Twitter වෙත හැකර් ප්‍රහාරයක්!

            ට්විටර් තුල පවත්වාගෙන යන ප්‍රභලයන්ගේ ගිනුම් ගණනාවක් ඉලක්ක කර ගනිමින් බිට්කොයින් වංචාවක් මුල් කරගත් හැකර් ප්‍රහාරයක් පසුගිය 15 වන දා එල්ල වුණා. එහිදි සිදු වුණේ එම ගිණුමේ ඇති ලිංක් එක තුලින් එවන බිට්කොයින් වල අගය දෙගුණයක් කර ලබා දෙන බව සඳහන් පණිවිඩයක් පල කිරීමකි. මීට පෙර ට්විටර් ප්‍රධානී ජැක් ඩෝසි ගේ ගිණුමද මෙසේ හැකර් ප්‍රහාරයකට ලක් වූවා.
                                         ලොව ප්‍රසිද්ධ පුද්ගලයන් වන බරැක් ඔබාමා, ජෝයි බයිඩෙන්, බිල් ගේට්ස්, ඊලොන් මස්ක්, ජෙෆ් බෙසොස්, කැනී වෙස්ට් හා මයිකල් බ්ලූම්බර්ග් යන අයගේ ට්විටර් ගිණුම් මෙම ප්‍රහාරයට ලක්වී තිබෙනවා. එසේම ලොව ප්‍රසිද්ධ තාක්ෂණික සමාගම් වන ඇපල් හා ඌබර් ආයතනවල ට්විටර් ගිණුම් හරහා ද මේ පණිවිඩය පලවුණා.

                                      මෙය දැනගත් පසු එම පණිවිඩ මකා දැමුවද ඇතැම් ගිණූම් වලින් එම පණිවිඩය නැවත පළ වීමත් සමග ට්විටර් සමාගම විසින් එම ගිණුම් වල ට්විට් දැමීම තාවකාලිකව අවහිර කිරීමට කටයුතු කරනු ලැබුවා. blockchain.com වෙබ් අඩවියට අනුව මෙම පණිවිඩය හරහා ගණුදෙනු 370ක් හරහා හැකර් කරුවන් ඩොලර් 100,000 පමණ මුදලක් උපයාගෙන තිබිණි.

                                    මෙහි ඇති බරපතල කම නම් ඔවුන් තම ට්විටර් ගිණුම් වල ආරක්ෂාව වෙනුවෙන් හොඳ පාස්වර්ඩ් එකක් සමග two-factor authentication සක්‍රිය කර තිබුණද මේ හැකර් කරුවන් ඒ ආරක්ෂක උපක්‍රම තුලින් ද රිංඟා ගොස් තිබීමයි. මේ නිසා ට්විටර් ආරක්ෂාව ගැන යලිත් ප්‍රශ්නාර්ථයක් ඇති විය.

                                           මේ ගැන පරීක්ෂණයක් පවත්වමින් ට්විටර් සමාගම සඳහන් කලේ තම සමාගමේ අභ්‍යන්තර පද්ධති (internal systems and tools) වලට සම්බන්ධ විය හැකි සමාගමේ සෙවකයන් එක්කෙනෙකු හෝ කීප දෙනෙක් විසින් මෙය සිදු කරන ලද බවට සැක කරන බවයි. ට්විටර් ප්‍රධානියා වන ජැක් ඩෝසි ද මේ පිලිබඳ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහුද තරමක් බැරෑරුම් අවස්ථාවක සිටින බවට කියා තිබෙනවා.
                                                        

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features