රේඛා අනුගමනය රොබෝ නිර්මාණය - හැඳින්වීම

         ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ බහුලව භාවිතා වන ඒකකයක් ලෙස රොබෝ තාක්ෂණය හඳුන්වාදිය හැකියි.කුඩා ප්‍රමාණයේ සෙල්ලම් බඩු වල සිට මාහා පරිමාණයේ වාහන නිපදවීම, පිරිසිදු කිරීම, ආරක්ෂාව සැපයීම වැනි නානාවිද දේ සඳහා රොබෝ තාක්ෂණය භාවිත කරයි.


මේ ලිපි වලින් කුඩා ප්‍රමාණයේ රොබෝ නිර්මාණයක් කරන ආකාරය ඔබට ඉගෙන ගත හැකියි.ඉලෙක්ට්‍රොනික විද්‍යාවට ඇලුමක් දක්වන බොහෝ දෙනෙකුගේ උනන්දුවට මෙය ලක්වේ යැයි මා තුල විශ්වාසයක් ඇත.
            අප සතු කාර්ය්‍යක් ස්ව්‍යංක්‍රීයව සිදුකරවා ගැනීමට භාවිතා කරන යන්ත්‍ර මූලිකවම 'රොබෝ' ලෙස දැක් විය හැක.රොබෝ වරයකු සතුව මූලිකවම ඇති සංරචක කිහිපයකි. සංවේදක ඉන් මුලටම පැමිණේ. රොබෝ වරයා භාහිර පරිසරය පිලිබඳ සංවේදන ලබා ගන්නේ මේවායිනි(input). කැමරා,ආලෝක සංවේදී උපකරණ, තාප සංවේදී උපකරණ වැනි දේ මෙයට අයත්ය.ඊලඟට ලබාගත් සංවේදන සැකසීමට(process ) පරිපථයක් මේවා සතුව ඇත. සරල රොබෝවන් තුල ට්‍රාන්සිස්ටර් ,කාර්කාත්මක වර්ධක ද සංකීර්ණ රොබෝවන් තුල ක්ෂුද්‍ර පාලක(Micro controler) (මෙවා ගැන ඉදිරියේදී ලිපියක් පල්ස් කිරීමට සිටිමි) ඇතැම් විට පරිගණක පවා අඩ්ංගුව ඇත. රොබෝවරයා සතු වැදගත්ම කොටස ලෙස මේ පරිපථය හැඳින්විය හැක.  රොබෝවරයාට ක්‍රියාත්මක වීමට විධාන සකසන්නේ මේ පරිපථයෙනි. මෙයට  රොබෝවරයා සාදන පුද්ගලයා විසින් විධාන සකසා ඇත්තේ අදාල කාර්ය්‍යට උචිත වන පරිදිය.ඊලඟට සැකසුම් ප්‍රතිදානයට (output) අයත් උපකරණ මේවා තුල ඇත. යාන්ත්‍රික කොටස්(විදුලි මෝටර්, විදුලි අත්,රෝද), ස්පීකර්, බල්බ්, තිර මෙයට යොදාගනී.එක් යන්ත්‍රයක් සතුව මෙයින් එකක් හෝ කිහිපයක් තිබිය හැක. අපට මූලිකවම  රොබෝවක ක්‍රියාවලිය ගැලීම් සටහනක් මගින් මෙසේ දැක්විය හැක.

      රොබෝවක් පිලිබඳ මූලික අදහසක් දැන් ඔබට වැටහී ඇති.අප කරන රොබෝ නිර්මාණය වැඩ කටයුතු ඉදිරි ලිපියෙන් විස්තර කෙරේ.අප නිර්මාණය කරන්නේ ඉතා සරල (රේඛා අනුගමනය කරන) රොබෝ වරයෙක් බැවින්.ඉලෙක්ට්‍රොනික ශිල්පය ගැන මඳ දැනුමක් ඇති අයෙකුට වුවත් පහසුවෙන් තේරුම් ගත හැකි ලෙස ඉදිරිපත් කර ඇත. 

1 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. දෙවන පාඩම
    වෝල්ටීයතාවය, ධාරාව , විද්‍යුත් ශේත්‍රය සහ චුම්භක ශේත්‍රය
    https://youtu.be/71Ja2cKxjqM

    ReplyDelete
Previous Post Next Post

Recent Post

Features