සෑහෙන්න කාලෙකට පස්සෙ ආයෙ පෝස්ට් එකක් අරන් ආවා ඔන්න. මේ පෝස්ට් එකෙන් කියලා දෙන්න හදන්නෙ GitHub එකෙ තියෙන private repository එකක් cPanel web hosting එකක තියෙන directory එකකට clone කරගන්නෙ කොහොමද කියලා.
මේ වැඩේ කරන්න නම් ඔයා අරන් තියෙන cPanel web hosting service එකේ SSH enable වෙලා තියෙන්න ඕනි. ඒ වගේම cPanel එකේම Terminal එක තියෙනවනම් තවත් ලේසි. එහෙම නැත්නම් PUTTY වගේ SSH client එකක් යොදා ගන්නත් පුළුවන්. දැන් තියෙන ගොඩක් cPanel hosting වල මේ SSH තියෙන නිසා මෙ වැඩේ ගැටලුවක් නැතිව ට්‍රයි කරලා බලන්න පුළුවන්. cPanel Terminal එකට යන්න නම් cPanel >> Home >> Advanced >> Terminal වලින් පුළුවන් .
පියවර 1 : SSH Key එකක් generate කරගැනීම.
මුලින්ම අපි කරන්න ඕනි authorization වෙනුවෙන් SSH key එකක් generate කරගන්න එක. මීට ඉස්සර නම් RSA key එකක් SHA-1 secure hash algorithm එක එක්ක මේ වැඩේට යොදා ගන්න පුළුවන් උනත් SHA-1 algorithm එකේ තියෙන security issue නිසා GitHub දැන් encryption එකෙන් දෙන key accept කරන්නෙ නෑ. ඒ නිසා මේකට ECDSA encryption එක භාවිතා කරන්න වෙනවා.
ssh-keygen -t ecdsa -b 521 -C user_name@example.com
පියවර 2 : Verify Generated The SSH Key
cat ~/.ssh/id_rsa.pub
- GitHub account එකට Sign in වෙන්න.
- Clone කරන private repository එකට යන්න.
- දකුණු පැත්තෙ උඩ තියෙන "Settings" බට්න් එක කරන්න.
- දකුණු පැත්තේ මෙනු එකේ තියෙන "Deploy keys" click කරන්න.
- දකුණු පැත්තේ උඩ තියෙන "Add deploy key" එක Click කරන්න.
- "Title" : display කිරීමට කැමති නමක් ලබා දෙන්න.
- "Key" text box එකට කොපි කරගත්ත සම්පූර්ණ SSH key එක paste කරන්න. cPanel account එකෙන් GitHub account එකට code push කිරීමට අවශ්‍ය නම් "Allow write access" checkbox එක check කරන්න. GitHub repository එකෙන් cPanel-hosted repository එකට පමණක් deploy කරන්නේ නම් මේ check box එක check කරන්න එපා!
- "Add key" ක්ලික් කරන්න.
පියවර 4 : SSH key එක test කරන්න.
ssh -T git@example.com
පියවර 5 : Private repository එක clone කිරීම.
git clone git@example.com:$name/private-repo.git
මෙලෝ අලබෝලයක් තේරුනේ නෑ එත් තේරුනා වාගේ ඉන්න ඕනේ.
ReplyDelete----කොළොම්පුරේ අසංග---
ඇල්මෙන් අකුරු උගනිමු ඉදිරි වැඩ තකා අසංග අයියේ !
DeleteC පැනල් තියා i පැනල්වත් නෑ බ්‍රෝ අපිට.
ReplyDeleteனයා
සිවිලීමේවත් බලමු අයියා.. හැක්!
Delete