ලෝකයේ දක්ෂතම නිර්මාණ කරුවො ඉන්නෙ කොහෙද? චීනෙ? නෑ.. එහෙනම් ජපානයේ? ඒත් නෑ.. ඇමරිකාවෙ? පිස්සුද.. කොහෙත්ම නෑ.. ලෝකෙ ඉන්න සුපිරිම වැඩ්ඩො ටික ඉන්නෙ අපේ රටේ.. මොනවද ඔට්ටු...!

මේ ව්‍යාපෘතිය පටන් අරගෙන තියෙන්නෙ 2007 දි. ඉවර වුණේ 2014 දි.. ඒ කියන්නෙ අවුරුදු 7ක් කට්ට කාගෙන පරීක්ෂණ කරලා තමයි මේ නිර්මාණය කරල තියෙන්නෙ. ඇමරිකාව, රුසියාව වගේ රටවල් ඔය උඩින් ඉන්නෙ මේවගේ තාක්ෂණයක් තියෙන්නෙ උන් ගාව විතරයි කියලා හිතාගෙන ඉන්න හින්දනේ.. දැන් ඒවා ඉවරයි! රූප බලපුවාම පෙනෙයි. මේක ඉතා උසස් ආකාරයට නිර්මාණය කරලා තියෙන විදිහ.... මේක ඒ විදිහට හදන්න කාබන්, ෆයිබර් ග්ලාස් වගේ ද්‍රව්‍ය පාවිච්චි කරල තියෙනවා.
මේ සුපිරි වැඩෙ කරල තියෙන්නෙ මහාචාර්ය රොහාන් මුණසිංහ මහතා සමග උපාධි අපේක්ෂක චාමික ගමගේ, රොෂාන් ලලන්ත ඇතුළුව පර්යේෂණ සහායකයන් ලෙස අනුරුද්ධ තෙන්නකෝන්, සංචිත පියුමාල්, එරංග ප්‍රනාන්දු සහ සංජීව ප්‍රනාන්දු යන පර්යේෂණ කණ්ඩායම..
මේ වැඩ කිඩ දැක්කහම මේ වගේ වැඩ වලට ට්‍රයි කරන අයගෙත් උනන්දුව වැඩි වෙනවා..
Tags:
News