GeForce RTX 3080 පරදන AMD Radeon RX6000

                  AMD සමාගම විසින් සිය Radeon ග්‍රැෆික් කාඩ් පෙළේ නවතම සංස්කරණය Big Navi යන කේත නාමයෙන්  RDNA 2 architecture යටතේ පසුගිය දා එළි දක්වනු ලැබුවා.  Radeon RX 6800 XT, Radeon RX 6800 හා Radeon RX 6900 XT යන ග්‍රැෆික් කාඩ් මෙහිදී ඉදිරිපත් කෙරුනා.
AMD

        මීට දින කීපයකට කලින් AMD සමාගම AMD Zen 3 Ryzen 5000 ප්‍රොසෙසරය එළි දැක්වීමේදී,  ඉදිරියේ මෙම ග්‍රැෆික් කාඩ් නිකුත් කරන බව පැවසූවා. ඒ අනුව මෙම Radeon RX6000 දැන් ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති අතර පෙර පැවති ග්‍රැෆික් කාඩ් වලට වඩා වැඩි බලයක් හා හොඳ ශක්ති පිරිමැසීමක් ද පවතිනවා. එසේම වඩා හොඳ gaming අත්දැකීමක් සඳහා ඔවුන්ගේ real-time ray tracing තාක්ෂණය වැඩි දියුණුවකින් අලුත් Radeon RX6000 සඳහා එක් කර ඇත. මෙය සැබැවින්ම ග්‍රැෆික් කාඩ් ලොව ඉහලින් සිටින Nvidia හි GeForce RTX 3080 ට වඩා ඉතා හොඳ performance එකක් හා අඩු ශක්ති පරිභෝජනයක් පෙන්වා ඇත. මෙය ඉදිරියේ දී Microsoft’s Xbox Series X හා Sony’s PlayStation 5 වැනි උපාංඟ ඔස්සේ ද ලබා ගැනීමට හැකියාව පවතී.

AMD

        අලුත් Radeon RX6000 හි performance-per-watt නැතිනම් "වොට් එකකින් කෙරෙන කාර්ය සාධක අගය" 30% කින් ඉහල නංවා ඇත. කලින් තිබූ mid-range ග්‍රැෆික් කාඩ් එකක් වන Radeon 5700 XT ට වඩා දෙගුණයක වැඩි දියුණු වූ 4K performance එකක් තිබේ. RX 6800XT හි 72 compute units, a 2,015MHz game clock හා 16GB GDDR6 මතකයක් ඇත. මේ නිසා 4K අත්දැකීම Call of Duty: Modern Warfare හා Battlefield V වැනි ගේම් තුලින් Nvidia GeForce RTX 3080 ට වඩා හොඳින් කලින් කියූ පරිදි අඩු ශක්තියක් යටතේ ලබා ගැනීමේ හැකියාව ඇත.

AMD

        මේ සමග හඳුන්වා දුන් තව අලුත් විශේෂාංගයක් වන "Rage Mode" මගින් එක ක්ලික් කිරීමකින් overclocking boost කිරීමට හැකිය. එසේම ඔබට ඇත්තේ Ryzen 5000 ප්‍රොසෙසරයක් නම් "Smart Access Memory" යන තාක්ෂණය ඔස්සේ වඩා හොඳ memory performance එකක් ලබා ගැනීමට හැකිය. එය RDNA 2 කාඩ් එකක් intel ප්‍රොසෙසරයක් සමග භාවිතා කිරීමට වඩා Ryzen ප්‍රොසරයක් ඔස්සේ ලබා ගැනීමට ඇති හැකියාවකි.

                     දැනට පෙනී යන අන්දමට AMD වෙළඳපොලට ඉතා හොඳ නිෂ්පාදනයක් සමග හොඳ තරඟයක් ඉදිරිපත් කර ඇතත් ඉන්ටෙල් සමාගම සිය 7nm චිප් එළි දැක්වීම 2022 දක්වා කල් දැමීම වැනි කරුණු සමග තරමක තර්ජනයකට මුහුණපා ඇති බව පෙනේ.

AMD Radeon RX 6800 specs:

  • 60 compute units
  • 1,815MHz game clock
  • 2,150MHz boost clock
  • 128MB Infinity cache
  • 16GB GDDR6 memory
  • 250W total board power
  • Cost $579


AMD Radeon RX 6800 XT specs:

  • 72 compute units
  • 2,015MHz game clock
  • 2,250MHz boost clock
  • 128MB Infinity cache
  • 16GB GDDR6 memory
  • 300W total board power
  • Costs $649


AMD Radeon RX 6900 XT specs:

  • 80 compute units
  • 2,015MHz game clock
  • 2,250MHz boost clock
  • 128MB Infinity cache
  • 16GB GDDR6 memory
  • 300W total board power
  • Cost $999


5 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. GTX දෙසිය ගණංවල කාඩ් වලින් ගේම් ගහන අපිට ඕව ගන්න තව සෑහෙන කාලයක් බලාගෙන ඉන්න වෙයි. :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං කාඩ් එක අරන් හයි කරන්නෙ හිරමනේකට යෑ. තියෙන්නේ තාම P4,DualCore මැෂින් නේ 😂😂

      Delete
    2. ඒ ඉස්සර බ්‍රො. දැං තියෙන්නෙ i5 4th gen

      Delete
  2. ආටිබිකල් ඉංටලිජං වලටත් ග්‍රැෆික් කාඩ් ගන්නවලු.

    ReplyDelete
    Replies
    1. ඔව්නේන්නං. මේවා හදලා තියෙන්නෙ තනිකරම ප්‍රොසෙසින් වලටමයිනේ. AI වලටම වෙනම හදපු ග්‍රැෆික් කාඩ් තියෙනවා දැන්..

      Delete
Previous Post Next Post

Recent Post

Features