වැදගත් තොරතුරු Hard Disk එකේ තියන්න එපා!

         මේ පාඩමෙන් කියලා දෙන්න යන්නෙ කොහොමද ඔයාලග වැදගත් ෆයිල් hard disk එකේ SSD එකේ තියාගෙන නැති කරගන්නෙ නැතුව හරියට පරෙස්සම් කරගන්නෙ කියලා. කැම්පස් වල research, projects වගේම වටිනා කියන ෆොටෝ වීඩියෝ මෙහෙම විනාශ කරගෙන recovery කරන්න දහ අතේ දුවන අය දැකපු නිසා මේක දාන්නෙ. මොකද කොම්පියුටරේ ලක්ෂ 4ක් 5ක් උනත් ඊට වඩා ඕකෙ තියෙන data වටිනවා. එතකොට කොහොමද එහෙම නැති වෙන්නෙ? ආ ඒවා වෙනහැටි මේ පෝස්ට් එකෙන් ඉස්සරහට කියලා දෙන්නම්.


👉අනාරක්ෂිත Disk drives

        Hard disk (Hard disk එකක ඇතුලත කොටස් බලන්න)  එකක් වේවා SSD එකක් වේවා මේ මොන එකත් electronic උපාංඟයක් මොන වගකීම දීලා තිබුණත් ඒවා fail වෙන්න පුළුවන්. සමහර අය quality එක පැත්තකට දාලා තියෙන අඩුම ගාන දීලා  SSD, Hard disk ගන්න එකත් මේකට එක හේතුවක්. ඒ වගේම භාවිතයේ වැරදි, උපාංඟ නොගැලපීම් එහෙමත් මේකට බලපානවා. තව ඉන්ටනෙට් එකෙන් අහු වෙන හැම එකම ඩුවුන්ලෝඩ් කරන්න ගිහින් රැන්සම්වෙයා වලට හාඩ් එකේ ඩේටා encrypt වෙනවා වගේ අකරතැබ්බ වෙන්නත් පුළුවන්.


👉වැදගත් ඩේටා බැකප් කරන්න

    ඔයා කොම්පියුටරෙන් මොකක් හරි වැදගත් වැඩක් කරන්න ඉන්නවනම් ඒ වැඩේ බැකප් එකක් නැත්නම් කොපියක් අඩුම දවස අවසානයේ පෙන් එකකට වගේ ගන්න. ඊටත් වඩා හොඳයි GDrive, One Drive වගේ සේවාවක ඩේටා සේව් කරගන්න එක. මොකද ඒවගෙ තියෙන ඩේටා වලට ඉතා හොඳ ආරක්ෂාවක් දීලා තියෙනවා. ඒ වගේම auto sync පහසුකම මේ හැම සේවාවක් එක්කම එන නිසා මහන්සියකින් තොරව ඉබේම ෆයිල් ෆෝල්ඩර් බැකප් වෙන්න හදාගන්න පුළුවන්.



👉ඩේටා බැකප් තියාගන්න හොඳම විදිහක් 3-2-1 Backup

            3-2-1 Backup ක්‍රමය ඩේටා බැකප් තියාගන්න හඳුන්වලා දීපු හොඳම ක්‍රමයක්. මේ  ක්‍රමයේදී කියන්නෙ ඔයාගෙ ඩේටා වල අවම කොපි 3 ක් තියාගන්න කියල කියන්නෙ.

  • Copy 1: තමන්ගෙ වැඩ කරන පරිගනකයේ (Local backup).
  • Copy 2: External Hard disk එකක හෝ NAS device එකක (Local backup but different media).
  • Copy 3:   GDrive වැනි ක්ල්වුඩ් සේවාවක (Offsite backup).
  මේ බැකප් වලින් මොන ක්‍රමය කොච්චර දුරකට යොදාගන්නවද කියන එක ඔයාගෙ දත්ත වලට තියෙන වටිනාකම අනුව ඔයාට තීරණය කරන්න පුළුවන්. ගූගල් ,මයික්‍රෝසොෆ්ට් වගේ මොන තරම් ලොකු සමාගම් උනත් එයාලගෙ බැකප් තියාගන්න ටේප් ඩ්‍රයිව් වැනි ක්‍රම අදටත් භාවිතා කරනවා.


👉හදිස්සියෙ Hard disk එක වැඩ නැතුව ගියොත්!

            කොච්චර කොහොම කීවත් මේ බැකප් කියන ඒවා ගොඩක් අය කරන්නෙ නෑ.  ඒ වෙලාවට හදිසීයෙවත් disk එක පෙන්නන්නෙ නැතුව හරි not responding එහෙමත් නැත්නම් 'You need to format the disk in drive before using it' වගෙ මැසේජ් එකක් එහෙම ආවොත් මොකද කරන්නෙ? .මේ වගේ වෙලාවක කලබල වෙලා ඔක්කොම ඉවරයි කියලා හිතන්න එපා. ඒ වගේම ඉක්මන් තීරණ වලට එන්නත් එපා. මෙහෙම වෙන්න පහල තියෙන හෙතු සාධක තියෙන්න පුළුවන්.

  • Hard disk එක conector වලින් බුරුල් වීම හෝ oxide වීම.
  • Motherboard එකේ දෝෂ.
  • නියමිත පරිදි විදුලිය නොලැබීම.
  • Hard disk එකේ පරිපථයේ දෝෂ.
  • Driver software ගැටලු තිබීම. 
මෙන්න මේ වගේ හෙතු තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක පලපුරුද්දක් ඇතිනම් පමණකක් කරන්න පුලුවන් දේවල් පහලින් තියෙනවා.
  • ගලවා connectors පිරිසිදු කර නැවත සවි කරන්න.
  • වෙනත් පරිගණකයකට external cable එකකින් සම්බන්ධ කර බලන්න.
    You need to format the disk in drive before using it' වගෙ මැසේජ් එකක් එහෙම ආවොත් කිසිම විටක format කරන්න යන්න එපා.! එය නැවත data reovery කිරීම අපහසු කිරීම හෝ සදහටම දත්ත recovery කර නොගැනීමට පවා හේතු වෙන්න පුළුවන්.
    ලැප්ටොප් වල ඇති hard disk ඉතා සියුම් බැවින් ගැලවීමේදී වඩාත් ප්‍රවේසම් වන්න. එය මත අනවශ්‍ය පීඩනයක් එල්ල නොකිරීමට වගබලා ගන්න.!

        මේ විදියට හරි ගියේ නත්නම් හෝ පලපුරුද්දක් නැත්නම් මනා දනුමක් ඇති කෙනෙකුට පමණක් ලබා දී data recovery හෝ partition recovery කිරීම සිදු කරගන්න උත්සහ කරන්න.

        ඉතිං වැඩේ වැරදෙනකම් ඉන්නෙ නැතුව දැනටම ඔයාගෙ තියෙන වැදගත් ලිපි, ෆොටෝ, වීඩියෝ එකී මෙකී නොකී හැම වැදගත් ෆයිල් එකකම බැකප් එකක් තියාගන්න. And thanks me later ! 😉

15 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. හැක්.. ඔහේ ඔය උපදෙස දෙනකොට පරක්කු වැඩියි.

    මගේ හාඩ් එකක් රැන්සම් මගුලකට අහුවෙලා කෙලවෙලාම ගියා. අවුරුදු ගානක් තියාගෙන ඉඳල මේ ළඟදි ෆෝමැට් කරල දැම්ම.

    ReplyDelete
    Replies
    1. රැන්සම්වෙයා වලට අහු උනාම නම් කරන්න ඉතුරු වෙන අන්තිම ඔප්ෂන් එක තමයි අයියෙ ඔය. අපෙ කැම්පස් එකේ එවුන් කරපු රිසර්ච් වලට එහෙම කෙලවෙලා පොලොවෙ පස් විතරයි නොකෑවෙ.

      Delete
  2. මම නම් බැකප් විදියට පාවිච්චි කරන්නේ පෙන් ඩ්‍රයිව්.
    යිෂ්රායල් සුරකින දෙවි මාගේ ඩේටා රකීවා.

    ReplyDelete
    Replies
    1. අන්න නුවනැති වැඩක්... එතකොට ණයත් නෑ බයත් නෑ!

      Delete
  3. ගොඩක් අය ඔය data නැතිකරගන්න වැඩේ කරගන්නව. contact list, passwarod ඉඳල... ඉතා වැදගත් ඒවා ඒ අතර තියෙනව. මේක මතක් කරපු එක කාටත් වටිනව!

    ReplyDelete
    Replies
    1. බුදාම්මෝ බැක්ප් ගන්නෝ! password නම් ප්ලේන් ටෙක්ස්ට් තියාගන්න එක එච්චර හොඳ නෑ රජෝ.. මෙන්නෙ මේ ලිපි දෙක කියවන්න.

      https://www.techsayura.com/2018/09/forget-email-pwd.html
      https://www.techsayura.com/2021/02/migrate-LastPass-to-Bitwarden.html

      Delete
  4. අහන්ටමයි හිටියෙ... මේකේ fixed side bar එකක් කෙරුවෙ කොහොමෑ. කියන්න බැරි කරන විදිහ?

    ReplyDelete
    Replies
    1. https://abouolia.github.io/sticky-sidebar/ මෙන්න මේ ටියුටෝරියල් එක බලන්ට. අවුලක් උනොත් කියන්ට!

      Delete
    2. https://www.techsayura.com/p/contact-us.html

      මේං මේකෙන් මැසෙජ් එකක් එවන්න ආයෙම විස්තර දාලා. පොඩි අවුලක් උනා ඊමේල් එකේ

      Delete
  5. External hard drive එකක් ඩැමේජ් නොවී තියාගන්න මොනවගේ දේවල් කරන්න ඕනෙද?

    ReplyDelete
    Replies
    1. හොඳ ප්‍රශ්නයක් !

      * External hard drive වලත් තියෙන්න mechanical drive එකක් නිසා ලොකු ඝට්ටන වලින් ආරක්ෂා කරගන්න ඔනි. සමහර ඒවනම් shock proof cover එක්ක එනවා ඒත් ඒවගෙන් ලොකු ආරක්ෂාවක් ලැබෙන්නෙ නෑ.

      * පරිගණකය එක්ක සම්බන්ධ කරන කේබල් එක හොඳ තත්වයේ තියෙන්න ඕනි. කේබල් එක බුරුල් නම්, කැඩිලා නම් ඒකෙන් connectivity එක interrupt වෙලා damage වෙන්න පුළුවන්.

      * Computer එකෙන් disconnect කරනකොට 'Remove USB drive' option එක හැම වෙලේම use කරන්න.

      * USB pen drive වලට වඩා වැඩි power එකක් external hard drive එකට ඕනි වෙන නිසා USB hub වලින් නැතුව කෙලින්ම පරිගණකයේ USB port වලට කෙලින්ම සම්බන්ධ කරන්න.

      මෙන්න මේ විදියට use කලොත් external hard drive එකකින් ගොඩක් කල් වැඩ ගන්න පුළුවන් වෙයි.

      Delete
  6. ඔන්න ඉතින්. හාඩ් එකේ නැතිව කොහේ තියන්නද. ක්ලවුඩ් එකෙත් පොඩ්ඩක් තියනව.

    ReplyDelete
    Replies
    1. බෑනෙ කරන්න ඉතිං 😐. ඩේටා නැති උනාම රිකවරි කරන්න දුවන්න පුරුදු වෙමු දැන්ම ඉඳන්ම ඕං කීවා.

      Delete
Previous Post Next Post

Recent Post

Features