කැසට් එකේ කතාව

                            අලුත ඉපදුන, ඉපදෙන පරම්පරාවට නම් මේ ලිපිය ඉදිරියටත් වැදගත් වේවි. මොකද ඉස්සරහට මේ කියන්න යන අපූරු ගැජට් එක කෞතුකාගාරේ විතරක් දකින්න ලැබෙන එකක් වෙන නිසයි. 80 දශකයේ සිංඳු අහපු අයට නම් කැසට් පීස් එක කියන්නෙ අමුතු උපාංඟයක් නෙවෙයි.
කැසට් එකේ පටන් ගැන්ම!
                       කැසට් ටේප් එකේ (Compact Cassette) ඉතිහාසය 1962 දක්වා දිවෙන එකක්. කැසට් පටි නැත්නම් චුම්බක පටි වල ගීත, ශබ්ධ තැන්පත් කිරීමේ තාක්ෂණය ලෝකයට හඳුන්වා දුන්නේ පිලිප්ස් (Philips) සමාගම විසිනුයි. මේ අලුත් තාක්ෂණය එකල තිබූ මිල අධික Reel-to-reel ටේප් රෙකෝඩර් වෙනුවට භාවිතා කල හැකි මිලෙන් අඩු නමුත් උසස් ප්‍රමිතියෙන් යුතු එකක් වුණා. ක්‍රෙඩිට් කාඩ් එකක් තරම් කුඩා බරින් අඩු වගේම එය භාවිතා කරන්නන්ට ඉහල තාක්ෂණික දැනුමක් අවශ්‍ය වුණේ නැති නිසා ජනප්‍රියතාව තවත් වැඩි වුණා.

ප්‍රචලිත විම
worthpoint.com
                     කැසට් පට හඳුන්වාදුන්න මුල් කාලයේ එහි හඬේ ප්‍රමිතිය එතරම්ම හොඳ තත්වයක තිබුණේ නෑ. ඒ නිසා ඒවා භාවිතා කලේ හඬ පටිගත කිරීම් හා අනුලේඛන (dictation) සඳහායි. පසුකාලීනව සිදුවූ වැඩිදියුණු කිරීම් හා ඝෝෂාව අවම කිරීමේ (noise reduction) තාක්ෂණය සමග ස්ටීරියෝ ආකාරයේ ගීත පටිගත කිරීම් වලටද යොදා ගැනීමට පටන් ගත්තා. පිලිප්ස් සමාගම මේ විදිහට කැසට් ටේප් නිෂ්පාදනය කිරීම නිසා ලොව අනෙක් සෝනි වැනි ඉලෙක්ට්‍රොනික සමාගම් වලින් එල්ල වූ පීඩනය හමුවේ කැසට් තාක්ෂණය කාටත් නිෂ්පාදනය කල හැකි අයුරින් නිදහස් කරනු ලැබුවා. එතැන් පටන් මහා පරිමාණයෙන් මේය නිපදවීම ඇරඹුණා. වසර 1965 පටන් Musicassettes හෝ M.C ලෙස හඳුන්වනු ලැබූ පෙර පටිගතකල ගීත ඇතුලත් කැසට් පට යුරෝපයට නිකුත් වීම ඇරඹුණා. පිලිප්ස් සමාගමට අනුබද්ධ සමාගමක් වන Mercury Record Company සමාගම විසින් මුලින්ම මේවා වෙළඳ පොළට ඉදිරිපත් කලා. 1964 දී හඳුන්වා දුන් Norelco Carry-Corder 150 යනු මිලියන ගණනින් ඇමරිකාවේ අලෙවි වූ පිලිප්ස් සමාගමේ කැසට් පට යන්ත්‍රයකි. සෝනි සමාගම හඳුන්වා දුන් වෝක්මන් ප්ලෙයරය එකල විශේෂයෙන් තරුණ පරම්පරාව අතර මහත් ජනප්‍රියතාවට පත් වුණේ ගමනේ යන අතරතුර කැසට් පට වලට සවන්දීමටත්, එක් බොත්තමක් එබීමෙන් පමණක් හඬ පටිගත කිරීමටත් හැකිවීම නිසාය.

ලංකාවට හඳුන්වාදීම
                       ශ්‍රී ලංකාවට මුලින්ම කැසට් පට හඳුන්වාදෙනු ලැබුවේ වසර 1977 දී විජය රාමනායක මහතා විසිනි. ඔහු ප්‍රසිද්ධ චිත්‍රපට හා ගීත රචකයකු, ජනමාධ්‍ය වේදියකු මෙන්ම කතෲවරයෙකුද වන අතර චිත්‍රපට හා ගීත නිෂ්පාදනය කරන තරංඟා ආයතනයේ නිර්මාතෲ ද වෙයි. Anytime - Anywhere නමින් ඔහු ඉදිරිපත් කල මුල්ම කැසට් පටය මිල්ටන් මල්ලව ආරච්චි මහතා ගැයූවකි.  එකල මහත්සේ ජන්ප්‍රිය වූ හඳුන්වාදීම  ලාංකීය සංගීත ක්ෂේත්‍රයටද හැරවුම් ලක්ෂයක් වුණි.

කඩාවැටීම
                            නැතිවීම අනෙක් ඒවාට මෙන්ම කැසට් පට වලටද පොදුය. දශක ගණනක් සංගීත ලෝකයට ඉමහත් මෙහෙයක් කල කැසට් පටයේ බැසයාම වසර 1980 සිට ඇරඹිනි. යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ වෙළඳාම සීග්‍ර ලෙස වැටීමට පටන්ගෙන තිබුණි. එයට ප්‍රධාන හේතුව වී තිබුණේ සං‍යුක්ත තැටියේ (CD) ආගමනයයි. ඒවා කැසට් වලට වඩා උසස් ප්‍රමිතියෙන්, වැඩි මතක ධාරිතාවකින් හා මිලෙන් අඩුවිය.1993 වන විට කැසට් වාදක වෙළඳාම 7% කින් පහල වැටිනි. 2001 වන විට සංගීත ක්ෂේත්‍රයේ කැසට් පට භාවිතය 5% විය. වසර 2002 දී ඇමරිකාවේ සංගීත නිෂ්පාදන සමාගම් කැසට්පට වලට ගීත ඇතුලත් කිරීම නවතා දැමීය. ඒ අනුව මේ නිපැයුමට අත්වී ඇත්තේ අකල් මරණයක් නොව ස්වාභාවික මරණයකි.කෙසේ නමුත් තවමත් ලෝකයේ කැසට් පට නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නැවතී නැත.

6 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. //ක්‍රෙඩිට් කාඩ් එකක් තරම් කුඩා // poddak awul neda ehema kiyuwama?

    90-95 kale api cassettes ekathu karaa pissuwen wage. :)) eka eka gayakayonge wena wenama

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න හේතු වුණේ ඉස්සෙල්ලා තිබුණ ටේප් රෙකෝඩර් ගොඩක් විශාල නිසා. දිගින් පළලින් ගොඩක් ඊට වඩා අඩු නිසා...

      Delete
  2. කෞතුකාගාර ඕන නෑ අපේ ගෙදරනං ඔය කැසට් වගේම කැසට් ප්ලෙයරුත් තියෙනව.
    මොනව උනත් CD සහ DVD වලටත් ඔය සෙතේ අත්වෙන්න වැඩි කාලයක් යන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. CD නම් දැනටමත් අඩු වෙලා... ක්ලවුඩ් ස්ටෝරේජ් මේක තවත් වෙනස් කරාවි.

      Delete
  3. මම අහලා තියෙන හැටියට ටැකස්පටි සොයාගත්තේ නාසි ඉංජිනේරුවන්.

    ReplyDelete
    Replies
    1. ඔව් 1928 Fritz Pfleumer කියන ඉංජිනේරුවා. ඔහුගේ සොයාගැනීමේ විකාෂණ තමයි මේ.

      Delete
Previous Post Next Post

Recent Post

Features