නව iPhone 6 හි පැමිණීම...

      ඇපල් සමාගමේ ස්මාර්ට් ෆෝනය වන අයිෆෝනයේ (iPhone) දැනට තිබෙන්න උපාංඟය වන්නේ iPhone5 යි. එහි නවතම සංස්කරණය වන iPhone6 එලි දැක්වීමට නියමිතව ඇත්තේ මෙම මස 9 වන දායි (9.9.2014). මේ නව උපාංගය සතු විශේෂතා ගැන දැන් නොයෙක් කතා පැතිරී යමින් තිබේ. මේ ලිපියෙන් ගෙනඑන්නේ එම අලුත් විස්තරයි.
වොල් ස්ට්‍රීට් ජර්නලය හා නිව් යෝක් ටයිම්ස් පුවත් පත් වලට අනුව ඉදිරිපත් කිරීමේ උළෙලේ දී අඟල් 4.7 හා 5.5 යන අයි ෆෝන් සංස්කරණ ඉදිරිපත් කරයි. එසේම මේ උත්සවය ඇපල් නිල වෙබ් අඩවිය  ඔස්සේ සජීවීව විකශයට නියමිතය. 

recode.net  වෙබ් අඩවියට අනුව මෙහිදී ඇපල් සමාගමේ A8 ඔන්බෝඩ් ප්‍රොසෙසරය පිළිබඳ හඳුවන බවයි. කෙසේ වෙතත් ඇපල් සමාගම විසින් පෙර ඉඟි ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත.
දැනට ඉඟි ලැබී ඇති ආකාරයට නව අයි ෆෝනයේ ඇති විශේෂතා අතර වැඩි ධාරිතාවක් සහිත බැටරියක් සහිතව පැමිණෙනු ඇති. ඒ අනුව අඟල් 4.7 අයි ෆෝනය සමග 1800mAh බැටරියකුත් , අඟල් 5.5 අයි ෆෝනය සමග 2500mAh බැටරියකුත් පැමිණෙනු ඇති. මෙය නිශ්චිත අගයන් නොවන අතර පෙර පැමිණි ඒවා සමග සසඳා ලබා ගත් අගයන් වේ. එනම් පෙර සංස්කරණ වල 1500mAh - 1700mAh ට වැඩි විණි. ඒ යමින් මේ නව අගයන් ඉදිරිපත් කොට ඇත. ඇපල් සමාගමෙන් අත් වැරදීම් වලින් පිට වූ පින්තූර වලට අනුව බැටරිය සැම්සුන්ග් ගැලැක්සි නොට් 3 හි බැටරිය තරම් වනු ඇති.
නව උපාංඟය වේගවත් LPDDR4 RAM මතකයක් සහිත එකක් වනු ඇති. නමුත් එහි ධාරිතාව 1GB තරම් වනු ඇති. එයට හේතුව නව A8 ප්‍රොසෙසරය සමගින් ක්‍රියා කිරීමේදී බැටරි බලය ඉතිරි කර ගැනීමටයි.
තවත් වැදගත් කරුණක් වන්නේ මෙහි ඇති තිරය තරමක් විශාල වනු ඇති බවයි. එසේම එහි දර්ශනය වන රූපාවලි ඉතා පැහැදිලි හා තීවර්‍ (1920px x 1080px) වේ.

  මීට අමතරව පහත විශේෂතා ද ඇති බව විවිධ වෙබ් අඩවි මගින් අනාවැකි පළ කොට තිබේ.

  • නවතම iOS8 මෙහෙයුම් පදධතිය

  • සූර්‍ය බලයෙන් බැටරිය ආරෝපණය වීම

  • ලඟ ඇති උපකරණ හඳුනාගැනීමේ හැකියාව(Near Field Communication (NFC)),

  • නව Wi-Fi 802.11 තාක්ෂණය,
  • වායු පීඩන මානයක් හා පීඩන මානයක්,
  • වැඩි දියුණු කල කැමරාව හා 128GB අභ්‍යන්තර මතකයක්,
  • ගණකම මිලිමීටර් 6 හෝ 5.5 ක් පමණ වනු ඇත,
  • HD හඬ හා VoLTE ට සහය දැක්වීම
  • අතින් සන් කිරීමෙන් විධාන දීමේ හැකියාව(gesture controls)
මේවා විවිධ වෙබ් අඩවි හා පුද්ගලයන් විසින් ඉදිරිපත් කල අනාවැකි වන අතර නව අයි ෆෝනයේ ගති ගුණ හරියටම දැන ගත හැකි වන්නේ ලබන 9 වනදාටය.



Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features