Ro-bow වගේ වයලින් වාදනය කරන්න පුලුවන්ද?

වයලින් එකක් ගහන්න හොඳ පුහුණුවක් තියෙන්න ඕනි. ඒත් දැන් ඒකටත් විසඳුමක් තියෙනවා. මේ තියෙන්නෙ වයලීන් වාදනය කරන්න පුලුවන් රොබෝ කෙනෙක්.මේ රොබෝගෙ නම තමයි  Ro-bow. නම වගේම තමයි වැඩත්. ලබා දෙන ඕනෑම ස්වර ප්‍රස්ථාරයක් වරද්දන්නෙ නැතුව නිවැරදිව වයන්න මේ රොබෝට පුලුවන්. මේක හදල තියෙන්නෙ සෙත් ගෝල්ඩ්ස්ටයින් කියල කෙනෙක්. මේ රොබෝ වැඩ කරන්නෙ විද්‍යුත් චුම්බක ඇඟිලි , ස්ටෙප් මෝටර් ආදියයොදා ගෙන. උපදෙස් දෙන්න යොදා ගන්නෙ පරිගණකය. පරිගණකයේ තියෙන ඩිජිටල් මියුසික් ෆයිල් ඇත්ත වයලීන් එකකින් වයන්න මේ රොබෝට පුලුවන්. සරල නිර්මාණයක් වගේ පෙනුනත් මේක ඉතා සංකිර්ණ නිර්මාණයක්. දෘඩාංඟ නිවැරදිව සවිකිරීම පටන් ඊට අදාල මෘදුකාංඟ සැකසීම පවා ඉතා සංකීර්ණ ක්‍රියාවකි. මේ තියෙන්නෙ ඒ උත්සහයේ ප්‍රතිඵලය. පහල තියෙන වීඩියෝ එක බලල කියන්නකො කොහොමද කියලා.
අපේ රටෙත් මේ වගේ දක්ෂයො ඇති. එහෙම අය ගැන ලෝකෙටම කියන්න tech සයුර සූදානම්....

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features