January 31, 2015

CES උළෙලේ දී ඉදිරිපත් කෙරුනු හොඳම උපාංඟ...

CES (consumer electronics show) කියන්නේ ලෝකයට අලුතින් එක්වෙන ඩිජිටල් උපාංඟ ගැන ලෝකය දැනුවත් කරන හොඳම ඉලෙක්ට්‍රොනික් උපාංඟ ප්‍රදර්ශනයක්. 1967 දී ඇරඹුන මේ ප්‍රදර්ශනයට ලෝකයේ ප්‍රකට මෘදුකාංඟ හා දෘඩාංඟ සමාගම් මේ උළෙලට සිය දායකත්වය ලබා දෙනවා. ඉදිරි වසරේදී ලෝකයේ ඩිජිටල් නැඹුරුව ගැන අදහසක් ගන්න මේ උළෙලෙන් හැකියාව තියෙනවා.
      CES උළෙලේ මේ වසරේ ඉදිරිපත් කෙරුන හොඳම ඩිජිටල් උපාංඟයි මේ..
 හොඳම ස්මාර්ට් ෆෝනය - LG G Flex 2 
එල්ජී සමාගමේ පෙරලිකාර දුරකථනයක් වන LG G Flex 2  මෙවර හොඳම ස්මාර්ට් ෆෝනය බවට පත්ව තිබෙනවා. නම්‍යශීලි දුරකථනයක් වන මේය අඟල් 5.5 තිරයක් හා ක්වාල්කොම් ස්නැප් ඩ්‍රැගන් 810 ප්‍රොසසරයකින් යුක්ත වෙනවා.
 හොඳම ස්මාර්ට් ෆෝන් උපාංඟය -Lenovo Vibe Xtension Selfie Flash 
ස්මාර්ට් ෆෝන් මගින් තනිව ගන්නා (Selfie) ඡායාරූප වලට ගුණාත්මක බව වැඩිකරීමට අමතර ආලෝකයක් ලබාදීමට lenovo සමාගමෙන් නිපදවූ LED ෆ්ලෑෂරය.
 හොඳම ස්මාර්ට් ඔරලෝසුව - Lenovo Vibe Band VB10 
lenovo සමාගමේ නිර්මාණයක් වන මෙම ස්මාර්ට්වොච් උපාංගය
 අඟල් 1.43 ක E Ink තිරයක් හා වඩා හොඳ බැටරි ආයුකාලයකින්ද යුක්ත වෙනවා වගේම තව අමතර පහසුකම් ‍රැසකින් යුක්තයි.
 හොඳම ශරිර සුවතා උපාංගය - Garmin Vivoactive 
     Garmin Vivoactive  උපාංඟය මගින් ශරීර සුවතාව මනාව පවත්වා ගැනිමට හොඳ පි‍ටුවලක් ලබාදෙයි. පපු ප්‍රදේශයට සවි කල හැකි බ්ලූටූත් උපාංඟයකින් හා GPS සහිත වන මෙය CES 2015 දි  හොඳම ශරිර සුවතා උපාංගය බවට පත්විණි.
හොඳම සෞඛ්‍ය උපාංගය -TempTraq 
Blue Spark Technologies සමාගමේ නිර්මාණයක් වන මෙය ළදරු වන්ගේ ශරීරයේ උෂ්ණත්වය මැන බැලීමට යොදා ගනී.
හොඳම ඩිජිටල් ගෘහ උපාංඟය- LG Twin Wash 
හොඳම මුලුතැන්ගෙයි උපාංඟය -Rotimatic
එකවර ආහාර වර්ග කිහිපයක් සාදාගත හැකි Rotimatic උපාංඟය

to be continued..

January 25, 2015

ඕපන්සෝස් සොෆ්ට්වෙයා ගැන ඉගෙනගන්න සිංහල e-books

අපිට සල්ලි දීල ගන්නෙ නැතිව නොමිලේ ගන්න පුලුවන් සොෆ්ට්වෙයා තියෙනවා. ‍ෆ්‍රී ඇන්ඩ් ඕපන්සෝස් සොෆ්ට්වෙයා කියල කියන්නේ ඒවටනේ... එහෙම MS Office පැකේජ් එකට සමාන නොමිලේ දෙන හොඳම ඔ‍ෆිස් පැකේජ් එක තමයි ඕපන් ඔ‍ෆිස් කියන්නේ... මේ PDF වලින් ඒවයෙ වැඩකරන විදිහ සිංහලෙන් ඉගෙන ගන්න පුලුවන්. ඊට අමතරව, මූඩ්ල්, ෆයර්ෆොක්ස්, තන්ඩර්බර්ඩ්, ජූම්ලා ගැනත් සිංහලෙන් තියෙනවා..

January 19, 2015

GIF ඇනිමේෂන් ලෙහෙසියෙන්ම හදන්න...

     මේකත් පොඩි උනාට ගොඩක් ප්‍රයෝජනවත් සොෆ්ට්වෙයා එකක්. නම Animate Gif .වෙබ් සයිට් එකකට දාන්න එහෙම ෆොටෝ කීපයක් ඇනිමේට් කරගන්න මේක ගන්න පුලුවන්. අපිම මේ ඇනිමේෂන් එක හදනව නම් ඒකට ෆ්ලෑෂ් වගේ සොෆ්ට්වෙයා එකකින් මේක කරන්න ඕනි. මේ සොෆ්ට්වෙයා එකෙන් ඒක ලෙහෙසියෙන්ම කරගන්න පුලුවන්.. ඉන්ස්ටෝල් කරන්න නෑ.. පෙන් එකක දාගෙන උනත් වැඩ කරගන්න පුලුවන්..

January 18, 2015

Advanced SystemCare වලින් කොම්පියුටරය ස්පීඩ් කරමු

       කාලයත් එක්ක මන්දගාමි වුණ කොම්පියුටරය වේගවත් කරන හැටි මීට ඉස්සර පෝස්ට් වලිනුත් කියලා දුන්නා. මේ කියල දෙන්න යන්නෙත් ඒ වගේ කොම්පියුටරය වේගවත් කරන්න උදව් වෙන තවත් ජනප්‍රිය සොෆ්ට්වෙයා එකක් ගැනයි.
මේ සොෆ්ට්වෙයා එක ඇඩ්වාන්ස් සිස්ටම් කෙයා. http://www.iobit.com/advancedsystemcareper.html කියන වෙබ් සයිට් එකෙන් ට්‍රයල් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. එහෙම ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කර ගත්තහම මේ වගේ වින්ඩෝ එකක් පෙනෙයි. ඒකෙ පහලින් රතු පාට හරි කහ පාට මුහුණක් තියෙනවා කියන්නෙ කොම්පියුටරයේ ගැටලු තියෙනවා කියන එකයි.
      එතන තියෙන Deep care කියන එක ක්ලික් කරන්න. එතකොට මතුවෙන වින්ඩෝ එකේ වම් පැත්තෙ අපිට ‍ෆික්ස් කරන්න ඕනි ඒවා වලට ටික් එක දාන්න. මේ ලිස්ට් එකේ රෙජිස්ට්‍රිය ‍ෆික්ස් කරන්න, ජන්ක් ෆයිල් (අනවශ්‍ය ෆයිල්), ඒ වගේම මැල්වෙයා රිමූ කරන්නත් පුලුවන්. 
     කෝයි එකටත් පහලින්ම තියෙන select all කියන කියන ටික් එක දාලා Scann කියන තැනින් Scann & Repair ක්ලික් කරන්න.
     දැන් කොම්පියුටරයෙ තියෙන දෝෂ පරික්ෂා කරලා නිවැරදි කරයි. ඒ අතර තුර අපිට දෝෂ මොනවද කියලත් බලා ගන්න පුලුවන්.
       මෙහෙම Repair වෙලා ඉවර උනාම සමහර ඒවා Fixed on Reboot කියලා තියේවි. 
        ඒක හින්දා කොම්පියුටරය restart කරන්න. එතකොට ඒ දෝෂ ටිකත් විස‍ඳෙයි. සොෆ්ට් වෙයා එක දා ගත්ත ගමන් නම් මේ වැඩේ කරයි. ඒත් ටික කාලයක් යනකොට මේක කරන්න අමතක වෙනවා. ඒක හින්දා සොෆ්ට්වෙයා එකෙන් ම ඉබේම ඒක මතක් කරලත් දෙනවා.
ඇඩ්වාන්ස් සිස්ටම් කෙයා එකේන් තව ගොඩක් වැඩගන්න පුලුවන්. ගේම් ගහන වෙලාවට Turbo Boost දාගන්න වගේම මේකෙ තියෙන ටූල් බොක්ස් එකෙන් ෆයිල් රෙකවරි කරන්න, ඩුප්ලිකේට් ෆයිල් හොයන්න වගේ ගොඩක් වැඩ කරන්න පුලුවන්. ඒකට හැබැයි සොෆ්ට්වෙයා එක Pro ව(ර්)ශන් එකට අප්ඩේට් කරන්න ඕනි!

January 15, 2015

ජූම්ලා පාඩම | හැඳින්වීම

ගොඩක් අය වෙබ් ඩිසයිනින් වලට ඉගෙන ගන්න කැමතියි. ජූම්ලා කියන්නෙ වෙබ් ඩිසයිනින් වලට නැතුවම බැරි සොෆ්ට්වෙයා එකක්. ජූම්ලා ගැන දන්නේ නැති අයට tech සයුරෙන් ඒ ගැන ඉගෙන ගන්න පුලුවන්. මේ ඒ පාඩමේ පළවෙනි කොටස.

January 13, 2015

නවන්න, කෑලි කපන්න බැටරිය ඒත් වැඩ...!

බැටරිය ජංගම උපාංග වල තියෙන වැදගත්ම කොටසක්.ඒක උපාංගයේ ජීවය කිව්වොත් නිවැරදී. ඒත් ජංගම උපාංග දියුණු කිරීම් වලට මේවා තරමක බාධාවක් වුණා. ඒකට හේතුව තමයි බැටරිය නම්‍යශීලී නොවන දෘඩ වස්තුවක් වුණ එක. මේ තියෙන්නෙ ඒකට විසඳුමක් විදිහට අලුතෙන්ම හොයාගෙන තියෙන බැටරිය.
මේ බැටරියෙ නම ProLogium. මේක ලෝකයේ සිහින්ම නම්‍යශීලී FLCB (flexible printed circuits lithium-ceramic battery) බැටරියයි. මේකෙ තියෙන විශේෂතා තමයි නැමා රෝල් කලත්, කොටස් කපා දැමුවත් මේ බැටරිය ක්‍රියාකාරිත්මක වීම. ඒ වගේම සාමාන්‍ය ලිතියම් බැටරි වගේ කාන්දු වෙන්නෙ නැති නිසා පිපිරීම් ගිණි ගැනීම් වලට ලක්වෙන්නෙත් නෑ. තවත් දෙයක් තමයි මේ බැටරියක ගණකම මිමි 0.2-0.45 තරම්. ඒ නිසාම බරෙනුත් අඩුයි.
LG හා Apple වලදී යොදා ගන්නා ලද තාක්ෂණයේ දියුණු කිරීමක් මේ බැටරියේ යොදා ගැනෙනවා. මේ නිර්මාණය නිසා දැනට තිබුණු ලොකු තාක්ෂණික බාධාවක් ඉවත්වෙලා තියෙනවා. ඒ නිසා අනාගතයේදී එන ඔරලෝසු, නැමෙනසුලු දුරකථන, රෝල් කරන ලැප්ටොප් (රෝලර් ටොප්!) වලටත් මේ බැටරියේ අගය කියලා නිම කරන්න බැරිවේවි.

January 11, 2015

12v බැටරි පවර් පැක් පරිපථය

මේ පෝස්ට් එකෙන් 12v කාර් බැටරියෙන් වැඩ කරන පවර් පැක් එකක සර්කිට් එකක් දෙන්න හිතුනා. ගෙදර සූර්‍ය කෝෂ පැනලයක් එහෙම ගෙදර තියෙනවනම් මේක ගොඩක් ඕනි වෙන සර්කිට් එකක් වේවි. එහෙම නැති වුණත් ත්‍රීවීල් කාර් වගේ ගොඩක් වාහන වල තියෙන්නෙ 12v බැටරි. ඉතින් මොකක් හරි සර්කිට් එකක් ටෙස්ට් කරන්නන්ත් මේක ප්‍රයෝජනවත්. කඩෙන් සල්ලි දීලා මේ පවර් පැක් එකක් රු 200 විතර වෙනවා. ඒත් මේ සර්කිට් එකේ උපකරණ ටිකට යන්නෙ රු50 ක් විතර!. හදල බලන්න. මොනවහරි ගැටලු තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න. D313 ට්‍රාන්සිස්ටරය ටිකක් රත්වෙනවා. ඒ හින්දා හීට් සින්ක් එකක් (ඇලුමිනියම් තහඩු කෑල්ලක් උනත් කමක් නෑ.) දාන්න. සර්කිට් එක ඩොට් බෝඩ් එකක හදනව නම් හොඳයි. 
D313 ට්‍රාන්සිස්ටරයේ අග්‍ර


January 9, 2015

වැඩි දියුණු වුණ අලුත් GOM ප්ලෙයෙරය

     ඉස්සර ගොඩක් අයගේ කොම්පියුටරයෙ තිබුණ ප්ලෙයරයක් තමයි GOM ප්ලෙයර් එක. කාලයත් එක්ක අමතක වෙලා ගිය මේ සොෆ්ට්වෙයා එක ආයෙත් ගේන්න හිතුනා. මේ ප්ලෙයර් එකේ අලුත් වර්ෂන් එක  2.2.62 . දැනට ගොඩක් අය පාවිච්චි කරන KM ප්ලෙයර් එක තරම්ම මේක උසස්. වීඩියෝ, ඕඩියෝ කැප්චර් කරන්න, වීඩියෝ ඉෆෙක්ට්, වීඩියෝ ඕඩියෝ වල සැකසුම් සකස් කරන්න කන්ට්‍රෝල් පැනල් එකකුත් තියෙනවා. ඒ වගේම මේකෙ ඕඩියෝ ඈම්ෆ්ලිෆයර් එකකුත් තියෙනවා (VLC  එකේ වගේ!). ඒ කියන්නේ වොලියුම් එක 100 ට වඩා වැඩි කරන්න පුලුවන්. ‍ෆිල්ම් බලනව නම් ඒවායෙ සබ් ටයිටල් හොදින් පේන්න මේ ප්ලෙයර් එක වැඩි දියුණු කරල තියෙනවා. මේ ටිකට අමතරව තව ගොඩක් දේවල් තියෙනවා... ඩව්න්ලෝඩ් කරගෙන බලන්න.


Download

System Requirements

  • Microsoft Windows 8.1 (32 / 64bit), 8 (32 / 64bit), Windows 7 (32 / 64bit), Vista (32 / 64bit), XP SP2 or higher(32 / 64bit)
  • Intel Pentium 4 or AMD Athlon 64 or equivalent
  • Over 16MB free RAM
  • Over 25MB free HDD space.

January 8, 2015

බ්‍රව්සර් යුද්ධයට පණ ගසා නැගිටින MS Spartan

අද ලොව තිබෙන පරිගණක අතුරින් වැඩිමනත් දෙනා භාවිත කරන්නේ කුමන හෝ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියකි. එනම් ලොව වැඩිම දෙනෙක් භාවිතා කරන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියයි. එහෙත් එහි පරිශීලකයින් බොහෝ දෙනෙක් අන්තර්ජාලයට පිවිසීමට වින්ඩෝස් සමග නොමිලේ ලැබෙන ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් වෙබ් බ්‍රව්සරය යොදා ගන්නේ නැත. ඒ වෙනුවට ගූගල් ක්‍රෝම් හෝ ෆයර්ෆොක්ස් භාවිත කරයි. මීට ඉහත දී නෙට්ස්කේප් නැවිගේටර් පරයා නැගී සිටින්නට  ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් සමත් වුවත් දැන් එය පරයා ගූගල් ක්‍රෝම් හා ෆයර්ෆොක්ස් ඉදිරියට විත් තිබේ.
මෙය තේරුම් ගත් මයික්‍රෝසොෆ්ට් සමාගම ඉදිරියේදී පැමිණීමට නියමිත සිය වින්ඩෝස් 10 නව මෙහෙයුම් පද්ධතිය සමගින් අලුත් වෙබ් බ්‍රව්සරයක් දීමට යයි. එය නමින් මයික්‍රෝසොෆ්ට් ස්පාර්ටන් (Microsoft Spartan) ය. පැහැදිලි, සරල, ගොඩගැසීම් රහිත නව අතුරුමුහුණතක් ස්පාටන් සමග පැමිණීමට නියමිතය. ඒ සමග කටහඬට සංවේදී (voice command) ගුණාංගයද වැඩිදියුණු වනු ඇති. එමගින් වෙබ් අඩවි ලිපින ටයිප් කරනු වෙනුවට "මුල් පි‍ටුවට යන්න", "මේක මගේ මුල් පි‍ටුව බවට පත් කරන්න", "ෆේස් බුක් එකට යන්න" (“add to favorites", “make that my home homepage", “go to Facebook.com.” වැනි කට හඬින් විදාන ලබා දිය හැක.

මෙම වෙබ් බ්‍රව්සරයේ  තිර සටහන් කිහිපයක් Neowin මගින් ප්‍රසිද්ධ කර තිබේ. එයට අනුව පෙනෙන පරිදි forward, refresh, reading list, sharing  හා favorites බොත්තම් ඉහලින් පිහිටා තිබේ. එය හරියට ගූගල් ක්‍රෝම් හෝ ෆයර්ෆොක්ස් වලට සමානය. මයික්‍රෝසොෆ්ට් සමාගම මෙම මස 21 දා මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිත අතර එහිදී මෙම නව වෙබ් බ්‍රව්සරය හඳුන්වාදීමට නියමිතය.

January 7, 2015

Visual Basic වලින් පියානෝවක් හදමු..

විෂුවල් බේසික් ලැංවේජ් එකෙන් මහා ලොකු සොෆ්ට්වෙයා හදන්න බැරි වුනාට ඉතා අලංකාර කුඩා ඇප්ලිකේෂන් මේකෙන් හදන්න පුලුවන්. අන්න ඒ වගේ හදපු ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේක. මේ තියෙන්නෙ VB 6.0 වලින් හදපු පියානෝවක්. පුංචි සොෆ්ට්වෙයා එකක් වගේ පෙනුනට VB ඉගෙනගන්න අයට මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඇත්තටම මේකෙ සංකල්පය තමයි MiDi කියන ෆයිල් ෆෝර්මැට් එක.  FL Studio එහෙමත් නැත්නම් ACID Pro වල හරි වැඩ කරල තියෙන අය ඉන්නවනම් මේ ෆෝමැට් එක ගැන දන්නවා ඇත්. මම ඒ ගැන මෙතනදි කියන්න නෑ. කැමති කෙනෙක් ඉන්නවනම් ගූගල් සර්ච් එකක් දාලා බලන්න.
මේ පියානෝ එක වැඩ කරන්නෙ Access ඩේටා බේස් එකක් එක්ක. ඒ කියන්නෙ ප්ලේ වෙන්න ඕනි මිඩි ට්‍රැක් db එකේ දාලා තියෙනවා. කී ප්‍රෙස් කරනකොට ඒවා ප්ලේ වෙනවා. මේ සොෆ්ට්වෙයා එකෙන් ප්ලේ කරන්න විතරක් නෙවෙයි, ඒවා රේකොර්ඩ් කරන්න, ප්ලේ කරන්නත් පුලුවන්. සෝස් කෝඩ් එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ...ඊට පස්සෙ තමන්ට කැමති විදිහට වෙනස් කරලා අලුත් දෙයක් කරන්න බලන්න... මොනවාම හරි ගැටලුවක් තියෙනවනම් කොමෙන්ට් එකක් දාන්න... 

January 6, 2015

Access Password Recovery

අපි ඩේටා බේස් හදන්න බොහෝවිට යොදාගන්නෙ MS Access. එහෙම හදපු ඩේටා බේස් එකකට දාපු පාස්වර්ඩ් එක අමතක වුනොත්.... ඒකට මේ සොෆ්ට්වෙයා එක ගොඩක් ප්‍රයෝජනවත් වේවි. මේ සොෆ්ට්වෙයාර් එකෙන් අමතක වෙච්ච පාස්වර්ඩ් එක ලේසියෙන්ම රිකවරි කර ගන්න පුලුවන්... ඉන්ස්ටොල් කරන්න දෙයකුත් නෑ...

January 2, 2015

ඩෙස්ක්ටොප් පරිගණකයේ මූලාරම්භය | ඇල්ටෙයා 8800

පරිගණය බිහිවූ මුල් අවදියේදී එය කාමරයක් හෝ ශාලාවක් පිරී යන්නට තරම් දැවැන්ත යන්ත්‍රයක් විය. ඒ නිසාම එය යොදා ගත්තේ සාමාන්‍ය ජනයා නොව විශ්ව විද්‍යාල හෝ වෙනත් දැවැන්ත සමාගම් විසිනි. මෙලෙසෙ විශාලව තිබූ පරිගණකය මේසයක තැබිය හැකි තරම් කුඩාවට එක් පරිගණකයක් නිපදවිණි. ඒ ඇල්ටෙයා 8800 පරිගණකයයි..
එඩ් රොබට් සේවය කලේ ඇමරිකානු ගුවන් හමුදාවේ ගිනි අවි රසායනාගාර සේවකයෙකු ලෙසය. ඔහු සිය මිතුරෙකු වූ ෆොරස්ට් එම් මිම්ස් සමග එක්ව විනෝදාංශය සඳහා ආදර්ශ රොකට් කට්ටල අත්හදා බලන්නන් වෙනුවෙන් ඉලෙක්ට්‍රොනික උපකරණයක් හඳුන්වාදීමට තීරණය කලා. ඒ අනුව 1969 දී ඔවුන් දෙදෙනා හා ස්ටැන් ,රොබට් සාලර් යන අය සමග එක්ව නිව් මෙක්සිකෝවේ පිහිටි රොබට් ගරාජ් හීදී MITS (Micro Instrumentation and Telemetry Systems) සමාගම ආරම්භ කරනු ලැබුවා. ඒ ආදර්ශ රොකට් කට්ටල නිපදවීම සඳහායි.
කලක් ගතවීමේදී එඩ් රොබට් ගේ සිතෙහි අලුත් අදහසක් ඇතිවිය. ඒ සාමානය පුද්ගලයන්ට සරිලන පරිදි කුඩා පරිගණකයක් නිපදවීමය. ඒ අනුව යමින් සිය මිතුරන්ගේ සහයද ඇතිව 1975 ජනවාරියේදී දී ඇල්ටෙයා 8800 (Altair 8800) නිපදවිණි. ඒ ලොව ප්‍රථම පෞද්ගලික පරිගණකය යි (world first PC). ඇල්ටෙයා පරිගණකය ඉන්ටෙල් 8080 2.0MHz ප්‍රොසෙසරයකින් පණ ලැබූ අතර 64KB දක්වා වූ 256 b  RAM මතකයකින් යුක්ත විය. දත්ත ආදානයට ඉදිරිපස ස්විච යොදා තිබූ අතර දර්ශකය (display) ලෙස LED යොදා තිබිණි. දත්ත තැන්පත් කිරීම (data storage) සඳහා කඩදාසි පටි, ටේප් හා අඟල් 8 ෆ්ලෝපි තැටි භාවිතා විය. මීට අමතරව අමතර උපාංග එක් කිරීමට එක්ස්පැන්ෂන් ස්ලොට් (expansion slots) ද මෙම පරිගණකයට ඇතුලත් විය.ඇල්ටෙයා පරිගණකය දෙයාකාරයකට අලෙවි කලේය. එක් ක්‍රමයක් වන්නේ පරිගණකයේ කොටස් ගෙන්වා ගෙන මිලදී ගන්නාට එකලස් කර ගැනීමය. ඒ ඩොලර් 395 කටය. අනෙක් විදිය නම් එකලස් කරන ලද පරිගණකයක් මිලට ගැනීමය. එහිදී ඩොලර් 255 ක අමතර මුදලක් ගෙවිය යුතු විය.
ඇල්ටෙයා 8800 හි මෙහෙයුම් පද්ධතිය ද සුවිශේෂී එකකි. ඒ අද නම් දරා සිටින මෘදුකාංඟ සමාගමක් වන  මයික්‍රෝසොෆ්ට් සමාගමේ ආරම්භය සිදු වූයේ ද මෙම මෙහෙයුම් පද්ධතිය සමගය.  මයික්‍රෝසොෆ්ට් අයිතිකරුවන් වූ බිල් ගේට්ස් හා පෝල් ඇලන් සිය ව්‍යාපාරය අරඹන ලද්දේ මෙම මෙහෙයුම් පද්ධතිය වන "ඇල්ටෙයා බේසික්" (Altair BASIC) විකිණීමත් සමගය.
එකල තිබූ තාක්ෂණයන් සමග බැලූ කල ඇල්ටෙයා 8800 යනු ඉතා බල සම්පන්න යන්ත්‍රයක් විය. මෙයට යොදා ගත් ඉන්ටෙල් 8080 චිපය පවා එකල තිබූ හොඳම ප්‍රොසෙසරය විය. සාමාන්‍ය අයට මිලට ගත නොහැකි ඉතා විශාල ශාලාවන් පිරෙන්නට තිබූ පරිගණකය මේසය මත තැබිය හැකි හුරුබුහුටි උපකරණයක් බවට පත් කිරීමට එඩ් රොබ්ට් නම් වූ මේ අසිරිමත් මිනිසා සමත්විය. අද අප වැඩ ගන්නා ඩෙස්ක්ටොප් පරිගණකයේ මූලාකෘතිය වූයේද ඇල්ටෙයා 8800 පරිගණකයයි. එඩ් රොබට් ඩෙස්ක්ටොප් පරිගනකයේ පියා ලෙස හඳුන්වන්නේ එනිසාය.

එකතුවෙන්න...

 
         
 

tech එකේ ඉන්න අය

Contact Form

Name

Email *

Message *

ජනප්‍රිය ලිපි

ලිපි එකතුව

ආව ගිය අය

page visitor counter

ලිපි කියවා ඇති ගණන

tech සයුර Copyright © 2014 - All rights reserved.