400TB ඩේටා දැමිය හැකි ටේප් ඩ්‍රයිව්!

          කැසට් ටේප් අන්තිමට දකින්න ලැබුණු පරම්පරාව 90 දශකයේ ඉපදුන අයයි. දැන් CD (ඒවත් දැන් නැති තරම්), පෙන් ඩ්‍රයිව් තීබුණට ඒ කාලයේ රජ කෙරුවේ කැසට් තමයි.(වැඩිදුර දැනගන්න කැසට් ගැන ලියවුණු ලිපිය කියවන්න.) . දැන් සමාන්‍ය භාවිතයෙන් තරමක් ඈත් උනත්, වැඩි ධාරිතාවක් සහිත දත්ත තැන්පත් කිරීමට හැකිවන පරිදි වැඩි දියුණු කිරීමට විවිධ ආයතන පරීක්ෂණ කරනවා. එහෙම පරීක්ෂණ කරන සමාගමක් වන ජපානයේ Fujifilm සමාගම 400TB තරම් ඩේටා දැමිය හැකි කැසට් ටේප් එකක් නිපදවිය හැකි බව පවසා තිබෙනවා.
            ටේප් ඩ්‍රයිව් වල දත්ත තැන්පත් කිරීමේ උපරිමය දැනට 12TB ට සීමාවී තිබෙනවා. Fujifilm සමාගම පවසන ආකාරයට මේ නව තාක්ෂණයේදී දැනට දත්ත තැන්පත් කිරීමට යොදා ගන්නා Barium Ferrite (BaFe) ආලේපිත පටි වෙනුවට Strontium Ferrite (SrFe) ආලේපිත පටි යොදාගනී. BaFe ආලේපිත පටි තාක්ෂණය පරම්පරා ගණනක් තිස්සේ මතක තැන්පත් කිරීමේ ස්ථාන කුඩා වෙමින් පැමිණ දැන් එහි උපරිමයට පැමිණ තිබේ. ටේප් තාක්ෂණයේදීද පරිගණක ප්‍රොසෙසර් තාක්ෂණයේ ප්‍රකට නියමයක් වන "මූර් නීතිය" (Moore's Law) වන "සෑම අවුරුදු දෙක හමාරකට වරක් ප්‍රොසෙසරයක ඇති ට්‍රාන්ස්සිටර් ප්‍රමාණය දෙගුණයක් වේ" යන නියමය හා සමානව මතක කොටස් කුඩා වෙමින් අවුරුදු දෙක හමාරකට වරක් තැන්පත් කල හැකි ප්‍රමාණය දෙගුණ වෙමින් පැමිණෙයි.
                              මේ එක් එක් ටේප් තාක්ෂණයන් පොදු නියමාවලියක් අනුව නිපදවීමට 1990 IBM සමාගම LTO (Linear Tape-Open) ලෙස සම්මතයක් හඳුන්වා දුන්නා. එහි ප්‍රථම සම්මතය LTO-1 වන අතර දැනට පවතින සම්මතය වන්නේ LTO-8 වේ. LTO-1 හීදී ලෝහ අංශු [metal particle (MP)] භාවිත වූ අතර එහි ගබඩා කල හැකි උපරිමය 100GB විය. LTO-6 සම්මතයෙන් BaFe යොදාගත් ටේප් වල මෙය 2.5TB තරම් උපරිමයක් විය. ඒ අනුව LTO-10 සම්මතයේදී 48TB තරම් ධාරිතාවක් සහිතව නිපදවිය හැකි වනු ඇත. 
                      එය 2022 වසර වන විට වෙළඳපොළට පැමිණෙනු ඇත. 400TB ධාරිතාවක් ලබා ගැනීමට පෙර 2025 දී 96TB ද, 2027 වනවිට 192TB ද 2030 දී 384TB ධාරිතාවන් පැමිණිය යුතුය. Strontium පරමාණු Barium පරමාණු වලට වඩා කුඩා වේ. මේ නිසා පෙරට වඩා කුඩා ඉඩක වැඩි මතක ප්‍රමාණයක් තැන්පත් කිරීමට හැකිවේ.
                       සාමාන්‍ය භාවිතයෙන් ඈත් වුවත් ආයතනික මට්ටමෙන් ඡායාරූප, වීඩියෝ වැනි විශාල ප්‍රමාණයේ දත්ත තැන්පත් කිරීමට බහුලව යොදාගනී. නමුත් දත්ත ප්‍රවේශ කාලය අතින් හාඩ් ඩිස්ක් වලට වඩා වැඩි නමුත් විශාල ප්‍රමාණයේ දත්ත තැන්පත් කිරීමට ටේප් යොදා ගැනීම මූල්‍යමය අතින් වාසිදායක වේ. Fujifilm සමාගම හැරුණු විට ටේප් නිපදවන අනෙක් එකම සමාගම Sony වේ. Sony සමාගම IBM සමාගම සමග එක්ව ටේප් තාක්ෂණය දියුණු කරනු ලබයි. වසර 2026 වනවිට 330TB ධාරිතාවක් සහිත කැසට් ටේප් තාක්ෂණයක් හඳුන්වා දීම ඔවුන්ගේ අරමුණයි.

4 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. කරකෝල අත්හැරිය වගේ.. ආව කාලෙකම ඉගෙන ගන්නවා (ජිවත් වෙලා හිටියොත්)

    ReplyDelete
    Replies
    1. සිංඳු අහපු කාලෙ මතක් උනා නේද?

      Delete
  2. හොඳ ආරංචියක් අපේ බැක් අප් ටීම් එකට

    ReplyDelete
    Replies
    1. අද කාලෙ දේපල ඉඩකඩම් වලට වඩා වටින්නෙ ඩේටා 😎

      Delete
Previous Post Next Post

Recent Post

Features