ලංකාවෙන් ලෝකෙට යන මැජික්බිට්!

                             ඉස්සර ගෙදර ස්විච් ඕෆ් කරන්න ඕනි අතින්. නිදාගන්න ඇඳට ගිහින් ආයෙ කාමරේ ලයිට් එක ඕෆ් කරන්න ඇඳන් බැහැලා එන එක ගොඩක් අය අකමැති වැඩක්. ඒත් දැන් ඒ ප්‍රශ්ණ වලට  IoT කියන ස්මාර්ට් විසඳුම තියෙනවා. මේ තාක්ෂණය නිසා බිත්තියෙ තියෙන ස්විච් එක ෆෝන් එකට ගන්න පුලුවන් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මුළු ගෙදරම තියෙන ඉලෙක්ට්‍රොනික උපකරණ ෆෝන් එකෙන්, අන්තර්ජාලය ඔස්සේ පාලනය කරන්න පුළුවන්කම ලැබෙනවා. බැලූ බැල්මට මේක ලොකු සංකීර්ණ ක්‍රියාවලියක් වගේ. ඔව් ටිකක් සංකීර්ණයි නම් තමයි. ඒත් මේ කියන්නෙ කුඩා දරුවෙකුට උනත් IoT project කරන්න පුළුවන් ගැජට් එකක් ගැන!

👉 IoT කියන්නෙ මොකක්ද?

 Flickr 

        IoT (Internet of Things) කියන්නෙ සරලවම ගත්තොත් ඩිජිටල් හෝ යාන්ත්‍රික උපාංඟ එකතු කරලා හැඳුනු ජාලයක්. මේ හැම උපාංඟයකටම ඒවා හඳුනාගන්න කේතයක් නැත්නම් unique identifiers (UIDs) තියෙනවා. මේ උපාංඟ අන්තර් ජාලය ඔස්සේ දත්ත හුවමාරු කර ගැනීම මෙන්ම අන්තර්ජාලය හරහා පාලනය කරන්න පුළුවන්.

👉 තාක්ෂණය


            IoT උපාංඟ ක්‍රියාත්මක වෙන්න ඊටම ආවේනික තාක්ෂණයන් මෙන්ම නියමාවලි (protocol) වලින්. ඒවායේ වේගවත් සන්නිවේදනයට, ඉක්මන් ප්‍රතිචාර දක්වන්න වගේම ආරක්ෂාව වෙනුවෙන් ඉතා සංකීර්ණ කේත කොටස් භාවිතා කරලා තමයි මේ පද්ධති නිර්මාණය කරලා තියෙන්නෙ. ඉතිං මේ වගේ උපාංඟ නිර්මාණය කරන්න IoT developers ලෙස ඒ තාක්ෂණය මැනවින් හදාරපු පුද්ගලයින් යොදවා තියෙනවා. ඒ සඳහා අන්තර්ජාලය ගැන, protocol ගැන හා ඉලෙක්ට්‍රොන් ගැන තරමක දැනුමක් අවශ්‍ය වෙනවා.

👉 අත්පොත් තබන අයට හොඳම විසඳුමක්!


        කලින් කිව්ව විදියට ඉතා ගැඹුරු තාක්ෂණික දැනුමක් නැතිව IoT application එකක් ගොඩ නගන එක ලෙහෙසි නෑ.ඒත් මේ කියන්න යන platform එකෙන් මෙච්චර අමාරු දේ ඉතා සරලව වගේම ලේසියෙන් ඉගෙන ගන්නත්, ඒක භාවිතා කරලා අලුත් නිර්මාණ ගොඩනගන්නත් පුළුවන්කම තියෙනවා. ඔයා දැනටමත් පාසල් යන කෙනෙක් උනත්, තාක්ෂණය ගැන ඇල්මක් දක්වන කෙනෙක් හෝ IoT ගැන දැනටමත් දන්න කෙනෙක් උනත් මේ platform එක යොදාගෙන හිතේ තියෙන නිර්මාණය ඉතා පහසුවෙන් ගොඩනාගන්න පුළුවන්. ගොඩක් දෙනෙක් Arduino ගැන දන්නවනේ. අන්න ඒ වගේ ඊටත් වඩා ලේසියෙන් නිර්මාණ කරන්න පුළුවන්,  බල්බ් එකක් on/off කිරීම පටන් රොබෝ නිර්මාණ දක්වා විශාල පරාසයක් තුළ හැසිර වීමට එකක් තමයි මේ.

👉 මැජික්බිට් (Magicbit)


magicbit.cc

            මැජික්බිට් කියන්නෙ IoT මූලීක කරගෙන, ප්‍රෝග්‍රෑම් කරන්න පුලුවන්, ඉලෙක්ට්‍රොනික වගේම රෝබෝ නිර්මාණ වලටත් යොදාගන්න පුළුවන් කුඩා නමුත් බලසම්පන්න උපාංඟයක්. වැදගත්ම කාරණය නම් මේ උපාංඟය තවත් එක් ඉලෙක්ට්‍රොනික උපකරණයක් පමණක් නොවී උසස් ප්‍රමිතියක් සහිතව ශ්‍රී ලංකාවේ සිදු කරන නිෂ්පාදනයක්.

👉 මැජික්බිට් එකේ වැඩ!


              බැලූ බැල්මට කුඩා උපාංඟයක් වගේ පෙනුනත් මැජික්බිට් එක hardware, software වලින් හොඳින් බලගන්වපු උපාංඟයක්. සංකීර්ණ තාක්ෂණයක් උපයෝගී කරගෙන තිබුණත් කුඩා දරුවෙකුට පවා වැඩසටහන් නිර්මාණය කිරීමට තරම් මැජික්බිට් එක සරලයි.
magicbit.cc

👉 මැජික්බිට් මොළය - ESP32


            මේ චිප් එක ගැන IoT ගැන හොයලා බලපු අයනම් දැනටමත් දන්නවා ඇති (නොදන්න අයටත් මැජික්බිට් එකෙන් ඉගෙන ගන්න පුළුවන්). ESP32 චිප් එක චීනයේ Espressif Systems සමාගම විසින් නිෂ්පාදනය කරන SoCs (System on a chip) වර්ගයේ එකක්. ESP32 කියන්නෙ මිලෙන් අඩු, අඩු විදුලියකින් වැඩ කරන වයි-ෆයි, බ්ලූටූත් දෙකම තියෙන මයික්‍රොකොන්ට්‍රෝලරයක්. ESP32 එක ගැන වැඩි විස්තර, නිෂ්පාදන සමාගමේ වෙබ් අඩවියෙන් විස්තර කරලා තියෙනවා. ඉන්ටනෙට් එකේ ESP32 වලින් කරපු ගොඩක් නිර්මාණ තියෙනවා. ඒ හැම එකක්ම මැජික්බිට් එකෙන් ඊට වඩා පහසුවෙන් ගොඩනගන්න පුළුවන්!
 Flickr

👉 කෝඩ් ලියන්න ඕනි නැති Magicblocks cloud platform


                මේවගේ ඩිවයිස් එකක් අතට ගත්තත් එන ගැටලුවක් තමයි ප්‍රෝග්‍රැමින් නොදන්න කෙනෙකුට වැඩ කරන්න බැරිවීම. ඒ නිසා ගොඩක් දෙනෙක් ඉගෙන ගන්න මැලිකමක් දක්වනවා. ඒත් Magicblocks cloud platform එකේ තියෙන visual code builder නිසා මේ ප්‍රශ්ණය නැතිවෙනවා. visual code builder එකෙන් අතින් ලියන කෝඩ් වෙනුවට drag & drop විදියට ඉතාපහසුවෙන් වැඩසටහන් නිර්මාණය කරන්න පුළුවන්. මේ platform එක ඊටත් වඩා වැඩ කරන්න පුළුවන් බලසම්පන්න cloud platform එකක්.
magicbit.cc

👉 Android App


            IoT ප්‍රොජෙක්ට් එකක් කිව්වොත් මොබයිල් ඇප් එකක් කියන්නෙ තියෙන්න ඕනිම එකක්. මේ ඇප් එකෙන් magicbit එකට input/output උපාංඟයක් විදියට ස්මාර්ට් ෆෝන් එක යොදාගන්න පුළුවන්. ෆෝන් එකේ gyroscope, accelerometer input විදියට අරගෙන magicbit එක හසුරවන්න පාවිච්චි කරන්න පුළුවන් විදියට මේ ඇප් එක හදලා තියෙනවා. උදාහරණයක් විදියට magicbit එකෙන් හදන කුඩා රොබෝවක් ෆෝන් එකෙන් internet එකෙන් control කරන්න හදාගන්න ඉතාම ලේසියි!
magicbit.cc


👉 මැජික්බිට් එකේ තියෙන දේවල්


    මැජික්බිට් එකේ තියෙන විශේෂත්වය තමයි Input වලට අවශ්‍ය සමහර sensor, actuators ඒකෙම ඇතුලත් වෙන එක.  Push button 2 ක්, Potentiometer එකක් වගේම LDR එකකුත් තියෙනවා, Output විදියට මැජික්බිට් එකේම එන OLED ඩිස්ප්ලේ එක නිසා පිටතින් LCD ඩිස්ප්ලේ සම්බන්ධ නොකර, LCD වඩා තොරතුරු බලාගන්නත් පුළුවන්. තව motor drivers, LED, buzzer මේ බෝඩ් එකේ ඇතුලත් වෙනවා. ඒවගේම In-built battery charger එකක් මැජික්බිට් එකට ඇතුලත් වෙන නිසා බැටරියක් සම්බන්ධ කරන්න පුලුවන් වෙන එක තව වාසියක්. මීට අමතරව අමතර sensor රැසක් මැජික්බිට් එකට ලැබෙනවා.

magicbit.cc

👉 මැජික්බිට් එක වටින්නෙ ඇයි?


  • මැජික් බිට් එක කුඩා දරුවෙකු පටන් ඉතා හොඳ දැනුමක් ඇති තාක්ෂණික ශිල්පියෙකු දක්වා පරාසයක සිටින ඕනෑම කෙනෙකුට වැඩ කල හැකි වටිනා උපාංඟයක්.
  • මැජික්බිට් එකේ තියෙන එයටම ආවේණික වුණු සැකැස්ම නිසා බ්‍රෙඩ් බෝඩ්, ජම්පර් වයර් නොමැතිව ඉතා පහසුවෙන් අමතර modules සම්බන්ධ කරන්න පුළුවන්.
  • Visual code builders මගින් programming දැනුමක් නොමැති කෙනෙකුට උනත් පහසුවෙන් වැඩසටහන් නිර්මාණය කරන්න පූළුවන්.
  • Arduino, MicroPython, Javascript හෝ C# වැනි .net nano framework එක මගින් මැජික්බිට් එක ප්‍රෝග්‍රෑම් කල හැකි වීම.
  • Azure, GCP, AWS, ThingsBoard, Blynk වැනි IoT platform සමඟ පහසුවෙන් සම්බන්ධ කර ක්‍රියාත්මක කල හැකි වීම.
  • අන්තර්ජාලයේ ESP32 සඳහා ඇති project ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කල හැකිවීම.
  • දැනටමත් පරීක්ෂණ විශාල ප්‍රමාණයක් සිදුකර තිබීම.
magicbit.cc

👉 මොනවද හදන්න පුළුවන්?


            ඇත්තටම මැජික්බිට් කියන්නෙ කුඩා පරිගණකයක් කිව්වොත් හරි. මැජික්බිට් එකකින් ඔයා කැමති, හිතට එන ඕනෑම දෙයක් ගොඩනගන්න පුළුවන්. ගොඩක් අය හිතට ආපු අදහස ගොඩනගන්න, ඒකට පරිපථ සකස් කරන්න, කෝඩ් කරන්න දැනුම නැති නිසා අතහැරලා දානවා. මැජික්බිට් එක ඒකට හොඳම විසඳුමක්! උදාහරණ විදියට Smart alarm clock, WiFi weather station, motion detector, tilt sensor, smart dustbin, Bluetooth car, snake game, self-balancing robot, smart sanitizer, remote plant watering system, tank water level monitoring system වගේ තව ගොඩක් project මැජික්බිට් එකෙන් කරන්න පුළුවන්. ඒ වගේම robotics වල මූලික සංකල්ප ඉගෙනගන්නත් මැජික්බිට් එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.
magicbit.cc

👉 ළමයෙකුට දෙන්න පුළුවන් වටිනාම තෑග්ග!


         කුඩා කාලයේ පටන් තාක්ෂණයට ඇල්මක් ඇති ළමයෙකුට උනත් දෙන්න පුළුවන් වටිනාම තෑග්ගක් තමයි මැජික්බිට් කියන්නෙ. ඉස්සර නම් රු. 25 මෝටරේට වයර් අමුණලා එක එක වැඩ කරලා ලබපු සතුට දැන් අලුත් විදියට ඊට වඩා වැඩි පරාසයක ඊට වඩා පහසුවෙන් කරන්න මැජික්බිට් එකෙන් පුළුවන්.
        IoT, coding, robotics, electronics වගේම Artificial Intelligence (කෘතිම බුද්ධිය) හා Machine Learning වැනි සංකීර්ණ දේවල් පහසුවෙන් ඉගෙන ගන්න මැජික්බිට් උදව් වෙනවා. ඒවගේම Arduino Tutorials, MagicCode Tutorials, Magicblocks.io , හා MicroPython Tutorials කියන ලිංක් වලට ගිහින් බැලුවොත් මැජික්බිට් එක ඉගෙන ගන්න හොඳ මූලාශ්‍ර කීපයක් බලාගන්න පුළුවන්.
arduino.cc

👉 මැජික්බිට් Kickstarter වෙබ් අඩවියෙන්


        Kickstarter කියන්නෙ ලෝකය වෙනස් කරන්න නව අදහස් ඇති නව නිපැයුම් වලට අරමුදල් රැස් කරන්න අවස්ථාවක් ලබා දෙන ලෝකප්‍රසිද්ධ වෙබ් අඩවියක්. ඉතිං මැජික්බිට් එකත් නුදුරු දවසක Kickstarter වෙබ් අඩවිය ඔස්සේ පැමිණීමට නියමිතයි. ඒ වගේම Kickstarter තුලින් හෝ පෙර ඇනවුම් මගින් මිලදී ගන්න මැජික්බිට් වලට විශේෂ වට්ටමක් සහිතව Magicbit Core හෝ Magicbit Pro ලෙස මැජික්බිට් උපාංඟ ලබාගන්න හැකියාව තියෙනවා.

වෙබ් අඩවිය: https://magicbit.cc/
ෆේස්බුක් පිටුව: Facebook
YouTube චැනලය: YouTube
LinkedIn පිටුව: LinkedIn
Instagram පිටුව : Instagram




sources: 
https://magicbit.cc/
https://magicbit0.medium.com/magicbit-an-easy-iot-platform-for-everyone-46b17e049130

ප:ලි :- මැජික්බිට් එක kickstarter වෙබ් අඩවිය ඔස්සේ පසුගිය 27 වන දා එළිදැක්වූවා. සතුටට කාරණය නම් නිකුත් කර පැය 24 ගතවෙන්නට පෙර එහි බලාපොරොත්තු වූ අගය වඩා 200% සම්පූර්ණ කර ගැනීමට සමත් වුණා.! අද (30) වන විට එය 300% සීමාව පසු කර අවසන්. ඉතින් මේ නිසාම ශ්‍රී ලාංකික මිලදී ගැනීම් සඳහා පමණක් 35% වට්ටමක් ලබා දීමටත් කටයුතු කරන්න මැජික්බිට් ආයතනය තීරණය කර තිබෙනවා. ඉතින් ඔබටත් පුළුවන් මේ ලිංක් එක මගින් kickstarter වෙබ් අඩවියට පිවිසිලා දැන්ම මැජික්බිට් එකක් order කරන්න. ශ්‍රී ලාංකීය නව නිපැයුමක් ලෙස ලංකාවෙන් ලෝකය ජයගන්නා මැජික්බිට් වෙත tech සයුරෙන් සුබ පැතුම්!

13 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. සිංහල පෙල කියවන මෘදුකාංගයක් තියෙනවද? වින්ඩෝස්10 ට හරියන.

    ReplyDelete
    Replies
    1. සිංහල unicode වලින් ලියා තියෙන දෙයක් අහගන්න

      Delete
    2. Google translate උත්සහ කරලා බැලුවද?

      Delete
  2. Well done Rohan!
    Keep up the good work.

    ReplyDelete
  3. E kiyanne den Arduino eka visi karala owa ekak ganna onida.

    (Me comage Sinhala nahe.)

    ReplyDelete
    Replies
    1. මේක වෙනම ආතල් එකක් අයියා! 😉😅

      (https://www.helakuru.lk/ try this)

      Delete
Previous Post Next Post

Recent Post

Features