙනවා. පරිපථ නිර්මාණයට අවශ්‍ය නොයෙක් වර්ගයේ IC, Microcontroles හා වෙනත් උපකරණ විශාල ප්‍රමාණයක් මෙහි ඇතුලත්. මෙහි අත්හදා බැලීමේ සංස්කරණයක් ප්‍රෝටියස් හි වෙබ් අඩවියෙන් ලබාගැනීමට පුලුවන්.

October 3, 2014

වින්ඩෝස් 10!

        දැන් සමහරවිට ඔයාලා දන්නවත් ඇති මයික්‍රෝසොෆ්ට් එක කරපු මේ පුදුම සහගත එලි දැක්වීම ගැන. ගොඩක් අය හිතාගෙන හිටියේ ඊළඟ වින්ඩෝස් OS එක වින්ඩෝස් 9 වේවි කියලා. මමත් එහෙමයි හිතා ගෙන හිටියෙ එහෙමයි.
මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් වින්ඩෝස් 10 ඉදිරිපත් කලේ පසුගිය සැප්තැම්බර් 30 වෙනිදා. එහිදී ඔව්න් විසින් මේ නවතම මෙහෙයුම් පද්ධතියේ අත්හදා බැලීමේ සංස්කරණයක් ක්‍රියාත්මක කොට පෙන්වීය. එහිදී පෙනී ගිය ප්‍රධානම දෙය වන්නේ ස්ටාට් මෙනුවයි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියෙන් වැඩ ගන්නා අය එදා පටන් පුරුදු වී සිටියේ ස්ටාට් මෙනුව හා ස්ටාට් බට්න් එක වෙතයි. එහෙත් වින්ඩෝස් 8 ආවේ ස්ටාර්ට් බට්න් එක නොමැතිව වෙනමම ආකාරයේ ස්ටාට් මෙනුවක් සමගිනි. එමගින් මෙහෙයුම් පද්ධතිය ජනයාට සමීප කිරීමට මයික්‍රෝසොෆ්ට් සමාගම අපේක්ෂා කලත් එයට හොඳ ප්‍රතිචාර වලට වඩා නැගුනේ නරක ප්‍රතිචාරයි.ඒ හේතුවෙන් වින්ඩෝස් 8 වෙත සෙනග ඇදුනේ සෙමිනි.එයට විසඳුමක් ලෙස වින්ඩෝස් 8.1 ආවේය .වින්ඩෝස් 10 සමග මේ ගැටලු විසඳී තිබේ. ඒ වින්ඩෝස් 8 සමග පැමිණි ටයිල් ඉන්ටෆේස් එක සමග සුපුරුදු ස්ටාර්ට් බට්න් එක හා මෙනුව නව ආකාරයට ලබා දීමෙනි. 
මීට අමතරව වැඩිදියුණු කල ඩෙස්ක්ටොප් එකක් මෙන්ම එකවර ඇප් කිහිපයක වැඩ පහසුවෙන් කිරීමට හැකි ලෙස දියුණු කර ඇත (Snap Assist). දැන් මේ නව මෙහෙයුම් පද්ධතියේ අත්හදා බැලීමේ සංස්කරණයක් නොමිලේ ලබාගෙන ක්‍රියාත්මක කොට බැලීමට හැකිය. කෙසේ වෙතත් බොහෝ අයගේ අදහස මේ අත්හදා බැලීමේ සංස්කරණය පරිගණකයේ ක්‍රියාත්මක කිරීම සුදුසු නොවන බවයි. එයට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ මෙහි ඇති ඇප්ස් නිවැරදිව ක්‍රියා නොකරන බවත් තවත් නොයෙක් අඩු ලුහුඬු කම් ඇති බවත්ය. මේ නිසා සුදුසුම දෙය වන්නේ වින්ඩෝස් 10  නිල සංස්කරණයක් එලිදක්වන තුරු පැරණි මෙහෙයුම් පද්ධතියකින් වැඩකිරීමයි.

එකතුවෙන්න...

 
         
 

tech එකේ ඉන්න අය

Contact Form

Name

Email *

Message *

ජනප්‍රිය ලිපි

ලිපි එකතුව

ආව ගිය අය

page visitor counter

ලිපි කියවා ඇති ගණන

tech සයුර Copyright © 2014 - All rights reserved.