VB 6.0 වලදී Setting සේව් කරන්නෙ කොහොමද?

විෂුවල් බේසික් වලින් ප්‍රෝග්‍රෑම් ලියන කොට අපිට ඒ ප්‍රෝග්‍රෑම් එකේ සමහර දේ සේව් කරන්න ඕනි වෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට අපේ VB වලින් හදපු සොෆ්ට්වෙයා එකකතියෙන ටෙක්ස්ට් බොක්ස් එකේ තියෙන ටෙක්ස්ට් එකක් සොෆ්ට්වෙයා එක ක්ලෝස් කරලා ආපහු ඕපන් කරන කොටත්  තියෙන්න ඕනි. ඒ විදිහට සෙටින් සේව් කරන විදිහයි නැවත ගන්න විදිහ තමයි මේ පෝස්ට් එකෙන් කියල දෙන්නෙ.
මේකට විෂුවල් බේසික් වලදී ගන්නේ SaveSetting කියන කමාන්ඩ් එකයි, GetSetting කියන කමාන්ඩ් එකයි. SaveSetting ගන්නෙ තියන සෙටිං සෙව් කර ගන්න.
1) සෙටිං සේව් වෙන සෙක්ෂන් එක - මෙහිදී විවිධ සෙටිං විවිධ සෙක්ෂන් වල සේව් කර ගත හැකියි. (උදා:-options, programe)
2) හඳුනා ගැනීමට නමක්
3) සේව් විය යුතු සැකසුම (උදා:- Text1.Text, Lbl1.Caption)

GetSetting ගන්නෙ සෙව් කර ගත්ත සෙටිං නැවත ගන්න.
1)අදාල සෙක්ෂන් එක
2)සැකසුම
3)ඩිෆෝල්ට් වැල්යු එක (සෙටින් සේව් වී නොමැති නම් යෙදිය යුතු දෙය)

මේක තව හොඳට තේරුම් ගන්න මෙතනින් සෝස් කෝඩ් එක ඩවුන්ලෝඩ් කර ගන්න. ප්‍රශ්ණ තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න...  

Post a Comment

Previous Post Next Post

Recent Post

Features