ගිය පෝස්ට් එකේ කිව්ව විදිහට මේ සැරේ කියන්න හදන්නෙ අපි හදාගත්ත LED ලයිට් රෑට නැත්නම් අඳුරට වැඩකරන විදිහට හදාගන්නෙ කොහොමද කියලා. එතකොට මේ ලයිට් එක රෑ වුණාම ඉබේම පත්තු වෙනවා. ආයේ ස්විච් දමාගෙන කරදර වෙන්න දෙයක් නෑ. මේක පොඩි ඩොට් බෝඩ් එකක හදාගත්තු පරිපථයක්.
![]() |
LDR |
පොඩි කාලෙ ඉදන් ඉලෙක්ට්‍රොනික් පරිපත හදන උදවිය ඕනෙ තරම් LDR එක ගැන දන්නව ඇති. LDR (Light Depending Resister) කියන්නෙ ආලෝක තත්වයට අනුව ප්‍රතිරෝධය වෙනස් වෙන ප්‍රතිරෝධයක්. මේකෙත් වර්ග දෙකක් තියෙනවා. එකක් ආලෝකය වැටුනම ප්‍රතිරෝධය අඩුවෙන එකක්, අනික ආලෝකයට ප්‍රතිරෝධය වැඩි වෙන එකක්. අපේ වැඩේට ඕන වෙන්නෙ ඔන්න ඔය මුලින් කියපු වර්ගයෙ එකක්. සුලබව තියෙන්නෙත් ඔය වර්ගය නිසා ගැටලුවක් වෙන එකක් නෑ. ඒත් එක්කම මේ පරිපතයට UA741 කියන OP AMP IC එකත් අරගෙන තියෙනවා. ඒ පරිපතයේ ක්‍රියාකාරිත්වය සුමට කරන්න. ( මේ වචන වලට බයවෙන්න එපා හොඳේ..! 😉)
ඕනි කරන දේවල්
- UA741 IC -1
- LDR -1
- D313 transistor -1
- 100K VR -1
- 10K resistor -1
- 1K resistor -3
- 1N4007 diode -1
- Small Switch -1
- LED (red) -1
- Dot bord -1
- වයර්
- ජුවලරි බොක්ස් එකක් (පරිපථය රඳවන්න)
➤පරිපථ සටහන
ඔන්න ඔය විදිහට පොඩි ඩොට් බෝඩ් කෑල්ලක ඔය සර්කිට් එක හදාගන්න ඕනි. මතක තියාගන්න අපි පරිපථය රඳවන්න ගන්න ජුවලරි බොක්ස් එක ඇතුලට හයි කරන්න පුළුවන් වෙන විදිහට ඩොට් බෝඩ් කෑල්ල කපාගන්න.
ඒ වගේම කොටස් පාස්සන කොටත් බොක්ස් එකේ පියන වහන්න පුළුවන් විදිහට බාධාවක් නොවෙන්න හදාගන්න ඕනි. සර්කිට් එක හදලා LDR එක වයර් දෙකකින් එලියට ගන්න. ඊට පස්සෙ බොක්ස් එක ලයිට් එක ලඟින් හයි කරලා LDR එක එලිය වැටෙන තැනක රඳවන්න. දැං සර්කිට් එකේ ප්‍රීසෙට් එක කරකවලා අඳුරට ලයිට් එක පත්තු වෙන්නත්, එළියට නිවෙන විදිහටත් සීරුමාරු කරගන්න.

Testing |
ප.ලි:- සර්කිට් එකේ ස්විච් එකක් දාලා තියෙනවා පේනවා ඇති. ඒකෙන් කරන්නෙ අඳුරට, එළියට පත්තු වෙන්නෙ නැතුව දිගටම පත්තු වෙන්න (Override) හදාගන්න. එතකොට ඕනි නැති වෙලාවලට මේ ස්විච් එක ඔන් කරන්න පුළුවන්.