IPv6 ගැන දන්නවාද?

      IPv6 යන්නෙහි දිර්ඝ තේරුම Internet Protocol version 6 යන්නයි. එනම් අන්තර්ජාලයෙ භාවිතා වන අයිපි ඇඩ්‍රස් (IP Address) ක්‍රමයේ අලුත්ම සංස්කරණයයි. මෙය හඳුන්වා දුන්නේ 2011 ජූනි 8 වැනිදායි. එයට පෙර භාවිතා කෙරුනේ 1981 දී හඳුන්වාදුන් IPv4 අයිපි ඇඩ්‍රස් ක්‍රමයයි. එය අදටත් ක්‍රියාත්මකයි. අප විසින් අන්තර්ජාලය හා සම්බන්ද කරන ඕනෑම පරිගණක , ජංගම දුරකතන හෝ වෙනත් ඕනෑම උපකරණයකට ඊට ආවේනික විශේෂිත අංකයක් තිබේ. එය අයිපි ඇඩ්‍රස් (IP Address) ලෙස හඳුන්වයි.අලුත්තින් උපාංග අන්තර්ජාලයට එක් කරන සැරයක් පාසා එයට අලුත් අයිපි ඇඩ්‍රසයක් හිමිවේ. 


      IPv4 ප්‍රොටොකෝලය 32 බිට් එකකි. එනම් එමඟින් ලබාගත හැකි උපරිම අයිපි ඇඩ්‍රස් ප්‍රමාණය 232 කි. එනම් 4 294 967 (බිලියන 4.3 ,කෝටි 430) කි. එහෙත් මෙයින් 14% ක ප්‍රමාණයක් භාවිතයට ගත නොහැකිව පවතී. මෙතරම් විශාල ප්‍රමාණයක අයිපි ඇඩ්‍රස් ප්‍රමාණයක් ඉක්මනින් ගෙවී අවසන් වේ යැයි එහි නිර්මාතෘවරු නොසිතූහ. එහෙත් එම දිනය ලඟ ලඟම එන බව ඔවුන්ට දැනෙනට විය. එයට විසඳුමක් ලෙස නව අයිපී ඇඩ්‍රස් ක්‍රමයක් හදුන්වාදුනි. ඒ IPv6 ප්‍රොටොකෝලයයි. IETF නම් සමාගමක් හා අන්තර්ජාල කටයුතු භාර ඇමරිකාවේ ICANN සමාගම් එක්ව IPv6 ප්‍රොටොකෝලය ඉදිරිපත් කරන ලදී.


IPv6 ප්‍රොටොකෝලය 128 බිට් එකකි. මෙයින් ලබාගත හැකි අයිපි ඇඩ්‍රස් සංඛ්‍යාව 2128 ප්‍රමාණයකි. එය විද්‍යාත්මක අංකනයෙන් ලිව්වොත් 3.4x10 38 ලෙස ලැබේ.වෙන්ත් ලෙස පැවසුවොත් එය අන්ඩෙසෙලියන් 340කි! (අන්ඩෙසෙලියනයක් යනු එකයි බින්දු 35 ලියූවිට ලැබෙන අගයයි). මේ දැවැන්ත ඉඩෙහි තරම කොතරම් ද කිව හොත් මේ ක්‍රමයට ලොව සෑම කෙනෙකුටම අයිපි ඇඩ්‍රස් ලක්ෂයක් පමණ ලැබේ. එනම් ලොව සෑම පුද්ගලයෙකුටම උපාංග ලක්ෂයක් අන්තර්ජාලයට එක්කල හැක! මෙය තව දශක ගණනාවකට සෑහෙන ප්‍රමාණයේ ඉඩකි.
මේ අලුත් ප්‍රොටොකෝලය අන්තර්ජාලයට එක්කලද පැරණි IPv4 අයිපි ඇඩ්‍රස් ක්‍රමයයද එලෙසම ක්‍රියාත්මකවේ. එනම් IPv6 අයිපි ඇඩ්‍රස් ක්‍රමය එක් අන්තයකත් IPv4 අයිපි ඇඩ්‍රස් ක්‍රමය තවත් අතකත් ක්‍රියාත්මක වේ. මෙලෙස ප්‍රොටොකෝල් 2ක් ක්‍රියාත්මක වන විට ඒ දෙවිදියටම ක්‍රියාත්මක වන ආකාරයට ලොව ඇති විවිධ ආයතන සිය සේවා වෙනස් කරනලදී. 2011 ජූනි 8 වැනිදා කෙරුනේ ඒ කටයුත්තයි.


1 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. කාලීන වැදගත්කමක් ඇති ලිපියක්. ස්තුතියි.

    ReplyDelete
Previous Post Next Post

Recent Post

Features