AMD Zen 3 Ryzen 5000 ප්‍රොසෙසරය !

                        

                  AMD  සමාගම ඔවුන්ගේ අලුත්ම Ryzen 5000 ශ්‍රේණියේ ප්‍රොසෙසර් එලි දක්වන බව නිවේදනය කරනු ලැබුවා. එය ඔවුන්ගේ ඉදිරි පරම්පරාව එනම් Zen 3 ආකෘතියේ ප්‍රොසෙසරය යි. මෙය Gaming හා ඩෙස්ක්ටොප් පරිගණක වලට විශාල ඉදිරි පිම්මක් වනු ඇත.

                        අලුත් Zen 3 ආකෘතිය පෙර පැවති Zen 2 ආතියට වඩා බලය පිරිමැස්මක්, වේගවත්  බවක් හා 19% වැඩි instructions per clock (IPC) වේගයක් සහිතව පැමිණේ. නොවැම්බර් 5 වෙලඳ පොළට නිකුත් වන මෙම ප්‍රොසෙසර් වල Ryzen 5 5600X ඩොලර් 299 ක් ද, Ryzen 9 5900X ඩොලර් 549 වැනි මිලක් වනු ඇත.

                       5900X කාණ්ඩයේ කෝර් 12 ක්, ත්‍රෙඩ් 24 ක්, 4.8GHZ වේගයක්, 64MB L3 කෑෂ් මතකයක් හා 105 W ක්ෂමතාවක් ඇත. AMD සමාගම පවසන ආකාරයට 5900X කාණ්ඩය පෙර පළමු පරම්පරාවේ Zen ප්‍රොසෙසරයට වඩා 26% වැඩි වේගයක් ඇත. මෙම ප්‍රොසෙසරය Cinebench R20 1T benchmark පරීක්ෂණයෙන් පොයින්ට් 600 ක අගයක් ලබාගැනීමට සමත් වී තිබෙනවා. intel 10900K ප්‍රොසෙසරය උපරිම Clock-Speed එක සහිතව ලබා ඇත්තේද පොයින්ට් 544 ක් පමණි. එනම් මෙය දැනට ඇති ඉන්ටෙල් ප්‍රොසෙසර් වලට වඩා වේගවත් ය. 

Model Cores/ Threads TDP (Watts) Boost / Base Frequency (GHz) Cache (MB) Price
AMD Ryzen 9 5950X 16C/32T 105W Up to 4.9 / 3.4 GHz 72 $799
AMD Ryzen 9 5900X 12C/24T 105W Up to 4.8 / 3.7 GHz 70 $549
AMD Ryzen 7 5800X 8C/16T 105W Up to 4.7 / 3.8 GHz 36 $449
AMD Ryzen 5 5600X 6C/12T 65W Up to 4.6 / 3.7 GHz 35 $299

                    මේ ප්‍රොසෙසර් වලට සමගාමීව AMD සමාගමේ GPU වන Radeon හි අලුත් ග්‍රැෆික් කාඩ් එකෙහි නව සංස්කරණයක් RX 6000 "Big Navi" ලෙස අලුත් පරපුරේ RDNA 2 ආකෘතියෙන් පැමිණීමට නියමිතයි. එය දැනටමත් Borderlands 3, Call of Duty: Modern Warfare හා Gears 5 වැනි ගේම් 4K 60fps යටතේ සාර්ථකව benchmark පරීක්ෂණ සමත්ව තිබේ. මේ අනුව දැනට AMD සමාගම විසින් දැනට ඔවුන් සමග කරට කර සිටින intel සමගමට දැඩි අභියෝගයක් එල්ල කර තිබේ. කෙසේ වෙතත් intel සමාගමේ 11 පරම්පරාවේ ප්‍රොසෙසර් Rocket Lake යන කේත නාමය යටතේ 2021 දී පැමිණීමට නියමිතයි.


7 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. අනේ මන්දා බං දැන්කාලේ පොසෙසර් නානාප්‍රකාරයි. ඉස්සර නං ප්‍රොෙසසර් ගන්නකොට බැලුවේ වේගය ගැන විතරයි.
    දැන් කතා නොකරන්නෙත් වේගය ගැන.

    ReplyDelete
    Replies
    1. ඒක හේතුව ඉස්සර වේගය විතරයි සාධකයකට තිබුණේ. දැන් ඊට එහා ගිහින් ත්‍රෙඩ් ගාන, එක කොර් එකකින් කරන්න පුළුවන් ප්‍රොසෙස් ගාන වගේ ගොඩක් සාධක බලනවා. ඒ කියන්නෙ ප්‍රොසෙසරයේ වේගයන්ම විතරක් මුළු ප්‍රොසෙසරයේම පෆොර්මන්ස් එක බලන්න බෑ.

      Delete
  2. අපිට කොයින්ද ඉතිං බූල් බල්ලො.

    ReplyDelete
    Replies
    1. අපිටත් නෑ ඉතිං. මේත් වෙන අයගෙ බල්ලො තමයි. හැක්!

      Delete
  3. මගේ පරිගකයේ තියෙන්නේ Intel Core 2 Duo E8500 ප්‍රොෙසසරයක්.
    රැම් ගිගාබයිට් 4යි.
    වර්චුවල් බොක්ස් වැඩකරනොට පරිගනකය මෙව්වා වෙනවා.
    ඒකට හේතුව පොසෙසරය විය හැකිද?

    ReplyDelete
    Replies
    1. ප්‍රධාන හේතුව රැම් එක අඩු එක වෙන්න පුළුවන්. මොකද VM එකක් වැඩ කරනවා කියන්නෙ තවත් OS එකක් වැඩ කරනවා කියන එකයි. ඒ නිසා ඒකටත් රැම් එකෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වැය වෙනවා. එතකොට ප්‍රධාන OS එක slow වෙන්න පුළුවන්.

      Delete
  4. PDF ලියැවිලි හරස් අතට ස්ක්‍රෝලි කරමින් බලන්න හැකි මෘදුකාංගයක් තිබේද?

    sodaPDF කියා එකක් තිබ්බා ඒක පදු.

    ReplyDelete
Previous Post Next Post

Recent Post

Features