මෝටර් රථ සඳහා එන Navdy උපාංගය

        මෝටර් රථයේ ගමන් කරමින් සිටින විට දුරකථන ඇමතුමක් ලැබුණ විට බොහෝ දෙනා කරන්නේ ගමන් කරමින්ම එයට ප්‍රතිචාර දැක්වීමයි. මෙය එතරම් සුදුසු ක්‍රියාවක්  නොවේ. ඇතැම් විට එය අනතුරක මුලද විය හැකිය.


    දැන් එයට විසඳුමක් පැමිණ තිබේ. ඒ නැව්ඩි (navdy) නම් උපාංගයයි. මෙය විනිවිද පෙනෙන අඟල් 5.1" තිරයක් සහිත හුරු බුහුටි උපකරණයකි. තමාගේ මෝටර් රථයේ සුක්කානමට ඉදිරියේ ඇති ඩෑශ් බෝඩ් එක මත මේ උපකරණය තබා තමාගේ ජංගම දුරකථනය එය සමග සම්බන්ධ කල  විට එහි ඇති විනිවිද පෙනෙන තිරයට කුඩා ප්‍රොජෙක්ටරයක් මඟින් දර්ශන ලබා දේ.දැන් තමාගේ ඇස් මාර්ගයෙන් ඉවතට නොගෙන දුරකථනය සමග වැඩ කිරීමට හැකිය. මේ සමග වැඩ කිරීමේදී බොත්තම් එබිය යුතු නැත.කල යුත්තේ අතින් සන් කිරීම මගින් හෝ කටහඬ මගින් විධනයන් ලබාදීමය (Gesture Control).
නැව්ඩි උපාංගය සරල උපකරණයක් ලෙස පෙනුනද එය ඉහල මට්ටමේ තාක්ෂණික උපකරණයකි. අඟල් 5.1" තිරයක් (HUD- Hed Up Dishplay) සහිත මේ උපකරණයට දසුන් ලබාදීමට ඉහළ ගණයේ ප්‍රොජෙක්ටරයක් ඇත. ඩුවෙල්කෝ ප්‍රොසෙසරයක් මඟින් පණ ලබන මෙය ඇන්ඩ්‍රොයිඩ් 4.4 මෙහෙයුම් පද්ධතිය මගින් ක්‍රියා කරයි. 

    තවද මෙහි ඇති ස්පීකරය හා මයික්‍රෆෝනය ශබ්ධ විකෘති වීම් ඉවත් කිරීමේ තාක්ෂණයෙන්(speaker and microphone with noise canceling DSP) යුක්ත වන අතර දුරකථනය සමග සබඳතා පැවැත්වීමට නවතම බ්ලූටූත් 4.0 හා වයි-ෆයි (WiFi (802.11 b/g/n), Bluetooth 4.0/LE)  වලින් සමන්විත මෙය සෙලවීම වැලැක්වීමට කාන්දම් කොටසකින්ද යුක්තය. මීට අමතරව ඇක්සලෝමීටරයක්, මාලිමාවක්, ආලෝක තත්වය මැනීමේ උපකරණයක් ද මීට අයත් අතර ඇන්ඩ්‍රොයිඩ් හා ඇපල් මෙහෙයුම් පද්ධති සමග හොඳින් ක්‍රියා කරයි.
 දුරකථනයෙන් ඇමතුම් ගැනීමට අමතරව මිතුරන් සමග චැට් කිරීම ගමන් මග සොයාගැනීම වැනි කටයුතුද තම මෝටර් රථයේ පරිගණකය සමග සම්ම්බන්ධ කොට රථයේ වේගය, ඉන්දන මට්ටම බලා ගැනීම වැනි කටයුතුද ඉතා පහසුවෙන් ඉ‍ටුකල හැක.
මේ විශිෂ්ට උපකරණය නිපදවනු ලැබුවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි ව්‍යාපාරිකයෙකු වන ඩුග් සිම්සන්(Doug Simpson) හා නව නිර්මාණ කරුවකු වන කාල් (Karl Guttag) යන දෙදෙනාගේ මූලිකත්වයෙන් හා දක්ෂ කණ්ඩායමක සාමූහික වෑයමෙනි.

      ඔවුන්ට නැව්ඩි උපාංගය නිර්මාණයට අවුරුද්දක් පමණ කාලයක් ගතවිය.මෙයට ලබා දී ඇති අන්තර්ජාතික මිල $299 කි.

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features