Apple Event 2019 න් ආ අලුත් උපාංඟ

                               Apple සමාගම සිය නවතම උපාංඟ පෙළ Apple Park හි පිහිටි Steve Jobs වේදිකාවෙදී එළිදක්වනු ලැබුවා. අලුත් iPhone 3 ක්, iPad එක Apple Watch Series 5 මෙහිදී ඉදිරිපත් කලා. Apple Event 2019 ඊයේ දිනයේදී එම උළෙල Youtube මගින් සජීවීව ලබා දුන්නා.

iPhone 11, iPhone 11 Pro හා iPhone 11 Pro Max
                                   iPhone 11 අමතරව තව ඇපල් අයිෆෝනයේ මාදිලි දෙකක්, iPhone 11 Pro හා iPhone 11 Pro Max ලෙස මේ උළෙලේදී ඉදිරිපත් කරනු ලැබුවා. නව අයිෆෝනය stainless steel හා වීදුරු වලින් නිමවා තිබෙනවා. Midnight green, space grey හා silver යන වර්ණ වලින් ලබා ගන්න පුළුවන්. දුරකතන දෙකම ඔවුන්ගේ Super Retina XDR තිර සහිතව පැමිණෙනවා.එහි ප්‍රමාණය iPhone 11 අඟල් 6.1 ක් ලෙසත්, iPhone 11 Pro ට අඟල් 5.8 ක් හා iPhone 11 Pro Max ට අඟල් 6.5 ලෙසත් පැමිණෙනවා.
PhoneAreana
                    අලුත් A13 Bionic ප්‍රොසෙසරයෙන් ඉතා හොඳින් බලගන්වා ඇති මේ දුරකතන වල බැටරි ඉතිරිකිරීමේ තාක්ෂණය ද  වැඩිදියුණු කර ඇත. iPhone 11 කැමරා දෙකක් සමග හා iPhone 11 Pro, iPhone 11 Pro Max කැමරා තුනක් සමග පැමිණෙයි. ඇතැම් අයනම් මේ කැමරා තුන හා එහි පිහිටීම ගැන එතරම් කැමැත්තක් දක්වන්නෙ නෑ. පහලින් ඇත්තේ මේ අලුත් දුරකතන 3 හි දෘඩාංග පිළිබඳ විස්තරයි.

iPhone 11


  • 6.1″ display
  • A new dual-camera system on the back - one 12MP wide-angle camera (26mm f/1.8) and one 12 MP ultra-wide camera (13mm f/2.4).
  • The flash is 36% brighter.
  • A new night mode that uses adaptive bracketing for better low-light shots.
  • The front camera - now 12MP, up from 7MP - can do 60 FPS 4K and slow-motion video.
  • Running on Apple’s new A13 chipset.
  • Available in black, green, yellow, purple, red and white.
  • Price $699


iPhone 11 Pro / iPhone 11 Pro Max


  • Three cameras: a 12MP wide-angle camera (26mm f/1.8), a 12MP ultra-wide (13mm f/2.4), plus a 12MP telephoto camera (52mm f/2.0). All three cameras can shoot 4K at 60FPS.
  • Pro has a 5.8″ display, while Pro Max comes in at 6.5″
  • Running on A13
  • Four more hours of life per charge when compared to the iPhone Xs Max, while the Pro Max will get five more hours
  • Comes with 18w fast chargers.
  • Available in Midnight green, space grey, and silver
  • Price Pro $ 999, Pro Max 1099

Apple Watch Series 5
Engadget

                   ඇපල් වොච් එක කියන්නෙත් ඇපල් සමාගමේ අපුරූ නිර්මාණයක්. ඉතිං ඒකෙ අලුත්ම නිපැයුම වෙන Apple Watch Series 5 ත් මේ උළෙලේදී එළිදක්වනු ලැබුවා. Apple Watch Series 5 දී Fitness වල හැකියාව වැඩි දියුණු කරමින් ECG ලබා ගැනීම, ඇද වැටීම් හඳුනා ගැනීම (fall-detection) හැකියාව මෙයට ලබා දී තිබෙනවා. අලුත් Retina display එකක් ඇති මෙහි බඳ නිර්මාණය කර තිබෙන්නෙ 100% ප්‍රතිචක්‍රීකරණය කරනලද ඇලුමිනියම් වලින් වන අතර සෙරමික් බඳක් සහිත මොඩලයක් ද තිබේ. එසේම Apple Watch Series 4 ට වඩා Apple Watch Series 5 තරමක් සිහින් බවකින් යුක්තයි. බැටරි බලය ඉතිරි කරන LTPO තාක්ෂණය නිසා බැටරිය පැය 18 ක් දක්වා පවතී. මෙහි මිල $399 වන අතර LTE මොඩලය $499 ක් වේ.


iPad
Gear Patrol
                 ඇපල් අයිපෑඩයේ සිතූ තරම් ලොකු වෙනසක් නොවූ බව බොහෝ අය පවසයි. සිදුවී ඇති එකම වෙනස තිරය පෙර පැවති iPad 2018 ට වඩා අඟල් භාගයක් පමණක් විශාල වීමයි. එනම් මෙහි ඇත්තේ අඟල් 10.2 ක තිරයකි. ඇතුලත ඇති දෘඩාංඟ සැලකීමේදී අලුත් A10 ප්‍රොසෙසරයක් ඇතුලත් කර ඇත. අයිපෑඩ් මෙහෙයුම් පද්ධතියද පෙරට වඩා දියුණු කර ඇත. මෙහි තිරයද කලින්ට වඩා විශාලව නිර්මාණය කර ඇත්තේ මෙහි මෙහෙයුම් පද්ධතියට වඩා ගැලපෙන ලෙසය. මෙහි මිල $399 වන අතර ඉගෙනුම් කටයුතු සඳහා ලබාගන්නේ නම් $299 කට ලබා ගත හැකිය.

                   මේ ලිපියෙන් ගෙන ආවේ එළිදක්වන ලද ඇපල් උපාංඟ වල ප්‍රධානම තොරතුරු පමණක් වන අතර වැඩි විස්තර සමඟින් ඉදිරි ලිපියකින් හමුවෙමු.
                     

6 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. පැපොල් වත් නැති අපට ඇපල් සිහිනයක් පමණි.

    ReplyDelete
    Replies
    1. 11 තියා 5 ක් වත් ගන්න විදිහක් නෑ අයියා... හැක්!

      Delete
  2. අපිනං දන්නෙ කන ඇපල් වල කොළපාට එකකුයි රතුපාට එකකුයි තියෙනව කියල විතරයි ඕං.

    ReplyDelete
    Replies
    1. අයියා ඇපල් එහෙමත් විකුණනවද දැන්...!

      Delete
  3. මම ඉස්කෝලෙදි චිත්‍ර ඇන්දේ ඇපල් පින්සලේකින්.
    ගෝමස් හේවගේ කියයා ගුරුවරයෙක් තමයි ඒක ගන්න කිව්වේ.

    ReplyDelete
Previous Post Next Post

Recent Post

Features