කවුරුත් දන්න මිතුරු හවුලක් වෙන ෆේස් බුක් එකේ ලොක්කා, ඒ කියන්නේ මාර්ක් ෂුකර්බර්ග් දැන් අලුත් වැඩකට අත ගහලා. ඒ තමයි මැසේජින් සොෆ්ට්වෙයාර් එකක් විදිහට ස්මාර්ට් ෆෝන් වල ප්‍රසිද්ධ වට්ස් ඇප්(Wats App) එක ෆේස් බුක් හි මැසේජින් ඇප් එක විදිහට යොදා ගැනීමට තීරණය කිරීමයි.
මේ පිලිබඳ සඳහන් කල ෂුකර්බර්ග් පවසා සිටියේ "මම හිතන්නේ වට්ස් ඇප් කියන්නේ ගෝලීය සන්නිවේදන කරලියක් කියලයි. ඒ නිසා මම හිතනවා ෆෙස්බුක් හි සිටින බිලියන ගණනක් වූ සෙනගක් එකිනෙකා හා සම්බන්ද කිරීමට වට්ස් ඇප් සුදුසුයි කියලා.." යනුවෙනි.මින් අදහස් වන්නේ දැනට ෆේස් බුක් හි ලබා දෙන මැසේජින් ඇප් එක වන ෆේස් බුක් මැසෙන්ජර් (Facebook Messenger) ඇප් එක ඉවත දමන බව නොවේ. භාවිතයේ ඇති ෆේස් බුක් මැසෙන්ජර් වැඩසටහන සමගම වට්ස් ඇප් එක අමුණා එවන බවයි. ඩොලර් බිලියන 19 කට (19$) වට්ස් ඇප් වැඩසටහන මිලදී ගැනීමට දැනටමත් කටයුතු කර ඇති බව ආරංචිය.
ෂුකර්බර්ග් මේ බව පවසා තිබුනේ මෙක්සිකෝ නගරයේ තිබූ අවස්ථාවක දී ය. මෙම උත්සවය සංවිධාන කොට තිබූ ඇමරිකා විදුලි සංදේශ අධිකාරියේ සභාපති හා ෆේස්බුක් හි කැඳවුම් කරුවා වන කා(ර්)ලොස් ස්ලිම් අදහස් දක්වමින් කියා සිටියේ " ලෝකයේ මිනිසුන් අන්තර්ජාලය හා සම්බන්ද කිරීමේ ලොකු වගකීමක් අපට තියෙනවා, මේ ඉටුකරන්නේ අන්න ඒ වගකීමයි" යනුවෙන් පැවසීය.
වට්ස් ඇප් මුලින්ම ආවේ 2009 වසරේදීය. එදා පටන් මේ කුඩා වැඩසටහන ලොව පුරා වේගයෙන් ජනප්‍රිය වී ගියේ ය. දැන් ෂුකර්බර්ග් සැරසෙන්නේ මේ කුඩා වැඩසටහනෙන් ප්‍රයෝජනයක් ලබා ගන්නටය. කෙසේ නමුදු වට්ස් ඇප් සමග තරඟ කරන්නට වයිබර් (Viber), ස්කයිප් (Skype), ඇපල් අයි මැසෙන්ජර් (iMassenger) හා ගූගල් හැන්ගවුට් (Hangout) යන ඒවා ද තිබේ. මෙසේ තරඟයක් තිබීමෙන් වැඩි වාසියක් සැලසෙනේ ඒවා භාවිතා කරන ජනයාටය. එකි නෙකා පරයා නැගී සිටීමට අලුත් අලුත් පහසුකම් හඳුන්වා දෙන මේ නිපැයුම් වලින් නියම ප්‍රයෝජන ගන්නේ මේ ජනයා වීම ඊට හේතුවයි..
0 comments :
Post a Comment