December 31, 2014

ගූගල් ට්‍රාන්ස්ලෙට් භාවිතයෙන් වෙනත් බසක් සිංහලට පරිවර්ථනය කරමු

          ළඟකදී ගූගල් සමාගම ඒ අයගේ භාෂා අතරට සිංහලත් ඇතුලත් කලා කියලා දැනටමත් දන්නවා ඇති. ඉතින් ගූගල් වලින් සිංහලින් ගන්න පුලුවන් වැඩ ටිකත් වැඩි වුණා. මේ කියනේ අන්න ඒ වගේ දෙයක්.

මේ සේවාව තමයි ගූගල් ට්‍රාන්ස්ලේට් සේවාව. ඉංග්‍රීසි,ස්පාඤ්ඤ,ප්‍රංශ විතරක් නෙවෙයි තවත් බොහෝ භාෂා වල තියෙන දේ සිංහලට පරිවර්ථනය කර ගන්න පුලුවන්. මේක බොහොම සරල දෙයක්. මුලින්ම https://translate.google.lk කියන වෙබ් සයිට් එකට ගිහින් වම් පැත්තෙ ටෙක්ස් බොක්ස් එකේ ඉහලින් පරිවර්ථනයට තිබෙන වචන වලට අදාල භාෂාව ‍තෝරන්න. දකුණු පැත්තෙන් සිංහල ‍තෝරන්න. 
      දැන් දකුණු පැත්තෙ නොදන්න භාෂාවෙන් ටයිප් කරන කොට අනෙක් පැත්තෙන් ඒකෙ තේරුම ලැබෙනවා. මේ ක්‍රමයෙන් නියම විදිහටම වාක්‍ය ගොඩ නැගෙන්නෙ නැති උනත් ඒකෙ දල අදහස ගන්න පුලුවන්. 
        ඒ වගේම මේකෙ අනෙක් පැත්තටත් ඒ කියන්නෙ සිංහල-ඉංග්‍රීසියට පරිවර්ථනය කරන්නත් පුලුවන්. 
    අපි පරිවර්ථනයට දෙන වචන උච්ඡාරනය කරන් විදිහත් මේකෙදි අහන්න වගේම අතින් ලියල වචන ඇතුලත් කරන්නත් (ටැබ්ලට් තියෙන අයට එහෙම..) පුලුවන්. 

VB 6.0 වලදී Setting සේව් කරන්නෙ කොහොමද?

විෂුවල් බේසික් වලින් ප්‍රෝග්‍රෑම් ලියන කොට අපිට ඒ ප්‍රෝග්‍රෑම් එකේ සමහර දේ සේව් කරන්න ඕනි වෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට අපේ VB වලින් හදපු සොෆ්ට්වෙයා එකකතියෙන ටෙක්ස්ට් බොක්ස් එකේ තියෙන ටෙක්ස්ට් එකක් සොෆ්ට්වෙයා එක ක්ලෝස් කරලා ආපහු ඕපන් කරන කොටත්  තියෙන්න ඕනි. ඒ විදිහට සෙටින් සේව් කරන විදිහයි නැවත ගන්න විදිහ තමයි මේ පෝස්ට් එකෙන් කියල දෙන්නෙ.
මේකට විෂුවල් බේසික් වලදී ගන්නේ SaveSetting කියන කමාන්ඩ් එකයි, GetSetting කියන කමාන්ඩ් එකයි. SaveSetting ගන්නෙ තියන සෙටිං සෙව් කර ගන්න.
1) සෙටිං සේව් වෙන සෙක්ෂන් එක - මෙහිදී විවිධ සෙටිං විවිධ සෙක්ෂන් වල සේව් කර ගත හැකියි. (උදා:-options, programe)
2) හඳුනා ගැනීමට නමක්
3) සේව් විය යුතු සැකසුම (උදා:- Text1.Text, Lbl1.Caption)

GetSetting ගන්නෙ සෙව් කර ගත්ත සෙටිං නැවත ගන්න.
1)අදාල සෙක්ෂන් එක
2)සැකසුම
3)ඩිෆෝල්ට් වැල්යු එක (සෙටින් සේව් වී නොමැති නම් යෙදිය යුතු දෙය)

මේක තව හොඳට තේරුම් ගන්න මෙතනින් සෝස් කෝඩ් එක ඩවුන්ලෝඩ් කර ගන්න. ප්‍රශ්ණ තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න...  

December 29, 2014

Samsung Galaxy Note Edge


     මේ තමයි සැම්සුන් සමාගමේ අලුත් ෆෝන් එක. නම බලපු ගමන්ම තේරෙනවා ඇති... මේ ෆෝන් එකේ තියෙන විශේෂත්වය. ඒ කියන්නෙ වක්‍ර තිරයකින් යුක්ත වීම. එහෙම කිව්වට මුලු තිරයම වක්‍ර නෑ.. ෆෝන් එකේ දකුණු පැත්තෙ කෙලවරේ දාරය තමයි මේ විදිහට වක්‍රව හදල තියෙන්නෙ. ඇත්තටම තිර දෙකම එකට වගේ තිබුණට මේක තිර 2ක් විදිහට තමයි වැඩ කරන්නෙ. මුලින් කියපු වක්‍ර තිරය දැනුම්දීම් (Notifications), කෙටි මං (Shortcuts) , ඇප් (Apps) වගේම වෙනත් තොරතුරු (කාලගුණය, ක්‍රීඩා) වගේ ඒවට යොදා ගන්න පුලුවන්. මේ ෆෝන් එක Galaxy Note 4 එකට ගොඩක් සමානයි.
Qualcomm Snapdragon 805 ප්‍රොසෙසරයකින් තමයි මේක වැඩකරන්නෙ. ඒ වගේම 3GB ‍රැම් එකක්, මෙගාපික්සල් 16 කැමරාවක්  අඟල් 5.6 ක 1440 x2560 pixels (Quad HD) vivid Quad HD Super AMOLED තිරයක්, 32GB අභ්‍යන්තර මතකයක් විතරක් නෙවෙයි  S Pen කියන පෑනත් තියෙනවා... ඒ වගේම වැටීම් වලින් ආරක්ෂා වෙන්න ලෝහ ආවරණයකුත් මේකෙ තියෙනවා.


December 24, 2014

ඉලෙක්ට්‍රොනික් වලට කැමති අයට සර්කිට්...


        ඔන්න අද අරං ආව ඉලෙක්ට්‍රොනික් කරන අයට හොඳ සර්කිට් තියෙන PDF ටිකක්. මේකෙ තියෙන පලවෙනි එක PIC මයික්‍රොකොන්ට්‍රෝලර් ගැන ඉගෙන ගන්න අයට වැදගත් වේවි... 
  • විදුසර මයික්‍රොකොන්ට්‍රෝලර්-25.26MB (zip file)
  • ට්‍රාන්ස්සිස්ටර් සර්කිට් 200 ක් -Part 1  (2.25MB)
  • ට්‍රාන්ස්සිස්ටර් සර්කිට් 200 ක් -Part 2  (2.01MB)
  • ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්        -Part 1  (5.50MB) 
  • ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්       -Part 2  (4.47MB)
  • 555 IC සර්කිට් 50 ක්    -1.51MB 
  • IC සර්කිට් 70 ක්              -556KB
  • IC සර්කිට් 1000 ක්         -1.43MB 
  • විස්කම් ආලෝක රටා      -4.23MB

December 23, 2014

විනාඩි 10 කට ඊ-මේල් එකක්...

     අපි ඉන්ටනෙට් එකෙන් මොකක් හරි ෆයිල් එකක් ඩව්න්ලෝඩ් කරන්න ගියාම හරි වෙන වැඩක් කරන වෙලාවට හරි සමහරවෙලාවට          අපේ ඊ-මේල් එක ඉල්ලනවා. ඒ නිකන් නෙවෙයි. අපි ඊ-මේල් එක දුන්නාම ඒ සයිට් වලින් ඉවරයක් නැතුව ඊ-මේල් එවනවා. ඉතින් මේ කරදරෙන් මිදින්න කරන්න පුලුවන් වැඩක් තමයි මේක. ඒ තමයි තාවකාලික ඊමේල් එකක් හදා ගන්න එක. ඒක එච්චර අමාරු නෑ. කරන්න තියෙන්නෙ http://10minutemail.com/ කියන සයිට් එකට යන එක විතරයි. එතකොට ඉබේම ඊ-මේල් එකක් ලැබෙනවා. ඊට පස්සෙ අපිට ඕනි වැඩේ කරගන්න පුලුවන්. හැබැයි මේ ඊ-මේල් එක තියෙන්නෙ වි.10 යි. ඊට පස්සෙ ඒක අයින් වෙනවා. අපේ ඊ-මේල් එක valid කරන්න එහෙම ඊ-මේල් එවනවානේ.. ඒ විදිහට එන මේල් confirm කරන්න මේකෙ inbox එකක් තියෙනවා. 


December 21, 2014

ඉන්ටෙල් වෙතින් ඩොන්ගලයක් තරම් වූ පරිගණකයක්.!

         පරිගණකය බිහිවූ මුල් කාලයට වඩා අද තිබෙන පරිගණක බොහෝ දුර ගොස් ඇත.වේගය මෙන්ම ප්‍රමාණය අතින්ද  අද තිබෙන පරිගණක ඉදිරියෙනි. පරිගණක නිෂ්පාදනය කරන සමාගම් බොහෝ විට උත්සහ කරන්නේ ප්‍රමාණයෙන් කුඩා බලසම්පන්න පරිගණක තැනීමටය. 
පසුගිය දිනක Santa Clara හීදී පැවති ආයෝජකයන්ගේ සමුලුවට ඉන්ටෙල් සමාගම අපූරු උපාංගයක් ‍රැගෙන ආවේය. ඔවුන් එය හැඳින්වූයේ "Stick PC" කියාය. එනම් USB ඩොන්ගලයක් තරම් වූ පරිගණකයකි. එය හරියට ඇමසන් සමාගමේ "ෆයර් ටීවී" (Fire TV Stick) හෝ ගූගල් ක්‍රෝම්කාස්ට් (Chromecast) උපාංගය වැනි වූ උපාංගයකි.අඟල් 4.0 × 1.5 × 0.5 තරම් වූ මෙම උපාංගය අලුත් වින්ඩෝස් 8.1 මෙහෙයුම් පද්ධතිය ධාවනය කල හැකියාව සහිත එකක් වන අතර මොනිටරයකට හෝ රූපවානියක ඇති HDMI පෝර්ට් එකට සම්බන්ද කර මෙය ක්‍රියාත්මක කල හැකියාව පවතී.
කෙසේ වෙතත් මෙහි ඇති ප්‍රොසෙසරය හා මතකය වැනි කරුණු පිළිබඳ ඉන්ටෙල් සමාගම තවමත් දන්වා නැත. බොහෝ අයගෙ අදහස මෙය ඩුවෙල් කෝ ප්‍රොසෙසරයක් ,512MB හෝ 1GB ‍රැම් මතකයක් හා 8GB අභ්‍යන්තර මතකයක් සහිතව පැමෙණෙනු ඇති කියාය . මෙය 2015 වර්ෂයේ ඉදිරිපත් කරන බවට ඉන්ටෙල් සමාගම දන්වා සිටී.

මෙහෙයුම් පද්ධති ගැන හා මතක කළමණාකරනය ගැන හදපු ප්‍රසන්ටේශන් 2ක්

මගේ වැඩකට හදපු පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් 2ක්. ඕනි අයට බා ගන්න පුලුවන් මෙතනින්.
  • පරිගණක මෙහෙයුම් පද්ධති ගැන සෑදුනු ප්‍රසන්ටේශන් එක |Download |
  • පරිගණක මතක කළමණාකරනය ගැන සෑදුනු ප්‍රසන්ටේශන් එක |Download |





December 19, 2014

මොරටුව විශ්වවිද්‍යාලයෙන් නියමුවන් රහිත යානයක්..

     ලෝකයේ දක්ෂතම නිර්මාණ කරුවො ඉන්නෙ කොහෙද? චීනෙ? නෑ.. එහෙනම් ජපානයේ? ඒත් නෑ.. ඇමරිකාවෙ? පිස්සුද.. කොහෙත්ම නෑ.. ලෝකෙ ඉන්න සුපිරිම වැඩ්ඩො ටික ඉන්නෙ අපේ රටේ.. මොනවද ඔට්‍ටු...!

    මොර‍ටුව කැම්පස් එකේ මහාචාර්‍ය තුමන් කෙනෙකුයි අපේ කොල්ලො කට්ටියකුයි එකතු වෙලා නියමුවන් රහිත ගුවන් යානයක් හදන පරීක්ෂණයක් කලා මතක ඇති. ඔන්න දැන් ඒකෙ වැඩ ඉවර වෙලා. නියමුවන් රහිත යානයක්.. ෆට්ට නේ! නම් කරල තියෙන්නෙ "සී හෝක්" (CEYHAWK) කියලා. සමහරු නම් හිතනවා ඇති ප්ලේන් එකක් හදන එක්ත් දැන් කජ්ජක් ද කියලා.. එහෙම හිතනවනම් ඒ ඒයාලගෙ මොලේ තරම තමයි! දුර්ස්ථ පාලක ගුවන් යානයක් හැදුවත් ස්ව්‍යංක්‍රීය යානයක් හදනව කියන් එක ලෙහෙසි කටයුත්තක් නොවේ.. යානයේ ක්‍රියාකාරිත්වයට අමතරව එය ගොඩබැස්වීම, ඉහළ නැංවීම, ගමන් මග සොයාගැනීම, අනෙකුත් කටයුතු පරීක්ෂා කිරීම වගේ අටෝරසියක් කටයුතු ගැන සිතමින් ඊට අවශ්‍ය මෘදුකාංග ,දෘඩාංග සෑදීම සංකීර්ණ කටයුත්තක්. ඉතිං ඒවගේ සංකීර්ණ දෙයක් ලංකාවේ අපේ සිංහ පැටව් කලා කියන්නේ... ආයේ තව කතා මොකටද!
    මේ ව්‍යාපෘතිය පටන් අරගෙන තියෙන්නෙ 2007 දි. ඉවර වුණේ 2014 දි.. ඒ කියන්නෙ අවුරුදු 7ක් කට්ට කාගෙන පරීක්ෂණ කරලා තමයි මේ නිර්මාණය කරල තියෙන්නෙ. ඇමරිකාව, රුසියාව වගේ රටවල් ඔය උඩින් ඉන්නෙ මේවගේ තාක්ෂණයක් තියෙන්නෙ උන් ගාව විතරයි කියලා හිතාගෙන ඉන්න හින්දනේ.. දැන් ඒවා ඉවරයි! රූප බලපුවාම පෙනෙයි. මේක ඉතා උසස් ආකාරයට නිර්මාණය කරලා තියෙන විදිහ.... මේක ඒ විදිහට හදන්න කාබන්, ෆයිබර් ග්ලාස් වගේ ද්‍රව්‍ය පාවිච්චි කරල තියෙනවා.
මේ සුපිරි වැඩෙ කරල තියෙන්නෙ මහාචාර්ය රොහාන් මුණසිංහ මහතා සමග උපාධි අපේක්ෂක චාමික ගමගේ, රොෂාන් ලලන්ත ඇතුළුව පර්යේෂණ සහායකයන් ලෙස අනුරුද්ධ තෙන්නකෝන්, සංචිත පියුමාල්, එරංග ප්‍රනාන්දු සහ සංජීව ප්‍රනාන්දු යන පර්යේෂණ කණ්ඩායම..              
මේ වැඩ කිඩ දැක්කහම මේ වගේ වැඩ වලට ට්‍රයි කරන අයගෙත් උනන්දුව වැඩි වෙනවා.. 
-අපේ සිංහ පැටවුන්ට ජය!  |UAV Facebook Page |


පසුගිය වසර ගැන විකිපීඩියාවෙන් වීඩියෝවක්..

     විකීපීඩියාව අද ලෝකයේ තිබෙන දැවැන්තම දැනුම ගබඩාවක්. ලෝකයේ සුවිශේෂී බොහෝ දේ පිලිබඳ ලිපි රාශියක් මෙයට අයත්. ලිපියක තිබෙන යම් වැ‍රැද්දක් ඕනෑම පුද්ගලයෙකුට නිවැරදි කර නිවැරදි ලිපියක් බවට පත් කිරීමට හැකි වීම විකිපීඩියාවේ ඇති විශේෂත්වයි. මේ වීඩියෝවෙන් 2014 වර්ෂය තුළදී ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් හා විකිපීඩියාවේ ගමන් මග දැක්වේ. ‘What did we edit in 2014?’ ලෙස නම් කර ඇති මෙම වීඩියෝව තුලින් විකිපීඩියාව සංස්කරණය වූ ආකාරය, ලිපි යාවත්කාලීන වූ අයුරුද දැක්වේ.
දී ආරම්භ කල විකිපීඩියාව වික්ටර් ග්‍රීගස් ධන පරිත්‍යාගයෙන් පවත්වාගෙන යනු ලබන ආදායමක් නොලබන ආයතනයකි.                                                                                                                               

December 14, 2014

ලොව හොඳම Gaming computer 10 ය

        කොම්පියුටර් තියෙන කොල්ලන්ගෙන් ගේම් එකක් නොගහපු කෙනෙක් හොයා ගන්නත් අමාරුයි. සමහර අය කොම්පියුටරයක් ගන්නෙත් ගේම් ගහන්නමයි නෙ! අපේ රටේ විතරක් නෙවෙයි ලෝකෙම ගේම් ගහන්නම විතරක් කොම්පියුටරයක් තියාගෙන ඉන්න අය ඉන්නවා. ඒ හින්දම ගේම් ගහන්නම කියල හදපු කොම්පියුටර් දැන් තියෙනවා. එවට තමයි ගේමින් කොම්පියුටර්ස්(Gaming Computers) කියල කියන්නේ. සමහර ගේම් වල ඉතා ඉහල ගණයේ දර්ශණ ආදිය තිබෙනවා. ඉතින් ඒවගෙ ගේම් ගහන්න නම් කොම්පියුටරයේ හොඳ ‍රැම් මතකයක් , වැඩි ඉඩක් තියෙන හාඩ් ඩිස්ක් එකක්, හොඳ වේගවත් ප්‍රොසෙසරයක්, ඉහල ගනයේ ග්‍රැ‍ෆික් කාඩ් එකක් වගේම හොඳ සිසිලන පද්ධතියකුත් අවශ්‍ය වෙනවා.ඒ විතරක් නෙවෙයි ගේම් වලටම හදපු කී බෝඩ් මවුස් එහෙමත් ඕනි.ඉතින් මේ සේරම එකතු කරල තමයි ගේමින් කොම්පියුටර් හදල තියෙන්නෙ. මේ නිසාම ඒවායෙ මිලත් අධික වෙනවා. මේ තියෙන්නෙ මේ වසරේ ලොව හොඳම ගේමින් කොම්පියුටර් 10 ය.

1) Digital Storm Coridium
   මිල:-  ඩොලර් 7779.00/=
   ප්‍රොසසර:-Intel Core i7-4930K.
   ප්‍රොසසරයේ  වේගය:- 3.4 GHz
  ‍ රැම් මතකය:-16 GB
   හාඩ් ඩිස්කය:-1250 GB
   ග්‍රැ‍ෆික්:-AMD Radeon R9 295X2
   තැටි ධාවකය:-BD/DVD/CD +/-RW

2) Origin Chronos
   මිල:-  ඩොලර් 1633.00/=
   ප්‍රොසසර:-Intel Core i7-4770K.
   ප්‍රොසසරයේ  වේගය:- 4.7 GHz
  ‍ රැම් මතකය:-16 GB
   හාඩ් ඩිස්කය:-2000 GB
   ග්‍රැ‍ෆික්:-nVidia GeForce GTX 780 Ti
   තැටි ධාවකය:-බාහිරින් සවි කල හැක

3) CyberPower Zeus Mini
   මිල:-  ඩොලර් 1825.00/=
   ප්‍රොසසර:-Intel Core i7-4930K.
   ප්‍රොසසරයේ  වේගය:- 3.5 GHz
  ‍ රැම් මතකය:-16 GB
   හාඩ් ඩිස්කය:-2120 GB
   ග්‍රැ‍ෆික්:-nVidia GeForce GTX 780 Ti
   තැටි ධාවකය:-Dual-Layer DVD+/-RW

4) Falcon Northwest Mach V
   මිල:-  ඩොලර් 8039.00/=
   ප්‍රොසසර:-Intel Core i7-5960K.
   ප්‍රොසසරයේ  වේගය:- 4.7 GHz
  ‍ රැම් මතකය:-32 GB
   හාඩ් ඩිස්කය:-3512 GB
   ග්‍රැ‍ෆික්:-nVidia GeForce GTX 980Ti
   තැටි ධාවකය:-Blu-Ray Disc

5) Lenovo Erazer X315
   මිල:-  ඩොලර් 949.99/=
   ප්‍රොසසර:-AMD A10-7850K
   ප්‍රොසසරයේ  වේගය:- 3.7 GHz
  ‍ රැම් මතකය:-12 GB
   හාඩ් ඩිස්කය:-2000 GB
   ග්‍රැ‍ෆික්:-AMD Radeon R9 260
   තැටි ධාවකය:-Dual-Layer DVD+/-RW

6) Velocity Micro Edge Z55

   මිල:-  ඩොලර් 1,699.00/=
   ප්‍රොසසර:-Intel Core i7-4790k
   ප්‍රොසසරයේ  වේගය:- 4.7 GHz
  ‍ රැම් මතකය:-16 GB
   හාඩ් ඩිස්කය:-3500 GB
   ග්‍රැ‍ෆික්:-nVidia GeForce GTX 780 Ti
   තැටි ධාවකය:-Blu-Ray Disc

7) Alienware X51-R2
   මිල:-  ඩොලර් 699.00/=
   ප්‍රොසසර:-Intel Core i3-4150
   ප්‍රොසසරයේ  වේගය:- 3.5 GHz
  ‍ රැම් මතකය:-6 GB
   හාඩ් ඩිස්කය:-1024 GB
   ග්‍රැ‍ෆික්:-Nvidia GeForce GTX 745
   තැටි ධාවකය:-Dual-Layer DVD+/-RW

8) Maingear Spark
   මිල:-  ඩොලර් 699.00/=
   ප්‍රොසසර:-AMD A8-5557M
   ප්‍රොසසරයේ  වේගය:- 2.1 GHz
  ‍ රැම් මතකය:-16 GB
   හාඩ් ඩිස්කය:-1024 GB
   ග්‍රැ‍ෆික්:-AMD Radeon R9 M275X
   තැටි ධාවකය:-බාහිරින් සවි කල හැක

9) MSI AG270 Gaming All-in-One (2PC-006US)
   මිල:-  ඩොලර් 24676/=
   ප්‍රොසසර:-Intel Core i7-4860HQ
   ප්‍රොසසරයේ  වේගය:- 2.4 GHz
  ‍ රැම් මතකය:-16 GB
   හාඩ් ඩිස්කය:-1256 GB
   ග්‍රැ‍ෆික්:-Nvidia GeForce GTX 870M
   තැටි ධාවකය:-Dual-Layer DVD+/-RW
   තිරය:-අඟල් 27 LED පුලුල් තිර

10) Velocity Micro Edge Z30 SmallBlock
   මිල:-  ඩොලර් 1,799.00/=
   ප්‍රොසසර:-Intel Core i7-4771
   ප්‍රොසසරයේ  වේගය:- 3.5 GHz
  ‍ රැම් මතකය:-16 GB
   හාඩ් ඩිස්කය:-2250 GB
   ග්‍රැ‍ෆික්:-Nvidia GeForce GTX 760
   තැටි ධාවකය:-DVD+/-R/RW SuperMulti

December 7, 2014

රේඛා අනුගමනය රොබෝ නිර්මාණය -පරිපථය ගොඩනැගීම

      පෙර අදියරේදී රොබෝ වරයාට අවශ්‍ය යාන්ත්‍රික කොටස නිර්මාණය කරන ආකාරය විස්තර විය. මේ පියවර මගින් එයට අදාල පරිපථ කොටස් සාදාගන්නා ආකාරය විස්තර වේ.
      මා  පෙර කියූ පරිදි මෙයට යොදා ගන්නේ ආලෝක පරාවර්ථනයයි.සුදු පෘෂ්ඨය ආලෝකය පරාවර්ථනය කරන අතර එවිට පරිපථය ක්‍රියාවී මෝටරය ක්‍රියාකරයි, කලු පෘෂ්ඨය ආලෝකය පරාවර්ථනය නොකරයි.මේ නිසා මෝටරය නවතී.මෙම සංසිද්ධිය උපයෝගි කොටගෙන මෙය ක්‍රියා කරයි.පහත රූප මගින් ඔබට එය පැහැදිලි වේවි.

මෙහිදී මෝටර on,off වීම මත රොබෝ තම මාර්ගයේ ගමන් කරයි.පහත රූපය බලන්න.

පළමුව පරිපථය දක්වා ඇති ලෙස එකලස් කර ගන්න.මෙය සාදාගැනීමට පරිපථය සාදන ඩොට් බෝඩ් එකක් පමණක් යොදා ගන්න(රු 70 පමණ වේ).එය මෙහි සාර්ථකව ක්‍රියාකිරීමට වැදගත්ය.මෙය සෑදීමේදී 741 යන කාරකාත්මක වර්ධක IC 2ක් භාවිත කර ඇත. සාමාන්‍ය ට්‍රාන්සිස්ටර යොදා මෙය සැකසිය හැකි වුවද මෙම IC එක ඊට වඩා සංවේදී මෙන්ම සාර්ථක ක්‍රියාකාරිත්වයක් ඇත.

       තවත් වැදගත් කරුණක් ඇත. එනම් ඔබ පරිපථය සෑදීමේදී LDR 2 හා LED 2 ට අදාල වයර ගෙන ඒවා වෙනම සවි කල යුතුය.එනම් LDR 2 හා LED 2 රොබෝවරයාගේ ඉදිරියෙන් ඩොට් බෝඩ් කැබැල්ලක රොබෝ ගමන් කරන මාර්ගය දෙපස කුඩා පරතරයක් සිටින සේ සවිකර පසුව වයර ආධාරයෙන් ඒවා සවිකර ගන්න. 

    පරිපථයට බල සැපයුම් 2 ක් එනම් බැටරි 2ක් මඟින් බලය සපයන්නේ මෝටර් වල ක්‍රියාකාරිත්වය පරිපථයට බාධාවක් නොවීමටයි. මෙහි ඇති රිලේ ස්විච් (Realay 1 ,Realay2) on වීමේදී මෝටර ක්‍රියාකරීමට සකසා තිබිය යුතුය. බැටරි 2 හිම (-) අග්‍රය එකට සම්බන්ද කර පරිපතයට සවිකරන්න. මෙය සෑදීමට මම පරිපථයට 9V බැටරියකුත් , මෝටර් සඳහා ඉවතලන ජංගම දුරකථන බැටරි 2ක් එකට සම්බන්ධ කර යෙදුවෙමි(මෙම බැටරි විස සහිත බැවින් බාවිතයේදී ප්‍රවේශම් වන්න).
පරිපථය නිමවා අවසන් වූ පසු මුලින් සෑදූ සැකිල්ලට ඒවා සම්බන්ද කර පහත පරිදි සාදා ගන්න.මෙය ගමන් කිරීමට සුදු පැහැති කාඩ් බෝඩ් එකක් මත කලු පැහැති මාර්ගයක් සාදා ගන්න. මෙම මාර්ගය වංගු සහිත විය යුතු අතර සංවේදක 2 ඒ පරතරයට වඩා මදක් අඩුවෙන් සාදා ගන්න.දැන් මෙයට විදුලිය සපයා පරිපථයේ ඇති පෙර සැකසුම් ප්‍රතිරෝද(presets) මගින් (100K VR)සංවේදකයට අදාල මෝටරය සුදු පසුබිමේදී  on වීමටත්, කලු පසුබිමේදී  off වීමටත් සකසා ගන්න.මෙම අදියර සියල්ල සාර්ථකව නිම කලේ නම් දැන් ඔබගේ රොබෝ වරයා සූදානම්ය! ඔබ සෑදූ මාරගයේ රොබෝ තබා බලය ලබා දෙන්න. ඔබට ඇතිවන ඕනෑම ගැටලුවක් ඉදිරිපත් කරන්න.

Bottom View 

Top View

 <<Back

December 4, 2014

රොබෝ නිර්මාණයේ මූලික කටයුතු

     අපි මෙහිදී නිර්මාණය කිරීමට යන්නේ රේඛා අනුගමනය කරන රොබෝවකි (Line Following Robot). එනම් සුදු පැහැති පසුබිමක ඇති කලු පැහැති රේඛාවක ගමන් කරන එකකි.මෙය මූලිකවම ආලෝක පරාවර්ථනය යොදා ගනිමින් ක්‍රියාකරයි.මේ පිලිබඳ ඉදිරියේදී පැහැදිලි වේ. අවශ්‍ය නම් මෙය වෙනස් කර ගත හැක. එයට අදාල තොරතුරු ඉදිරියේදී ඉදිරිපත් කරමි. මෙය නිර්මාණයට  උපකරණ කිහිපයක් ලබා ගත යුතුය. මෙම උපකරණ අද වෙළඳ පොලෙන් පහසුවෙන් අඩු මිලට ගත හැකි ඒවායි.මෙහි ප්‍රධාන කොටස් කිහිපයක් ඇති අතර ප්‍රධාන පරිපථය, ගමන් කරවීමට යොදා ගන්නා යාන්ත්‍රික් කොටස් හා සංවේදන පරිපථය(sensor circuit) ඒවා වේ.
මුලින්ම අප යාන්ත්‍රික කොටස නිර්මාණය කරගන්නා ආකාරය බලමු. සාමාන්‍යයෙන් රොබෝවක් ගමන් කිරීමට අකාර දෙකක් භාවිතා කරයි. එනම් රෝද යොදා ගැනීම හා යාන්ත්‍රික  පාද යොදා ගැනීමයි. මෙහිදී අප භාවිතා කරන්නේ මින් පලමු ක්‍රමයයි.එයට හේතුව පාද වැනි කොටස් නිර්මාණය අපහසු සේම ඒවා හැසිරවීමට යම් ඉහල තාක්ෂණයක් අවශ්‍ය වීමයි. මෙහිදී අප රෝද ක්‍රියා කරවීමට මෝටර භාවිතා කරයි. මෙහිදී අප තරමක් සැලකිලිමත් විය යුතුය. එනම් මෙයට උචිත මෝටරයක් සොයාගැනීමය. සාමාන්‍ය වෙළඳ පොලේ ඇති කුඩා මෝටර් මගින් මෙය කිරීම තරමක් අපහසුය. මන්ද ඒවායේ වැඩි වේගයක් තිබුනද ව්‍යාවර්තය(torque) අප "ගැම්ම" ලෙස හඳුන්වන වැඩි බලයක් ලබාගැනීමට අපහසු වීමයි. මෙයට අපට ස්ටෙප(ර්) මෝටර් (Stepper Motor) නම් මෝටර් වර්‍ගය බාවිත කල හැකි වුවත් ඒවා තරමක් මිල අධික මෙන්ම ක්‍රියා කරවීමට අමතර පරිපථ යෙදවීමටද සිදුවේ. තවත් ක්‍රමයක් තිබේ. දැතිරෝද කට්ටල යෙදු මොටර් භාවිත කිරීමයි. මෝටරය තුලම දැතිරෝද කට්ටල සවිකල ඒවා මෙන්ම මෝටරයට පිටතින් සවිකල ඒවාද අද වෙලඳපොලේ ඇත.තමියා ගියර් බොක්ස් (Tamiya) උදාහණ ලෙස දැක්විය හැක. නමුත් ඒවා තරමක් මිල අධික මෙන්ම සොයාගැනීමට තරමක් අපහසු වේ. එහෙත් ඔබට මෙවැන්නක් මිලට ගත හැකි නම් එයද මෙම නිර්මාණයට යොදා ගත හැක. එනම් මෙය අප කියන පරිදිම නොව තමාගේ නිර්මාණ හැකියාව අනුව සිදු කර හැක. මම මෙය නිපදවීමට යොදාගත්තේ සෙල්ලම් කාර් 2 කි. එය මෙයට වඩාත් හොඳින් ගැලපේ. අනෙක් අතට එයට මා හට වියදම ගියේ රු. 300/= පමණය. ක්‍රොස් කන්ට්‍රි කාර්(Cross Country Car) ලෙස මේවා හඳුන්වයි. ගමන් කරන් විට පෙරලුණ විට නැවත නැගිට ගමන් කරන සෙල්ලම් බඩුවකි.



මෙය ගෙන එහි උඩ කොටස ඇණ ඉවත් කොට බැලූවිට පහත පරිදි දිස්වේවි.

       දැන් එහි ඇති බැටරි රඳවන පහල කොටසෙන් සම්බන්දක වයර් ද ගලවා දැති රෝද සහිත කොටස ගලවා ගන්න. දැන් එහි දිග කම්බි කොටස කම්බි කපන කතුරක් හෝ අඬුවක් භාවිතයෙන් කපා පහත පරිදි සාදාගන්න(රූපයේ කතිර ලකුණ යොදා ඇති තැනින්).

    මෙලෙස අනෙක් එකද සාදාගන්න. රොබෝව වංගුවකදී හැරීමට භාවිතා කරන්නේ මෙම කොටස් දෙකයි. මෙයට තනි කොටසක් පමණක් ගෙන හැරවීමට වෙනම ක්‍රම වේදයක් භාවිත කල හැකි වුවද එය තරමක් වෙහෙස කර කටයුත්තකි.දැන් එය පහත පරිදි ප්ලාස්ටික් හෝ යකඩ තහඩුවක සවිකර ගන්න.මෙය සවි කිරීමේදී එකම මට්ටමට එන ලෙස ශක්තිමත් තහඩුවක් මත සවිකිරීමට සැලිකිලිමත් වන්න.ඔබ කාර්‍යය සාර්ථකව සිදු කලේ නම් පහත පරිදි එය පෙනේවි.සමහර අය මීට වෙනස් ක්‍රමද භාවිත කර ඇති. කෙසෙ හෝ මෙය අවශ්‍ය පරිදි සකසා ගත්තේ නම් ඊළඟ පියවර සඳහා ඔබ සූදානම්ය.

<<Back                                                                                                                     3 කොටස >>  

                                                                                                                           

December 3, 2014

රේඛා අනුගමනය රොබෝ නිර්මාණය - හැඳින්වීම

         ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ බහුලව භාවිතා වන ඒකකයක් ලෙස රොබෝ තාක්ෂණය හඳුන්වාදිය හැකියි.කුඩා ප්‍රමාණයේ සෙල්ලම් බඩු වල සිට මාහා පරිමාණයේ වාහන නිපදවීම, පිරිසිදු කිරීම, ආරක්ෂාව සැපයීම වැනි නානාවිද දේ සඳහා රොබෝ තාක්ෂණය භාවිත කරයි.


මේ ලිපි වලින් කුඩා ප්‍රමාණයේ රොබෝ නිර්මාණයක් කරන ආකාරය ඔබට ඉගෙන ගත හැකියි.ඉලෙක්ට්‍රොනික විද්‍යාවට ඇලුමක් දක්වන බොහෝ දෙනෙකුගේ උනන්දුවට මෙය ලක්වේ යැයි මා තුල විශ්වාසයක් ඇත.
            අප සතු කාර්ය්‍යක් ස්ව්‍යංක්‍රීයව සිදුකරවා ගැනීමට භාවිතා කරන යන්ත්‍ර මූලිකවම 'රොබෝ' ලෙස දැක් විය හැක.රොබෝ වරයකු සතුව මූලිකවම ඇති සංරචක කිහිපයකි. සංවේදක ඉන් මුලටම පැමිණේ. රොබෝ වරයා භාහිර පරිසරය පිලිබඳ සංවේදන ලබා ගන්නේ මේවායිනි(input). කැමරා,ආලෝක සංවේදී උපකරණ, තාප සංවේදී උපකරණ වැනි දේ මෙයට අයත්ය.ඊලඟට ලබාගත් සංවේදන සැකසීමට(process ) පරිපථයක් මේවා සතුව ඇත. සරල රොබෝවන් තුල ට්‍රාන්සිස්ටර් ,කාර්කාත්මක වර්ධක ද සංකීර්ණ රොබෝවන් තුල ක්ෂුද්‍ර පාලක(Micro controler) (මෙවා ගැන ඉදිරියේදී ලිපියක් පල්ස් කිරීමට සිටිමි) ඇතැම් විට පරිගණක පවා අඩ්ංගුව ඇත. රොබෝවරයා සතු වැදගත්ම කොටස ලෙස මේ පරිපථය හැඳින්විය හැක.  රොබෝවරයාට ක්‍රියාත්මක වීමට විධාන සකසන්නේ මේ පරිපථයෙනි. මෙයට  රොබෝවරයා සාදන පුද්ගලයා විසින් විධාන සකසා ඇත්තේ අදාල කාර්ය්‍යට උචිත වන පරිදිය.ඊලඟට සැකසුම් ප්‍රතිදානයට (output) අයත් උපකරණ මේවා තුල ඇත. යාන්ත්‍රික කොටස්(විදුලි මෝටර්, විදුලි අත්,රෝද), ස්පීකර්, බල්බ්, තිර මෙයට යොදාගනී.එක් යන්ත්‍රයක් සතුව මෙයින් එකක් හෝ කිහිපයක් තිබිය හැක. අපට මූලිකවම  රොබෝවක ක්‍රියාවලිය ගැලීම් සටහනක් මගින් මෙසේ දැක්විය හැක.

      රොබෝවක් පිලිබඳ මූලික අදහසක් දැන් ඔබට වැටහී ඇති.අප කරන රොබෝ නිර්මාණය වැඩ කටයුතු ඉදිරි ලිපියෙන් විස්තර කෙරේ.අප නිර්මාණය කරන්නේ ඉතා සරල (රේඛා අනුගමනය කරන) රොබෝ වරයෙක් බැවින්.ඉලෙක්ට්‍රොනික ශිල්පය ගැන මඳ දැනුමක් ඇති අයෙකුට වුවත් පහසුවෙන් තේරුම් ගත හැකි ලෙස ඉදිරිපත් කර ඇත. 

November 16, 2014

කන දේ කනෙන් ඇසීම | BitBite උපාංගය

           ශරීර සෞඛ්‍ය යහපත් ව පවත්වාගෙන යන්න විවිධාකාරයේ උපාංඟ ලෝකයේ නිපදවෙනවා. මේ කියන්නෙ ඒ වගේ ටිකක් වෙනස් ආකාරයේ  උපාංඟයක් ගැනයි.
බිට්බයිට් (BitBite) තමයි මේ උපාංගය. සාමාන්‍යයෙන් අපි කෑම කන කොට සැපීම ගැන එච්චර අවධානයක් යොමු කරන්නෙ නෑ. ඒ උනත් ආහාර ජීර්ණයට මේක වැදගත්. මේ උපකරණයෙන් අපි ආහාරයක් ගන්න අවස්ථාවේ දී එය සපන ආකාරය ගැන අසාගෙනම කන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි ස්මාර්ට් ෆෝන් ඇප් එකක් මඟින් මේ දත්ත එකතු කර එහි විශ්ලේෂණය කර එමගින් සපන ලද වාර ගණන හා එයට වැයවූ කැලරි ප්‍රමාණය ආදියෙහි විස්තරයක් ලබා ගන්න පුලුවන්.
මේ සියල්ල තිබුණද BitBite උපාංගය අවුන්ස 3 ක් පමණ බ‍රැති කනේ ‍රැඳවිය හැකි කුඩා උපාංගයකි. එහි ඇති මයික් හා අනෙකුත් සංවේදක මඟින් ශබ්දය ‍රැස්කර ගනු ලබයි.    එසේම මෙය සමග ලබාදෙන USB චාජරය භාවිතයෙන් වරක් ආරෝපණය කරගත් පසු පැය 3-4 කාලයක් භාවිත කල හැකි බවයි ආරංචි.. අවශ්‍ය විට භාවිත කර අවශය නොවන විට අත් පටියක හෝ රඳවා තබා ගත හැකියි.

$159 ලෙස මිල නියම කර ඇති මේ උපාංඟය 2015 දී වෙළඳ පොළට නිකුත් කිරීමට නියමිතයි. ඔහේ කෑම ගිල දමන බඩ පුරවගන්න විතරක් කන අයට නම් මේක හොඳ උපාංඟයක් වේවි!

එකතුවෙන්න...

 
         
 

tech එකේ ඉන්න අය

Contact Form

Name

Email *

Message *

ජනප්‍රිය ලිපි

ලිපි එකතුව

ආව ගිය අය

page visitor counter

ලිපි කියවා ඇති ගණන

tech සයුර Copyright © 2014 - All rights reserved.