Windows 9 සමග පැරණි Start මෙනුව නැවතත්


  කෙතරම් නොමිලේ දෙන පරිගණක මෙහෙයුම් පද්ධති තිබුනත් ඒ හැම එකකටම වඩා ඉදිරියෙන් සිටින්නේ windows මෙහෙයුම් පද්ධතියයි. මුදල් දී මිලදී ගැනීමට නොහැකි වුවත් එහි ව්‍යාජ පිටපතක් හෝ තම පරිගණකයට දමා ගැනීමට ජනයා පුරුදු වී සිටියි. එයට ප්‍රධානම හේතුව  windows මෙහෙයුම් පද්ධතියයේ ඇති නම්‍යශීලී බව හා ආවේනික හැඩයක් පැවතීමයි. Start මෙනුව එහි ප්‍රධානම ලක්ෂණයයි.  

              windows මෙහෙයුම් පද්ධතිය නිකුත් කල මුල් අවදියේ පටන් එය නොනවත්වාම පැමිනියේ ස්ටාර්ට් බොත්තම(start button) සමගය.  windows 7 දක්වාම මෙලෙස පැමිණි සාම්ප්‍රධායික ස්ටාර්ට් මෙනුව windows 8 වලදී සම්පූරණයෙන්ම වාගේ වෙනස් විය. වෙනදාමෙන් desktop එක තුලදීම කුඩා ප්‍රමාණයෙන් මතුවන ස්ටාර්ට් මෙනුව windows 8 වලදී ස්ටාර්ට් බොත්තමද නැතිව වෙනමම තිරය පුරා දිස් වන ආකාරයට ආවේය. මෙහෙයුම් පද්ධති එකිනෙකට වෙනස් අයුරින් ඉදිරිපත් කිරීමට මයික්‍රෝසොෆ්ට් සමාගම කටයුතු කලත් windows 8 සමග පැමිණි මේ වෙනසට භාවිත කරන්නන් එතරම් කැමැත්තක් නොදැක්විය. මෙහෙයුම් පද්ධතිය Tablat මාදිලියේ පරිගණක වලට ගැලපෙන ලෙස නිර්මාණය කිරීමට සමාගම උත්සහ ගත් නිසාය. එහෙත් මෙය සාමාන්‍ය desktop පරිගණක භාවිත කරන්නන් හට හිසරදයක් මෙන් විය.මෙය තේරුම් ගත් සමාගම ස්ටාර්ට් බොත්තම සහිතව windows 8.1 නමින් නව සංස්කරණයක් නිකුත් කලේ එම ගැටලුව මගහර වන්නටය. ඒත් තවමත් කසු-කුසුව පවතින බැවින් ආරංචියට අනුව දැන් 2015 එලි දැක්වීමට නියමිත Windows 9 සමග පැරණි Start මෙනුව දීමට යයි. එයට අදාල ඇතැම් තිර සටහන් දැන් අන්තර්ජාලයට නිකුත් වී ඇත. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ හැඩරුව නිර්ණය කරන්නේ මයික්‍රෝසොෆ්ට් සමාගමේ උප සභාපතිනියක් වන ජූලි ලාසන් ග්‍රීන් විසිනි.


     MS office 2007 සමග ආ රිබන් ඉන්ටෆේස් එකද ඇයගේ අදහසකට අනුව නිර්මාණය කරන ලද්දකි. එය ජනප්‍රිය වූ බැවින්  windows මෙහෙයුම් පද්ධතියේද හැඩරුව නිර්ණයට ඇයව පත් කරන් ලදී. 



            කෙසේ වෙතත්  windows භාවිත කරන්නන් වෙනත් මෙහෙයුම් පද්ධති වලට මාරු වීම වැලැක් වීමට නම් මයික්‍රෝසොට් සමාගමට මේ වෙනස් කම සිදුකල යුතුය.


දැන්වීම්


Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features