200GB මෙමරි චිප් එකක්!

Recent Post

දැන් ගොඩක් අය ලැප්ටොප්, ඩෙස්ක්ටොප් වෙනුවට ස්මාර්ට්ෆෝන්, ටැබ් වලට බැහැල. කොල් ගන්න මැසේජ් ගහනවට වඩා ගොඩක් දේවල් දැන් ෆෝන් එකෙන් ටැබ් එකෙන් කරන්න පුලුවන්. යන යන තැන කරදරයක් නැතුව අරන් යන්නත් පුලුවන්. ඒත් තියෙන පොඩි ප්‍රශ්ණයක් තමයි මතකය (Memory) ඉඩ මදි කම. ගොඩක් ෆෝන් වල තියෙන මෙමරිය 4GB - 5 GB වලට සීමා වෙනවා. ඒ හින්දා HD වීඩියෝ, ෆොටෝ ගන්නකොට මෙමරිය හරහට හිටිනවා.ඒත් 200GB මෙමරි චිප් එකක් තිබුනොත්!
මේ මෙමරි චිප් එක නිපදවල තියෙන්නෙ මතක උපාංඟ වලටම ප්‍රසිද්ධ සමාගමක් වන SanDisk විසින්.මේ අලුත් 200GB MicroSDXC චිප් එක SanDisk විසින් ලෝකෙට පෙන්නුවෙ මේ වසරේ පැවති ලෝක ජංඟම උපාංඟ සම්මේලනයේදී (Mobile World Congress 2015). 

          ගිය වසරේදී මොවුන් විසින් UHS-I යන තාක්ෂණය භාවිතා කොට 128GB චිප් එකක් වෙලඳපොලට ඉදිරිපත් කලා. 200GB දක්වා මෙලෙස දියුණු කර ඇත්තේ එම තාක්ෂණයයි. එය 56% ක වැඩිවීමකි.

චිප් එකේ ධාරිතාව වැඩි වුවද එහි වේගය බාල වි නොමැත. මෙය 90Mbps වේගයෙන් දත්ත හුවමාරු කිරීමේ හැකියාව පවතී. කෙසේ වෙතත් මේ මෙමරි චිප් එක වෙළඳ පොළට පැමිණෙනු ඇත්තේ මේ වසරේ දෙවන කාර්තුවේ දීය. එසේම එහි මිලද $400 පමණ ඉතා ඉහල අගයක් වනු ඇති.

Features

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post