Fortnite කියන්නෙ Epic Games සමාගමෙන් ඉදිරිපත් කරපු ජනප්‍රිය ගේම් එකක්. ඒත් මේ ගේම් එක Apple App Store වගේම Google Play Store වලින් ඉවත් කර දමා තිබෙනවා. ඒ මුදල් ගෙවීම් සිදුකරන ක්‍රමවේදයන් කඩ කිරීමේ හේතුව නිසයි.
Fortnite is currently unavailable on Google Play. More information will be forthcoming soon.— Fortnite (@FortniteGame) August 14, 2020
මේ හේතුව නිසා නැවත එය App Store වෙත එක් කරන තුරු Apple Store හා Google Store තුලින් අලුතෙන් ලබා ගන්නා අයට එය ලබාගැනීමට නොහැකි වනවා. නමුත් දැනටමත් ලබා ගෙන ඇති අයට මේ නිසා බාධා සිදු නොවෙන අතර updates හා අනෙකුත් සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනු ඇති.
කෙසේ වෙතත් Epic Games සමාගම මේ ඉවත් කිරීමට එරෙහිව Apple සමාගමට නඩු පැවරීමට යන බව පැවසෙනවා. ඔවුන් විසින් 1984 දී Apple Macintosh සඳහා නිර්මාණය කරනු ලැබූ දැන්වීමට සමාන වන පරිදි සැකසූ වීඩියෝවක් ද නිකුත් කර තිබෙනවා.
Problem everywhere! :)))
ReplyDeleteHa ha yes! 😂
Delete