මාර්තු 23 දායින් පසු බ්ලොගර් තුල අසැබි දසුන් බෑ...

             මාර්තු 23 එනම් ලබන මස 23 වන දා සිට ගූගල් සමාගමේ බ්ලොග් සේවාව වන බ්ලොගර් තුල අසැබි අන්තර්ගතයක් සහිත බ්ලොග් අඩවි සඳහා සේවා ලබා නොදීමට ගූගල් සමාගම තීරණය කර තිබේ. මේ හේතුවෙන් මාර්තු 23 වනදායින් පසු වැඩිහිටියන්ට පමණක් වෙන්වූ අසැබි පින්තූර, වීඩියෝ වෙනත් එවැනි දේ සහිත බ්ලොග් අඩවි බ්ලොගර් තුලින් දර්ශණය නොවනු ඇත. මෙහිදී දැනට එසේ තිබෙන කිසිඳු බ්ලොග් අඩවියක් ඉවත්ව නොයන අතර එහි අයිතිකරුවාට පමණක් එය නැරඹිය හැකිය. දැනට මෙසේ පවතින බ්ලොග් අඩවි තමාට පමණක් නැරඹිය හැකි අයුරින් සැකසුම් සකස්කර ගන්නා ලෙස ගූගල් සමාගම දන්වා සිටී. එසේම මාර්තු 23 දාට පෙර අරඹන සෑම බ්ලොගයක් ම සඳහා අසැබි අන්තර්ගතයකින් තොරව නිර්මාණය කරන ලෙස වැඩිදුරටත් දන්වා සිටී.

Post a Comment

Previous Post Next Post

Recent Post

Features