Samsung Galaxy Note Edge


     මේ තමයි සැම්සුන් සමාගමේ අලුත් ෆෝන් එක. නම බලපු ගමන්ම තේරෙනවා ඇති... මේ ෆෝන් එකේ තියෙන විශේෂත්වය. ඒ කියන්නෙ වක්‍ර තිරයකින් යුක්ත වීම. එහෙම කිව්වට මුලු තිරයම වක්‍ර නෑ.. ෆෝන් එකේ දකුණු පැත්තෙ කෙලවරේ දාරය තමයි මේ විදිහට වක්‍රව හදල තියෙන්නෙ. ඇත්තටම තිර දෙකම එකට වගේ තිබුණට මේක තිර 2ක් විදිහට තමයි වැඩ කරන්නෙ. මුලින් කියපු වක්‍ර තිරය දැනුම්දීම් (Notifications), කෙටි මං (Shortcuts) , ඇප් (Apps) වගේම වෙනත් තොරතුරු (කාලගුණය, ක්‍රීඩා) වගේ ඒවට යොදා ගන්න පුලුවන්. මේ ෆෝන් එක Galaxy Note 4 එකට ගොඩක් සමානයි.
Qualcomm Snapdragon 805 ප්‍රොසෙසරයකින් තමයි මේක වැඩකරන්නෙ. ඒ වගේම 3GB ‍රැම් එකක්, මෙගාපික්සල් 16 කැමරාවක්  අඟල් 5.6 ක 1440 x2560 pixels (Quad HD) vivid Quad HD Super AMOLED තිරයක්, 32GB අභ්‍යන්තර මතකයක් විතරක් නෙවෙයි  S Pen කියන පෑනත් තියෙනවා... ඒ වගේම වැටීම් වලින් ආරක්ෂා වෙන්න ලෝහ ආවරණයකුත් මේකෙ තියෙනවා.



Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features