මොකක්ද මේ ඩේටා සෙන්ටර් එකක් කියන්නේ?
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg1W5xm0VYwZx6CyC68M09ivA4mN3GFb_bgQL5U8kh_8oYdw4m8Y6MUQWkykbQZiFzLdh_gyqj0r5nD5RM8uctmbs7F3Ze8daAuu3s-IwxbY9BQQBl5mx0K-QIJbB3XRvYTOG3eK3znarl1/s1600-rw/images+(1).jpg)
ප්‍රධාන පෙලේ අන්තර්ජාල සේවා සපයන ආයතන වගේම පරිගණක මෘදුකාංග නිපදවන ආයතන, පරිගණක දෘඩාංග නිපදවන ආයතන තම සේවාදායකයන්ගේ තොරතුරු හා අනෙකුත් දෑ ගබඩා කර ඇත්තේ සර්වර් නමින් හඳුන්වන පරිගණක තුලය. ගූගල්, ෆේස් බුක්, මයික්‍රෝසොෆ්ට්,HP ආදී සමාගම් සියල්ලක්ම පාහේ තමන්ගේම සර්වර් භාවිතා කරයි. ඔවුන්ගේ සමාගම් වල වටීනාම සාදකය වන්නේ මේ තොරතුරු සමූහයයි. දිනපතා එක් වෙන මේ තොරතුරු කන්දරාව පාලනය කිරීමට තනි සර්වර් පරිගණකයකට බැරිය. එමනිසා සර්වර් පරිගණක රාශියකින් සමන්විත සර්වර් පද්ධති මේ තොරතුරු මෙහෙය වීමට භාවිතා කරයි. මෙවැනි සර්වර් පද්ධති ගබඩා කර ඇති ස්ථාන 'ඩේටා සෙන්ටර්'(Data Center) ලෙස හඳුන්වයි. සර්වර් සඳහා විදුලිය සැපයීම, සිසිල් කිරීම, ක්‍රියා විරහිත වූ සර්වර් අලුත්වැඩියාව සිදු කිරීම මේවා තුල දී සිදු කෙරේ. අතිමහත් වූ තොරතුරු කන්දරාව තැන්පත් කොට ඇති දෘඩ තැටි(Hard DisK) මිලියන ගණනක් ඩේටා සෙන්ටර් තුල ඇති රාක්ක තුල අසුරා ඇත. එක් සමාගමක් සතු ඩේටා සෙන්ටර් ලොව විවිධ ස්ථාන වල පැවතිය හැක.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhdfkxqc0jYrpilg9Ihmn6V6gNIvCoptKVA0VjIcIUj6uRfrkrHTpdIjqb81y8sWhkbfVKGO-hS-NIe3c3Zhqj4WZbqO2Yu4_zlW2pBfBvqUkq_7fSdis7G0rtfq9XGl_v1_BNV_V0FOo82/s1600-rw/images+(2).jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjX0CshkMlzy6YAS2MfT1LcFYWwsAgVXq6K7_i-H_Z8aCdtZ3nHXlUNnT-6qgOrT0qrfrSKVWnrQUSWNrnwqy104EDMLtBo_V0J4OLV0Uyx03QlwiWvLIkqALQ8MutEjj3aYVQDuEyEQYf6/s1600-rw/images+(3).jpg)
මෙවැනි ඩේටා සෙන්ටර් එකක් මෙසේ යැයි පැවසීමට මේ විස්තරය ප්‍රමාණවත් නොමැත.මා දන්නා තරමින් අපේ රටේ දී නම් මෙවැනි ඩේටා සෙන්ටර් එකක් සොයා ගත නොහැක. ගූගල් සමාගම අපූරු ක්‍රමයකින් මේ 'ඩේටා සෙන්ටර්' කෙසේ දැයි පෙන්වීමට වෙබ් පිටුවක් දියත් කොට තිබේ.මෙහිදී ගූගල් සමාගමට අයත් ඩේටා සෙන්ටර් එකක් ප්‍රදර්ශණය කොට ඇත.
www.google.com/about/datacenters/inside/streetview/ යන වෙබ් ලිපිනයට පිවිසෙන ඕනෑම කෙනෙකුට ඩේටා සෙන්ටර් එක තුල ඇවිදිමින් එය නැරඹීමට පුලුවන්.