Blogger profile එකෙන් comment දාන්න නොදෙන ප්‍රශ්නෙට විසඳුම

කාලෙක ඉඳලා බ්ලොග් එකේ පෝස්ට් වලට කමෙන්ට් දාන එකට ගූගල් ක්‍රෝම් වගේම අනික් වෙබ් බ්‍රවුසර් කේස් එකක් අදිනවා කියලා කීප දෙනෙක්ම කියලා තිබුණා. 

        කේස් එක කියන්නෙ ගූගල් අකවුන්ට් එකකින් ලොග් උනත් "Unable to sign in to comment. Please check your browser configurations to allow sign-in. Learn more. You can still comment anonymously, or with name and URL." කියලා මැසේජ් එකක් වැටෙනවා. 



හේතුව

    මේකට හේතුව තමයි වෙබ් බ්‍රවුසර් වලින් බ්ලොග් එකේ කුකීස් (යූසර් ට්‍රැකින් කුකීස්) බ්ලොක් කරන එක. හැබැයි ගූගල් ප්‍රොෆයිල් එකකින් කමෙන්ට් දාන්න නම් මේ කුකීස් වලට බ්‍රවුසර් එක ඉඩ දෙන්න ඕනි. ඕන්න ඕක නිසා තමයි ලොග් උනත් කමෙන්ට් දාන්න බැරිවෙන්නෙ. මේ ගැන ගූගල් බ්ලොගර් සපෝර්ට් එකේ එයාලා කියලා තියෙනවා.ඒත් ඉතිං ඇනෝ කමෙන්ට් දාන්න ඕනි නෑනෙ රියල් ඇකක් තියාගෙන.!

විසඳුම

     මේකට කරන්න තියෙන දේ තමයි ඔයාගෙ වෙබ් බ්‍රවුසර් එකේ ප්‍රයිවසි සෙටින්ස් වෙනස් කරන එක.

Google Chrome

 
    එක විදියක් තමයි මේ විදියට Settings >> Privacy and Security >>Third-party cookies වලින් Allow third-party cookies කියන එක තෝරන එක.


 එහෙමත් නැත්නම් ඊට ටිකක් පහල තියෙන 
Allowed to use third-party cookies කියන තැනින් Add ක්ලික් කරලා බ්ලොග් එකේ URL එක දෙන්න පුළුවන්. එතකොට වැඩේ හරි.

Microsoft Edge

මේ බ්‍රවුසර් එකේදි Privacy, search, and services >> Tracking prevention එක Basic කියලා දාන්න පුළුවන්.


නැත්නම් පහලින් තියෙන E
xceptions එකට ගිහින් බ්ලොග් එකේ URL එක දෙන්න පුළුවන්.


Firefox

 Firefox එකේ Privacy & Security setting එක custom තෝරන්න.
නැත්තන්ම් කලින් ඒවා වගේම Exceptions වලට URL එක දෙන්න. එතකොට වැඩේ හරි!


මේන්න මේ විදියට තමයි ඇනෝ කමෙන්ට් නොදා රියල් ඇකෙන් කමෙන්ට් දාන්නෙ ;)

6 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. ඒක මරු. දැං මම මේකට කොමෙන්ට් එක දැම්මෙත් පේජ් එක එකපාරක් රීප්‍රෙශ් කරල.

    ReplyDelete
    Replies
    1. ජයි බෝලානාත්! කාලෙකට පස්සෙ ඇනෝ නැති කමෙන්ට් එකක් දැක්කෙ අයියා.

      Delete
  2. ඕකට තව හේතුවක් email දෙකතුනකින් ලොග් වෙලා ඉන්න එක. මටනම් මේක උනා 😅

    මේ ගැන පොස්ටුවක් දාපු එක හොඳ ✌!

    ReplyDelete
    Replies
    1. අපෝ ඒකත් හරි හිසරදයක් තමයි!

      Delete
Previous Post Next Post

Recent Post

Features