ලෝකෙම ප්‍රසිද්ධ අපේ මෘදුකාංග ඉංජිනේරුවා!

       මේ කියන්න යන්නේ ලෝකෙම ප්‍රසිද්ධ අපේ රටේ මෘදුකාංග ඉංජිනේරුවෙක් ගැනයි. මෙයා තමයි චමත් පලිහපිටිය. ඒත් මෙයා අපේ රටේ කොච්චර දුරට ප්‍රසිද්ධද කියලනම් මම දන්නෙ නෑ.


මෙයා ඉපදුනේ ලංකාවේ. ඊට පස්සෙ වයස අවුරුදු 6 දී චමත් ගෙ පවුලේ අය කැනඩාවේ පදිංචියට යනවා.මේ ගමනෙන් තමයි මෙයාගෙ ගමන පටන් ගන්නෙ.1999 දී එයා මුලින්ම වෝට(ර්)ලූ සරසවියෙන් විදුලි ඉංජිනේරු උපාදියක් ලබාගන්නවා. ඊට පස්සෙ BMO Nesbitt Burns කියන ආයතනයේ අවු:1 වැඩ කරලා 2000 දී කැලිෆෝනියාවට යනවා.

ලෝකෙම දන්න AOL ආයතනයේත් චමත් පණිවිඩ අංශයේ ප්‍රධානියා වෙලා තියෙනවා. ඒ 2004 දී .ඊට පස්සෙ 2005 දී AOL එකෙන් අයින් වෙන මෙයා Mayfield Fund එකෙත් වැඩ කරලා Face book එකට සම්බන්ධ වෙන චමත් Face book  හි ඉහලටම එනවා. ඒ Face book  හි බාවිත කරන්නන් වැඩිකිරීමේ සම්බන්ධයෙන්. පසු කාලයේදී Face book  ලොක්කා ඒ කියන්නේ මාක් ෂූක(ර්)බ(ර්)ග් ට නැතිවම බැරි කෙනක් බවටත් පත්වුනා. 
අපේ රටේ ප්‍රසිද්ධ නැති ඒත් ලෝකෙම ප්‍රසිද්ධ ලංකාවේ මොළයක් තමයි චමත් පලිහපිටිය කියන්නේ. අපේ අතරත් තවත් මේ වගේ අය ඕන තරම් ඇති. ඒත්.. ලෝකේ හොඳ තැනකට එන්න අපේ රටේ අධ්‍යාපනය ප්‍රමාණවත්ද? ඒක එහෙම නම් චමත් පලිහපිටිය, සරත් ගුණපාල වගේ අයගෙන් අපේ රටට වැඩක් ගන්න බැරිද?...

5 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. තාමත් අපේ රටේ ගොඩක් අය මෙයා ගැන දන්නෙ නෑ.ෆේස්බුක් එකේ උප සභාපති වරයෙක්...මිනිහගෙ වාසනාවට තමා පිට රටකට ගියේ ..මේ රටේ හිටියනම් බඩුම තමා..මේ වගේ මොල කාරයො කොච්චර ලංකාවට වෙලා චාටර් වෙනව ඇද්ද ...මේ තියන කාලකණ්ණි අධ්‍යාපන ක්‍රමය තමා මේකට වග කියන්න ඕනි .

    ReplyDelete
    Replies
    1. අනිවා ඇත්ත කතාව. අපේ රටේ නව නිපැයුම් කරන අය කොච්චර ඉන්නවද.. දේශපාලුවො උදව් කරන්නෑ. ඇයි තමන්ට කිසි වාසියක් නෑනෙ..

      Delete
    2. සිරාවටම ඇනෝ.. ඇත්ත කතාව...

      Delete
  2. එක අත්ත..අපේ අයට තැනක් දෙන්න...අපේ රටෙ අවාසනාව..

    ReplyDelete
Previous Post Next Post

Recent Post

Features