iPhone 12

    Apple iPhone පරපුරේ අලුත්ම සාමාජිකයා iPhone 12 ගැනයි මේ ලිපිය. පෙර පරිදිම iPhone 12, iPhone 12 Mini, iPhone 12 හා iPhone Pro Max ලෙස සංස්කරණ කීපයක් ලෙස මෙය පැමිණෙනවා.

 ➤නිමාව හා තිරය (Dispaly)

                        පෙර පරිදිම පැතලි පෙනුමක් සහිතව iPhone 12 matt නිමාවක් හා iPhone 12 Pro  glossy නිමාවක් ඇතිව පැමිණේ. කුඩා bezel එකක් සහිත වඩා වැඩි ඉඩක් ඇති OLED තිරයක් ඉදිරිපස කැමරාව හා අනෙකුත් sensors ඇතුලත්ව top notch එකක් iPhone 12 හි පවතී. ඒ අනුව iPhone 12 හා iPhone 12 Pro හි අඟල් 6.1 ක්, වඩා විශාල තිරයක් අවැසි අය සඳහා අඟල් 6.7 ක තිරයක් ඇති iPhone 12 Pro Max ද නිර්මාණය කර ඇත. iPhone 12 හා iPhone 12 mini නිල්, කොළ, සුදු හා රතු ලෙසද iPhone 12 Pro හා Pro Max කලු, නිල්, රන් හා සුදු වර්ණ වලින් පැමිණේ. තිරය ගැන කතා කිරීමේදී වැඩි කල් පැවැත්මක් ඇතිවීමට Ceramic Shield එකක් ඇතුලත් කර නිර්මාණය කර ඇත. ඒ නිසා එය දැනට ඇති ශක්තිමත්ම තිරය බව පැවසෙන අතර එය පෙරට වඩා 4 ගුණයක් වැටීම්,ගැටුම් හා සීරීම් වලදී තිරය බිඳී යෑමෙන් හෝ ඉරි තැලීමෙන් වැලකීමේ හැකියාව ඇති බව ඇපල් සමාගම පවසයි. එමෙන්ම iPhone 12 හි තිරය ProMotion යන තාක්ෂණයෙන් 120Hz refresh rate එකක් ඇතිව පැමිණෙන නිසා ඉතා සුමට සුපැහැදිලි දසුන් ලබාදීමේ හැකියාව පවතී. තවද බලාපොරොත්තු වූ පරිදි නවතම 5G සබඳතාව ද අලුත් iPhone 12 ට ඇතුලත් කර ඇත.

කැමරාව

                    iPhone 12 හි ඇත්තේ  main lens හා ultrawide lense ලෙස කැමරා දෙකක් පමණි. නමුත් එය  iPhone 11 ට වඩා වැඩි දියුණු කර ඇති බවයි ඇපල් සමාගම පවසන්නේ. ප්‍රධාන කැමරාවෙ 7 element lens, f/1.6 aperture සමග අඳුරේදී පෙරට වඩා 27% ගුණයකින් වඩා හොඳ පැහැදිලි චායාරූප ලබාගැනීමේ හැකියාව ඇත. එසේම ප්‍රධාන කැමරාවේ OIS (Optical Image Stabilization) ද වඩා හොඳින් දියුණු කර ඇත.  iPhone 12 Pro හි පෙර පැවසූ කැමරා දෙකට අමතරව 52mm "telephoto" සෙන්සරයක් ලබා දී ඇත. එමගින් ප්‍රධාන කැමරාවට 2x optical zoom ලබා ගත හැකිය. iPhone 12 Pro Max හි 65mm "telephoto" සෙන්සරයක් ලබා දී මෙය තවත් දියුණු කර ඇත.

                       මීට අමතරව MagSafe charging නමින් හඳුන්වන නව wireles charging තාක්ෂණය ඇතුලත් කර ඇති මෙහි Apple A14 Bionic (5 nm) ප්‍රොසෙසරයෙන් හා iOS 14.1 න් බලගැන්වේ. මෙම එක් එක් මොඩලයේ මිල ගණනන් iPhone 12 mini - $699, iPhone 12 - $799, iPhone 12 Pro - $999, iPhone 12 Pro Max - $1,099 ලෙස දක්වා ඇත. තවත් විශේෂිතම කරුණක් වන්නේ මේ iPhone 12 කිසිඳු මොඩලයක් සමග චාජරයක් හෝ ඉයර් බඩ්ස් ලබා නොදීමයි. එනම් එය වෙනමම මිළ දී ගත යුතු වේ. ඇපල් සමාගම පවසන්නේ මෙය ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිසා (E-Waste) නිසා පරිසරයට සිදුවන හානි වැලකීමට ගත් පියවරක් බවයි. කෙසේ උවත් මෙය බොහෝ දෙනා අතර තරමක අප්‍රසාදයට ලක්වූ කාරණයක් වී ඇති අතරම සැම්සුන් සමාගමේ කැරිබියානු පිටුවෙන් මෙයට ප්‍රතිචාරයක් ෆේස්බුක් ඔස්සේ පල කොට තිබුණි.  

😎😎Your #Galaxy does give you what you are looking for. From the most basic as a charger, to the best camera, battery, performance, memory and even 120Hz screen ✌️ on a smartphone. 😎😎

Posted by Samsung on Tuesday, October 13, 2020

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features