බිල් ගෙට්ස්ටත් 8.1 දාගන්න බැරිවෙලා..

                               

               මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති ධුරයෙන් ඉවත් වීමෙන් පසුව එහි තාක්ෂණික උපදේශකවරයෙකු ලෙස වැඩ භාර ගත් මුල් ම දිනයේ බිල් ගේට්ස් නොසිතූ විරූ අකරතැබ්බයකට මුහුණ දී තිබේ. ඒ, ඔහුට පසුගිය බදාදා සම්පූර්ණ දිනය ම වින්ඩෝස් මෘදුකාංගයේ නවතම විශේෂාංගය වන Windows 8.1 මෘදුකාංගය ස්ථාපනය (install) කිරීම සඳහා වැය කිරීමට සිදුවීම හේතුවෙනි. පෙරවරුවේ සිට දිවා ආහාරය තෙක් එය සිදුකිරීමට බිල් ගේට්ස් උත්සහ කර ඇත ත් එය සාර්ථක වී නොමැත. ඉන්පසුව ඔහුගේ සහයට මයික්‍රොසොෆ්ට් නව ප්‍රධාන විධායක නිලධාරී සත්‍යා නඩෙලා පැමිණ ඇත ත් ඔහුගේ උත්සහය ද ව්‍යර්ථ වී තිබේ. මෙය බිල් ගේට්ස් නව තනතුරේ වැඩ භාර ගැනීමෙන් පසුව ලැබූ ‘ධනාත්මක අත්දැකීමක්’ බව විචාරකයෝ පවසති. ඒ අනුව, ඉදිරියේදී Windows 8.1 මෘදුකාංගයේ පවතින දුර්වලතා නිවැරදි කිරීමට පියවර ගනු ඇත.

උපුටා ගැනීම:-http://newsfirst.lk/

දැන්වීම්


Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features