ChatGPT තරඟයට එන Elon Musk ගේ Grok AI

         ඉන්ටනෙට් එකේ තියෙන මොන දේ බැලුවත් දැන් AI නමක් ගෑවිලා තියෙනවා. මේ hype එක මතුවෙන්න බලපෑව ලොකුම හේතුව තමයි OpenAI ChatGPT එක. ඔන්න දැන් ඒ තරඟෙට Elon Musk එයාගෙ xAI කියන generative AI සමාගමෙන් Grok AI කියලා වැඩසටහනක් නිකුත් කරන්න යනවා.

    බොහෝ දෙනෙක් දන්න විදියට Elon Musk කියන්නෙ කලින් Open AI හී සිටි විධායක සාමාජිකයෙක්. නමුත් එම ව්‍යාපෘතියේ තිබූ ඇතැම් මතභේදයට ලක්වුණු කාරණා නිසා ඔහු එයින් ඉවත් උනා. ඔහු ChatGPT වෙත එල්ල කළ ලොකුම චෝදනාව වන්නේ එය ඇතැම් මාතෘකා යටතේ ලබාදෙන පිළිතුරු වාරණය කිරීම නිසා සත්‍ය වසන් වන බවයි. එම නිසා ඇත්ත ඇති සැටියේ ලබාදීම වෙනුවෙන් ඔහු විසින් Grok AI වැඩසටහන නිපදවනු ලැබුවා. ඉකුත් ජූලි මාසයේ xAI ආරම්භ කරන ලද්දේ පෙර OpenAI, DeepMind වැනි ආයතනයන් හී සේවය කල සේවකයන් පිරිසකගේ උදව් ඇතිවයි.

    ChatGPT වැඩසටහනට වඩා Grok හි ඇති ප්‍රධානතම වෙනසක් වන්නෙ Grok මගින් පිළිතුරු ලබාදීමට real-time news topics යොදා ගැනීමයි. එනම් එහි දත්ත ලබා ගැනීමේ මාධ්‍ය ලෙස X (කලින් twitter) භාවිතා කරනු ලබයි. එම නිසා එමගින් වඩාත් නිවැරදි හා සත්‍ය ලෙස පිළිතුරු ලබා දෙනු ඇති බවට ඉලෝන් ගේ අදහසයි. X හි නව privacy policy හි මෙලෙස කෘතිම බුද්ධි වැඩසටහන් සඳහා public data භාවිතා වන බව සඳහන්කොට තිබෙනවා.

    එසේම X විසින් ChatGPT වැනි අනෙක් generative AI වැඩසටහන් මගින් එහි API වෙත පිවිසීම වලකා දැමීමට දැනටමත් වැඩ කරමින් සිටින බව දැනගන්නට ලැබේ. ඒ නිසා X හි ඇතැම් ප්‍රොජෙක්ට් වලට පමණක් මෙම දත්ත සමුදායන්ට ඇතුලත් වීමට හැකියාව ඇත. මූලික අදියරේ පරීක්ෂණ ලෙස ප්‍රාථමික පාසල් දරුවන්ගෙ ගණිත ගැටලු හා පයිතන් කෝඩ් වලින් පටන් ගෙන ඉදිරියට දියුණු කරනු ලබන බවට ඔවුන් කියා සිටී.  අනෙකුත් කෘතිම බුද්ධි වැඩසටහන් වලට තරමක් අභියෝග වන තරමක් බැරෑරුම් ප්‍රශ්න ද පැහැදිලිව තේරුම් ගෙන ඉතා හොඳින් පිළිතුරු ලබා දීමට හැකි වීම Grok හි තවත් විශේෂත්වයකි.

    මෙම නව ප්‍රවනතාව නිසා Grok අනෙකුත් AI වැඩසටහන් වලට වඩා ඉදිරියෙන් සිටී. කෙසේ නමුත් X platform (twitter) හි මෑතකදි සිදුකරන ලද මතභේදාත්මක වෙනස්කම් නිසා බොහෝ මාධ්‍ය හා මාධ්‍යවේදීන් X හැරයමින් සිටී. මේ නිසා X තව දුරටත් news discussion platform ලෙස හැඳින් වීමම අභියෝගයට ලක් වී ඇත. මෙම වෙනස් කම් නිසා මිලියන 244 ක් වූ X හි පරිශීලකයින්ගෙන් 80% ක් ම මෙය "read only" ලෙස හෝ  කිසිවක් පල නොකර සිටීමට පෙළඹී සිටී. එනම් පෙර දිනකට මිලියන 100ක් වූ පල කිරීම් ප්‍රමාණය මේ වන විට මිලියන 49 ක් දක්වා පහත වැටී ඇත. මේ හේතුව නිසා ලොව පුරා X භාවිතා කරන්නන් ප්‍රමාණයෙන් සුළු ප්‍රමාණයක් පමණක් මත මෙම දත්ත වල නිවැරදි බව රඳා පවතින නිසා ඒවායේ නිවැරදි බව යම් කුකුසක් ඇත.

        Grok හි මූලික ආකාරයේ (early beta phase) prototype එක සීමිත පරිශීලකයින් පිරිසක් වෙත ලබා දීමට නියමිත අතර එය මාස දෙකක පුහුණු කරන ලද මොඩලයක් මගින් ලබා දෙන බවට X සමාගම පවසා සිටී. මෙය අත්හදා බැලීමට අවස්තාවක් ලබා ගැනීමට කැමති අයට එහි wait list එකට එකතු වීමට හැකියාව ඇත. ඉන් අනතුරුව එය X Premium+ feature එකක් වනු ඇති අතර එය භාවිතා කිරීමට මසකට $16 ක මුදලක් ගෙවීමට සිදුවේ. 

        කෙසේ වෙතත් මෙය සාමාන්‍ය භාවිතයට ගන්නා AI tool එකකට වඩා යම් දේශපාලනික නැඹුරුවක් ඇති අපක්ෂපාතී තොරතුරු ලබා දීම අරමුණකොට ගෙන සැකසූ වැඩසටහනක් ලෙස හැඳින්විය හැකියි.

4 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. මේ සැරේ එලෝන් උන්ද මෞන පොටකට ලැහැත්ති වෙනවද මන්ද 😁

    ReplyDelete
    Replies
    1. ආරංචි හැටියට Neuralink එකේත් human trial පටන් ගන්න යන්නෙ. ලොකු දෙයක් කරාවි අනාගතයෙදි.

      Delete
  2. මේක කියවන්න බැරිඋනා ඉඳගෙන.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මම බැලුවා මොකද පරක්කු කියලා ප්‍රතිචාර.. දැන් ඉතිං කියවන්ට ඕනි හිටගෙන..හැක්!

      Delete
Previous Post Next Post

Recent Post

Features