Shut Down විධානයක් නැවැත්වීමට ක්‍රමයක්..



      දවසේ වැඩ ටික ඉවර කරලා කොම්පියුටරේ Shut Down බොත්තම ඔබලා අත ගන්න කොටම තව මොකක් හරි අමතක වුණු දෙයක් මතක් වෙනවා. දැන් මොකද කරන්නේ? මේ කියන්න යන්නේ ඒ වගේ වෙලාවක දුන්න Shut Down විධානයක් අවලංඟු කරන ක්‍රමයක්.
මේක මහ අමාරු දෙයක් නෙවෙයි. කරන්න තියෙන්නෙ බොහොම පොඩි දෙයක්.

  • මුලින්ම Desktop එකේ Right Click කරලා New-->Shortcut ක්ලික් කරන්න.


දැන් පහල තියෙන විදිහේ window එකක් මතුවෙයි. ඒකෙ Type the location of the item කියලා තියෙන text
box එකේ  shutdown.exe -a  කියලා type  කරන්න. මේක හරියටම type  කරන්න ඕනි.
  • ඊට පස්සේ Next බට්න් එක ක්ලික් කරන්න. ඒකෙ  Type a name for this shortcut කියන තැනට කැමති නමක් දෙන්න. ඊට පස්සේ Finish බට්න් එක ක්ලික් කර්න්න.
  • දැන් මේ Shortcut එකට icon එකක් දෙන්න හදපු shortcut එක උඩ  Right Click කරලා Properties ක්ලික් කරලා Change icon ක්ලික් කරන්න. 
  •  එතකොට පහල තියෙනවා වගේ මැසේජ් එකක් එයි. ඒක ok කරලා මතුවෙන වින්ඩොවෙන් කැමති icon එකක් ‍තෝරලා ok කරන්න. දැන් Properties එකෙත් ok ක්ලික් කරන්න. 


දැන් හරි.  Shut Down කරලා වින්ඩෝ එක නැතිවෙන්න ඉස්සෙල්ලා මේ  Shortcut එක ක්ලික් කරන්න. එතකොට  Shut Down වෙන එක නවතීවි.

තව අලුත් දේකින් හමුවෙමු!

දැන්වීම්


Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features