December 27, 2019

Samsung වෙතින් Galaxy S11 වෙනුවට Galaxy S20‍ !

                                  තාක්ෂණික සමාගම් අතරින් මෘඳුකාංඟ හා දෘඩාංග නිපදවන බොහෝ සමාගම් සිය නිෂ්පාදන වලට නම් ලබා දීමේදී මේ වන විට තරමක් වෙනස් කරලා තියෙනවා.උදාහරණයක් ලෙස Windows 8.1 වලින් පසු Windows 9 ඒවි යයි බොහෝ අය සිතුවත් එය Windows 10 ලෙස ලබා දීමට ඔවුන් කටයුතු කලා. ඒ අනුව සැම්සුන්ග් සමාගමෙන් ඊළඟට නිකුත් වීමට නියමිත flagship දුරකථනයක් වන Samsung galaxy S දුරකථන පෙලේ Samsung galaxy S10 පසු ඊළඟ සාමාජිකයා Samsung galaxy S11 වෙනුවට Samsung galaxy S20 ලෙස නිකුත් කිරීමට කටයුතු කරන බව දැනට ආරංචි පැතිර යනවා.
                                        Ice universe හා MMDDJ_ නැමැති twitter ගිණූම් දෙකක් ඔස්සේ මේ පිලිබඳ කියා තිබුණා. ඔවුන් එය සඳහන් කර තිබුණේ "2020 වසර සඳහා නව ආරම්භයක්" ලෙස පවසමිනුයි. ඒ අනුව ඉදිරියට පැමිණීමට නියමිත දුර Samsung galaxy S දුරකථන වල නාමයන් Galaxy S20, Galaxy S20e, S20 හා S20 Plus වැනි ආකාරයෙන් වනු ඇත. තවද බොහෝ දුරට Galaxy Note මාදිලියේ දුරකථන පෙලත් මේ ආකරයෙන් Galaxy Note 20 හා Galaxy Note+ ලෙස නිකුත් වේවි යැයි අනුමාන කල හැක.



                                            මේ ආකාරයෙන් නම් කරන ආකාරය වෙනස් වූ තවත් දුරකතන මාදිලි ලෙස Honor 20 හා Huawei P20 දැක්විය හැක. ඒවාද දකුණු කොරියාණු දුරකථන නිෂ්පාදන සමාගම් වේ. එනම් ඔවුන් සියල්ලම එකම අඩිපාරේ ගමන් කරනවා වැනිය.

Samsung Galaxy S20 මොනවගේ වෙයි ද?

                          දැනට පවතින තොරතුරු වලට අනුව එය Snapdragon 865 chipset එකෙන් බල ගැන්වෙනු ඇත. එසේම 5000mAh බැටරියක් හා 108MP විභේදනයක් සහිත කැමරා 3 ක පද්ධතියක් සමග පැමිණෙනු ඇත. එම කැමරා පද්ධතිය 5x optical zoom සහිත ultra-wide sensor හා  time-of-flight sensor සහිත වේවි.

December 21, 2019

ලංකාවේ ප්‍රථම ඉලෙක්ට්‍රික් සුපිරි මෝටර් රථය VEGA ධාවනයට සූදානම්!

                        වේගා කියන නම නොදන්න කෙනෙක් නැති තරම් දැන්. ලංකාවේ ප්‍රථම ඉලෙක්ට්‍රික් සුපිරි මෝටර් රථය. නිර්මාණය කරන්නෙ CodeGen සමාගම. ඉතිං මේ කාර් එක හැදෙන හැට් ගැන ලිපි පෙළක්ම tech සයුරෙන් අරගෙන ආවා.
                    දැන් මේ විදිහට ලස්සනට තිබුණට ඒ හැඩ වැඩ ගන්න මේක හදපු හර්ෂ සුබසිංහ, බෙශාන් කුලපාල ඇතුලු අනෙකුත් ඉංජිනේරුවරුන්ගේ වසර ගණනාවක කැපකිරීම් හා ශ්‍රමය යොදවනු ලැබුවා. මේ රථයේ පරීක්ෂණ ධාවන මීට දින කීපයකට ඉහතදී සිදුකරනු ලැබූ අතර ලබන වසරේ මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත අන්තර්ජාතික මෝටර් රථ ප්‍රදර්ශණයක් වන Geneva Motor Show දී එළි දැක්වීමට නියමිතයි. ඒ බව එහි වෙබ් අඩවියේද සඳහන්ව තිබේ.
                    කිලෝ වොට් 300 ක බැටරි පැක් එකක් සමග එක් වරක් ආරෝපණය කිරීම මගින් කිලෝමීටර් 240ක් ගමන් කිරීමට හැකි මෙම රථය 0mph සිට 100mph දක්වා වේගයක් ලබා ගැනීමට ගතවන්නේ තත්පර 3.1 පමණ ඉතා කුඩා කාලයක්! අශ්ව බල 900 ක බලයක් 260kmph ඇති මෙහි මෝටරය හා බැටරි පැක් එක හැර අනෙක් සියලු උපාංඟ දේශීය වශයෙන් නිර්මාණය කරන ලද ඒවා වේ. එසේම මෙහි බැටරිය වි.15 ඇතුලත ආරෝපණය කල හැකි වීමද අනෙක් ඉලෙක්ට්‍රික් මෝටර් රථ වලට වඩා මෙහි ඇති විශේෂත්වයකි.
                              "අපිට නෑ, බෑ" කියනවා වෙනුවට "අපිට කරන්න පුළුවන්" යන දේ ඔප්පු කරීමට දරන ලද වෑයමක් ඵල දරා ඇති අන්දම පෙන්වීමට වේගා මෝටර් රථය ශ්‍රී ලාංකික තරුණ පරම්පරාවට හා අනෙකුත් සියලු දෙනාට කදිම උදාහරණයකි. වේගා හි ඉදිරි කටයුතුත් සර්වප්‍රකාරයෙන් සාර්ථක වීමට tech සයුරේ අපෙන් උණුසුම් සුබ පැතුම්!


(වැඩි දුර තොරතුරු සඳහා Vega Innovations ෆේස්බුක් පිටුවට යොමු වෙන්න)
(සියලු පින්තූර සහ වීඩියෝ Vega Innovations හා හර්ෂ සුබසිංහ මහතාගේ ෆේස්බුක් පිටුවලිනි)


December 15, 2019

ඉලෙක්ට්‍රොනික් වලට කැමති අයට සර්කිට් - 2

        මීට කලිනුත් ඉලෙක්ට්‍රොනික් වලට සම්බන්ධ PDF කීපයක් දුන්නා මතක ඇති. ඒ වගේම ඉලෙක්ට්‍රොනික් සර්කිට් තියෙන PDF, 7 ක් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. සිංහලෙන් වගේම ඉංග්‍රීසියෙන් තියෙන PDF මෙතන තියෙනවා. ඉලෙක්ට්‍රොනික් වලට ආධුනිකයන්ට වගේම විනෝදාංශයක් විදිහට සර්කිට් හදන අයට මේ ටික වැදගත් වෙයි.
  • Mini Electronic Projects-19.10 MB
  • Electronics Projects Ebook -1.88MB
  • සෙනිත් ඈම්ලිෆයර් පරිපථ -3.33MB
  • සෙනිත් ඉලෙක්ට්‍රොනික් සිස්ටම් 5 -3.62MB
  • PIC Assembly Language for the  Complete Beginner -153.83KB
  • නව පරිපථ    -3.93MB 
  • Arduino Programing (සිංහල) -3.78MB

එකතුවෙන්න...

 
         
 

tech එකේ ඉන්න අය

Contact Form

Name

Email *

Message *

ජනප්‍රිය ලිපි

ලිපි එකතුව

ආව ගිය අය

page visitor counter

ලිපි කියවා ඇති ගණන

tech සයුර Copyright © 2014 - All rights reserved.