ගේම් හදන කෝඩු කාරයින්ට Microsoft KODU !


      අද අපි ක්‍රිඩාකරන තාලයේ පරිගණක ක්‍රීඩාවක් නිර්මාණය කිරීම යනු ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. පරිගණකයට ගැලපෙන පරිදි ත්‍රිමාණ පරිසරයන් නිර්මාණය කිරීම හා ඒවාට වැඩසටහන් ලීවීම තනිව කල නොහැකි සේම උසස් පරිගණක භාෂා දැනුමක්ද තිබිය යුතුය. නිර්මාණශීලී අදහස් ඇති පරිගණක භාෂා පිලිබඳ එතරම් දැනුමක් නොමැති අයට මෙය අපහසුවකි.





මෙයට කදිම විසඳුමක් මයික්‍රෝසොෆ්ට් සමාගමින් දී තිබේ. ඒ කෝඩු (Kodu) ය . වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඇති පරිගණකයට හෝ X box 360 ගේම් කන්ට්‍රෝලයකට  downlad කොට install කරගත් පසු. Drag & Drop ආකාරයට ක්‍රීඩාවට අදාල චරිත හා කොටස් එක් කරමින් පරිගණක භාෂාවක් භාවිත නොකර ගැලීම් සටහන් ආකාරයට උපදෙස් සැකසීමට මෙයින් පුලුවන්. මෙය නොමිලේ ලබා දෙන මෘදුකාංගයකි. මෙය විශේෂයෙන් දරුවන් වෙනුවෙන් සැල්සුම් කලද වැඩිහිටියන්ටද ගැලපේ.



මෙම මෘදුකාංගය නිර්මාණය කලේ මයික්‍රෝසොෆ්ට් රිස(ර්)ච් හි මැතිව් මැක්ලෝරින්ය. දරුවන්ගේ නිර්මාණශිලීත්වය දියුනු කිරීම සඳහා මගක් සොයමින් සිටින අතර තුර උපන් අදහසකට අනුව මෙය නිර්මාණ වී තිබේ. ඔහු මෙයට යොදාගත්තේ අධ්‍යාපන කටයුතු වලට භාවිතා කල ලෙගෝ(LEGO) භාෂාවයි.


-කෝඩු ලබාගැනීමට-

කෝඩු ස්ථාපනයට තිබිය යුතු අවශ්‍යතා
  1. Windows 7 හෝ ඊට ඉහල සංස්කරණයක්
  2. .NET Freamework 4.0 -Download
  3. XNA Freamework  -Download

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features