Advanced SystemCare වලින් කොම්පියුටරය ස්පීඩ් කරමු

       කාලයත් එක්ක මන්දගාමි වුණ කොම්පියුටරය වේගවත් කරන හැටි මීට ඉස්සර පෝස්ට් වලිනුත් කියලා දුන්නා. මේ කියල දෙන්න යන්නෙත් ඒ වගේ කොම්පියුටරය වේගවත් කරන්න උදව් වෙන තවත් ජනප්‍රිය සොෆ්ට්වෙයා එකක් ගැනයි.
මේ සොෆ්ට්වෙයා එක ඇඩ්වාන්ස් සිස්ටම් කෙයා. http://www.iobit.com/advancedsystemcareper.html කියන වෙබ් සයිට් එකෙන් ට්‍රයල් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. එහෙම ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කර ගත්තහම මේ වගේ වින්ඩෝ එකක් පෙනෙයි. ඒකෙ පහලින් රතු පාට හරි කහ පාට මුහුණක් තියෙනවා කියන්නෙ කොම්පියුටරයේ ගැටලු තියෙනවා කියන එකයි.
      එතන තියෙන Deep care කියන එක ක්ලික් කරන්න. එතකොට මතුවෙන වින්ඩෝ එකේ වම් පැත්තෙ අපිට ‍ෆික්ස් කරන්න ඕනි ඒවා වලට ටික් එක දාන්න. මේ ලිස්ට් එකේ රෙජිස්ට්‍රිය ‍ෆික්ස් කරන්න, ජන්ක් ෆයිල් (අනවශ්‍ය ෆයිල්), ඒ වගේම මැල්වෙයා රිමූ කරන්නත් පුලුවන්. 
     කෝයි එකටත් පහලින්ම තියෙන select all කියන කියන ටික් එක දාලා Scann කියන තැනින් Scann & Repair ක්ලික් කරන්න.
     දැන් කොම්පියුටරයෙ තියෙන දෝෂ පරික්ෂා කරලා නිවැරදි කරයි. ඒ අතර තුර අපිට දෝෂ මොනවද කියලත් බලා ගන්න පුලුවන්.
       මෙහෙම Repair වෙලා ඉවර උනාම සමහර ඒවා Fixed on Reboot කියලා තියේවි. 
        ඒක හින්දා කොම්පියුටරය restart කරන්න. එතකොට ඒ දෝෂ ටිකත් විස‍ඳෙයි. සොෆ්ට් වෙයා එක දා ගත්ත ගමන් නම් මේ වැඩේ කරයි. ඒත් ටික කාලයක් යනකොට මේක කරන්න අමතක වෙනවා. ඒක හින්දා සොෆ්ට්වෙයා එකෙන් ම ඉබේම ඒක මතක් කරලත් දෙනවා.
ඇඩ්වාන්ස් සිස්ටම් කෙයා එකේන් තව ගොඩක් වැඩගන්න පුලුවන්. ගේම් ගහන වෙලාවට Turbo Boost දාගන්න වගේම මේකෙ තියෙන ටූල් බොක්ස් එකෙන් ෆයිල් රෙකවරි කරන්න, ඩුප්ලිකේට් ෆයිල් හොයන්න වගේ ගොඩක් වැඩ කරන්න පුලුවන්. ඒකට හැබැයි සොෆ්ට්වෙයා එක Pro ව(ර්)ශන් එකට අප්ඩේට් කරන්න ඕනි!

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features