November 9, 2015

වේගා හී අලුත් තතු [Update]

වේගා අපේ රටේ හදන ඉලෙක්ට්‍රික් කාර් එකේ මුල්ම ධාවනය ගැන මීට පෙර පෝස්ට් එකකින් පළකලා. මේ පෝස්ට් එකෙන් වේගා කාර් එක එළිමහනේ කරපු මුල්ම ධාවනය බලන්න පුලුවන්... අපේම රටේ ඉංජිනේරුවන් අතින් නුමැවුණු මේ අපූරු මෝටර් රථය ශ්‍රී ලාංකිකයන් වන අපට මහත් අභිමානයකි... 


වේගා නිර්මාණය කරන Codegen සමාගමේ ප්‍රධානී හර්ෂ සුභසිංහ මහතාටත් ව්‍යාපෘතිය භාරව සිටින බෙෂාන් කුලපල මහතාටත් වේගා හී කටයුතු සිදු කල සියලුම ඉංජිනේරුවන් හට ද ඉදිරි වැඩ කටයුතු සියල්ලද සාර්ථකව සිදු කිරීමට   tech සයුර බ්ලොග් අඩවියෙන් උණුසුම් සුබ පැතුම් එක් කර සිටිමු. 


November 8, 2015

වන්නි මෙහෙයුම වෙනුවෙන් පෙත්සමක්

ට අපේ රටේ දේශපාලනය ගැන ඇත්තේ ලොකු කලකිරීමකි. තමංන්ගෙ රටේ හදන ඒවාට වඩා පරගැතියන්ගේ දේ උලුප්පමින්, උල්පන්දම් දෙමින් ඒවා නගා සි‍ටුවා තම මඩිය තර කරගන්නා උන් ඉන්නා එකම රට මේකදැයි සිතේ.
පෝස්ට් එකේ මාතෘකාවේ තියෙන දේ ගැන සමහර අය දන්නවත් ඇති. මීට ටික කාලෙකට කලින් අපේ රටේ තිබුණ යුද්ධය ගැන වීඩියෝ ගේම් එකක් හදන්න පටන් ගත්තා... එක ඉතා උසස් ආකාරයේ ක්‍රීඩාවක් බව නිකුත් කල වීඩියෝ වලින්ම පේනවා. ඉතින් මේ අවුරුද්දෙ අන්තිම මේ ගේම් එක රිලීස් කරන්න තිබුණත් දැං ඒකට අවසර දෙන්නෙ නෑ.. හේතුව විදිහට කියන්නෙ අර හිටපු කකුල් දෙකේ කොටින්ගෙ ලාංඡනය තියෙනවා කියන එක.මෙවැනි නිර්මාණයක් කිරීම සුලු ප‍ටු දෙයක් නොවේය.එයට බොහෝ කාලය ශ්‍රමය කැපකල යුතුය. අවාසනාවට සම හරක් අයට ඒවා තේරෙන්නේ නැතිය.මේ තියෙන්නෙ ඒ ගැන මේ ගෙම් එක නිර්මාණ කරු දක්වල තියෙන අදහසයි.
ඡන්දෙට කලින් නම් අපේ රටේ ඉදික‍ටුවක් වත් හදන්නේ නැතිය, අපි අපේම කියා කර්මාන්ත නගා සි‍ටුවිය යුතුය කියා එකෙක් දෙකෙක් කෑ මොර දුන්නා මතකය. දැං ඒ අය ඉන්නේ අනුන් කල නිපැයුමක් ගරහන්න හෝ උපහාර පෙළ පාලි වල තමං කල දෙයක් සේ මල් මාලා දාගෙන යන්නට පමණි. මේවා කියා උද්ගෝෂණ කරන්නත් බැරිය. ඒ අපේ පොලිස් මාමිලාගේ අවම බලය ගැන දැන් හොඳට දන්නා නිසාය. ඒ නිසා මේ සැරසෙන්නේ ඔන්ලයින් ක්‍රමයට පෙත්සමක් යැවීමටටය. මේතනින් ඒ පෙත්සමට පිවිසිය හැකිය. පෙත්සම අත්සං කිරීම ඔබට බාරය. මේ ගෙම් එක නිකුත් වන තෙක් අපේ රටේ බොහෝ අය මග බලා සිටියේය. ඒත් එය ඉ‍ටු කර ගැනීම ලේසි නැත. හේතුව මේක අපේ රටේ නිර්මාණයක් වීමය. 
මේක විතරක් නෙවෙයි. නියමුවන් රහිත ගුවන් යානාව, ලියදි බඳින මැෂින් එක ගැන දැං කිසිම කතාවක් නැතිය. නිර්මාණය ඇගයිමට මහා ලොකු උත්සවනම් පවත්වයි. ඊට පසුව නිර්මාණ කරුවා නන්නත්තාරය. පොරොන්ඳු රසවිඳින්න යලි මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පැමිණිය යුතුවේ. එවිට ඒවායේ කියන කතා පොප් කෝන් කකා රසවිඳිය හැක. අන්තිමට සිදුවෙන්නේ තම පේට්න් බලපත්‍රය වෙනින් රටකට විකුණා දැමීමය. කවුරුත් නොදන්න අත්ට්‍රැක්ටරය ද අපේ රටේ නිපැයුමකි... දැන් එයින් ලාබ ලබන්නේ ජපානයයි. අපේ රටේ ඉංජිනේරුවන් අපේ රටේ නො‍රැඳීම පුදුමයක් නොවේ... අපේ ඡන්දය හිඟාකා අපිට වැඩ කිරීමට උස් පු‍ටුවලට යන අයට අන්තිමට යවපු එවුන්ට වඳින්නට සිදුවේ. මේක ගැන තව කතා කලද මෙච්චරමය.... මොකා ආවත් වැඩක් නම් කෙරෙන්නේ නැතිය. හැකිනම් මේ පෙත්සම සඳහා ඔබේ සහයෝගයද ලබා දෙන්න... මේ විදිහටවත් ට්‍රයි කරලා බලමු.

November 5, 2015

මහාචාර්‍ය සෙල්වදුරෙයි මහලින්ගම් මහතා...


රටට ලෝකයට වැඩක් ඇති ශ්‍රේෂ්ඨ පුද්ගලයන් ගැන අප කතා කල යුතුය. තමන් ගැන පමණක් නොසිතා අනාගත පරපුර ගැන සිතා කටයුතු කරන අය ගැන අනිවාර්‍යයෙන් කතා කල යුතුය. එයට ජාතිය, ආගම, කුලය අදාල නැත.මහාචාර්‍ය සෙල්වදුරෙයි මහලින්ගම් ද එසේ නිහඬ සේවයක් කර අප අතරින් සමු ගත් අයකි.
හදපු අයටවත් සොයාගත නොහැකිව තිබූ ඇව්රෝ ජෙට් ඇන්ජිමේ දෝෂය හඳුනාගෙන නිවැරදි කලේ මහාචාර්‍ය S. මහලින්ගම් මහතා විසිනි. එයට ගරු සරු වශයෙන් තමාට විශාල මුදලක් ලබාගත හැකිව තිබුණ ද , තමාගේ සැපත පමණක් නොසිතා තම රටේ සිසුන්ගේ අධ්‍යාපණ කටයුතු සඳහා අවශ්‍ය ව තිබූ ජෙට් එන්ජිමක් ඒ වෙනුවට එංගලන්තයෙන් එල්ලීය. මේ ශ්‍රේෂ්ඨ ඉංජිනේරුවාගේ එම ඉල්ලීම පිලිගත් ඔවුන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ජෙට් එන්ජිමක් ලබා දුනි.
මහාචාර්‍ය S.මහලින්ගම් මහතා ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් විද්‍යාව සඳහා උපාධියක් ලබා ඇත. 1970 වසරේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්‍ය වරයෙක් වශයෙන් පත්වූ ඔහු එවකට එවැනි සුදුසුකමක් සපුරා තිබූ එකම පුද්ගලයාද විය. කා සමගත් ඉතා සුහදශීලී පුද්ගලයකු මොහු සිසුන්ගේ ද සිත් දිනා ගත් අයෙකි. ඔහුගේ වියෝව ගැන සිසුන් පල කල අදහස් වලින් එය මනාව පැහැදිලි වේ. මෙවැනි අමිල සේවයක් කල මහාචාර්‍ය S. මහලින්ගම් මහතා මෙම මස 3 වනදා උදෑසන යාපනය රෝහලේදී අභාවප්‍රාප්ත විය. අනුන් පාගා දමා තම සැපත වැඩිකර ගැනීමට දඟලන අය අතරෙ මෙවැනි විශිෂ්ඨ මිනිසුන්ද සිටී... ඔවුන් මියගියද ඒ මතකයන් මැකී නොයයි....

එකතුවෙන්න...

 
         
 

tech එකේ ඉන්න අය

Contact Form

Name

Email *

Message *

ජනප්‍රිය ලිපි

ආව ගිය අය

page visitor counter

ලිපි කියවා ඇති ගණන

tech සයුර Copyright © 2014 - All rights reserved.