Private Github Repo එකක් CPanel එකට clone කරන හැටි

     සෑහෙන්න කාලෙකට පස්සෙ ආයෙ පෝස්ට් එකක් අරන් ආවා ඔන්න. මේ පෝස්ට් එකෙන් කියලා දෙන්න හදන්නෙ GitHub එකෙ තියෙන private repository එකක් cPanel web hosting එකක තියෙන directory එකකට clone කරගන්නෙ කොහොමද කියලා. 

    මේ වැඩේ කරන්න නම් ඔයා අරන් තියෙන cPanel web hosting service එකේ SSH enable වෙලා තියෙන්න ඕනි. ඒ වගේම cPanel එකේම Terminal එක තියෙනවනම් තවත් ලේසි. එහෙම නැත්නම් PUTTY වගේ SSH client එකක් යොදා ගන්නත් පුළුවන්. දැන් තියෙන ගොඩක් cPanel hosting වල මේ SSH තියෙන නිසා මෙ වැඩේ ගැටලුවක් නැතිව ට්‍රයි කරලා බලන්න පුළුවන්. cPanel Terminal එකට යන්න නම් cPanel >> Home >> Advanced >>  Terminal වලින් පුළුවන් .


පියවර 1 : SSH Key එකක් generate කරගැනීම.

    මුලින්ම අපි කරන්න ඕනි authorization වෙනුවෙන් SSH key එකක් generate කරගන්න එක. මීට ඉස්සර නම් RSA key එකක් SHA-1 secure hash algorithm එක එක්ක මේ වැඩේට යොදා ගන්න පුළුවන් උනත් SHA-1 algorithm එකේ තියෙන security issue නිසා GitHub දැන් encryption එකෙන් දෙන key accept කරන්නෙ නෑ. ඒ නිසා මේකට ECDSA encryption එක  භාවිතා කරන්න වෙනවා.

ssh-keygen -t ecdsa -b 521 -C user_name@example.com

     මේ command එකේ "user_name" කියන කොටසට ඔයාගෙ cPanel user name එක දීලා example.com එකට වෙබ්සයිට් එකේ ඩොමේන් එක දෙන්න ඕනි. ඒ විදියට දීලා enter කරාට පස්සෙ ඔයාගෙන් මේකට passphrase එකක් අහනවා. ඒකට මොකුත් නොදී කෙලින්ම enter press කරන්න.



පියවර 2 :  Verify Generated The SSH Key

    ඔයා දැන් generate කර ගත්ත key එක හරියට generate වෙලාද කියලා පහල තියෙන command එකෙන් චෙක් කරලා බලන්න පුළුවන්.

cat ~/.ssh/id_rsa.pub

පියවර 3 : Register Your SSH Key With The Private Repository Host

    Generate කරගත්ත SSH Key එක Bitbucket හෝ GitLab වැනි private repository සමඟ සම්බන්ධ කිරීමට උදවු අවශ්‍ය නම්,  ඔවුන්ගේ අදාළ වෙබ් අඩවි හෝ documantation වෙත යොමු විය හැක. ඒ වගේම Bitbucket වැනි සමහර ඒවා, මෙම පහසුකම ලබා දෙන්නෙ නෑ.

Generate කරගත්ත SSH Key එක GitHub සමඟ සම්බන්ධ කිරීමට, මෙම පියවර අනුගමනය කරන්න:
  • GitHub account එකට Sign in වෙන්න.
  • Clone කරන private repository එකට යන්න.
  • දකුණු පැත්තෙ උඩ තියෙන "Settings" බට්න් එක කරන්න.
  • දකුණු පැත්තේ මෙනු එකේ තියෙන "Deploy keys" click කරන්න.
  • දකුණු පැත්තේ උඩ තියෙන "Add deploy key" එක Click කරන්න.
  •  "Title" :  display කිරීමට කැමති නමක් ලබා දෙන්න.
  • "Key" text box එකට කොපි කරගත්ත සම්පූර්ණ SSH key එක paste කරන්න. cPanel account එකෙන් GitHub account එකට code push කිරීමට අවශ්‍ය නම් "Allow write access" checkbox එක check කරන්න. GitHub repository  එකෙන් cPanel-hosted repository එකට පමණක් deploy කරන්නේ නම් මේ check box එක check කරන්න එපා!
  • "Add key" ක්ලික් කරන්න.


පියවර 4 :  SSH key එක test කරන්න.


    Deploy කරපු SSH key එක හරියට වැඩ කරනවද බලන්න පහලින් තියෙන command එක execute කරන්න.

ssh -T git@example.com

"git@example.com" කියන්නෙ ඔයාගෙ private repository එකේ host  එකයි. උදා : "git@github.com"

පියවර 5 : Private repository එක clone කිරීම.


    ඉහළින් කියපු පියවර ටික අවුලක් නැතිව වැඩ කරා නම් දැන් පුළුවන් ඔයාගෙ private repository එක clone කරන්න. එකට පහලින් තියෙන git commant එක terminal එකේ enter කරන්න.

git clone git@example.com:$name/private-repo.git

    මේකෙ "git@example.com:$name/private-repo.git" කියන්නෙ ඔයාගෙ private repository එකේ URL එක. ඔයා මේක කරනකොට "Error: The WebSocket handshake failed at..."  වගේ error එකක් ආවොත් ඔයාගෙ connection එක double check කරන්න. ගොඩක් වෙලාවට VPN හරහා connect වෙලා ඉන්නවනම් ගැටලුව එන්න ඉඩ තියෙන නිසා ඒක disconnect  කරලා ආයෙ try කරන්න.

    ඉතින් ඔන්න ඔහොම තමයි GitHub private repository එකක් cPanel host එකකට clone කරන්නෙ. මේ ගැන ගැටළු තියෙනවනම් පහලින් comment කරන්න. එහෙනම් හැමෝටම ජය! 

4 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. මෙලෝ අලබෝලයක් තේරුනේ නෑ එත් තේරුනා වාගේ ඉන්න ඕනේ.
    ----කොළොම්පුරේ අසංග---

    ReplyDelete
    Replies
    1. ඇල්මෙන් අකුරු උගනිමු ඉදිරි වැඩ තකා අසංග අයියේ !

      Delete
  2. C පැනල් තියා i පැනල්වත් නෑ බ්‍රෝ අපිට.

    னයා

    ReplyDelete
    Replies
    1. සිවිලීමේවත් බලමු අයියා.. හැක්!

      Delete
Previous Post Next Post

Recent Post

Features