March 19, 2015 ඔෆිස් 2016 අත්හදා බැලීමේ සංස්කරණය නිකුත්වේ මයික්‍රෝසොෆ්ට් සමාගමේ කාර්‍යාල මෘදුකාංඟ පැකේජය වන මයික්‍රෝසොෆ්ට් ඔෆිස් (Microsoft Office) හි නවතම සංස්කරණය වන ඔෆිස් 2016 හි අත්හදා බැලීමේ සංස්කරණයක් මෘදුකාංඟ සංවර්ධකයින්ට හා වෘතීයවේදීන් සඳහා මේ වන විට ලබා දී ඇත. ඉකුත් 16 වෙනිදා මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් මෙම නිවේදනය දී ඇත. ඔෆිස් සංස්කරණයේ ක්ලවුඩ් සංස්කරණය වන ඔෆිස් 365 දැනටමත් ලබාදිය හැකියාව ඇති බව ඔවුන් දන්වා සිටී. ලැබී ඇති තොරතුරු අනුව නව ඔෆිස් සංස්කරණයේ දත්ත රැඳවීමේ තාක්ෂණය වැඩි දියුණු කර ඇති අතර ඒ සඳහා විශේෂ තාක්ෂණික යෙදුම් දියුණු කර ඇත (Active Directory Authentication Library). එසේම දත්ත අහිමිවීම වැලැක්වීමේ තාක්ෂණයක් [Data Loss Protection (DLP)] ද අලුත් ඔෆිස් පැකේජයට එක්කර තිබේ. වර්ඩ්, එක්සෙල් හා පවර්පොයින්ට් සමග මෙම තාක්ෂණය පැමිණෙනු ඇති. මෙසේ නිකුත් කර ඇති අත්හදා බැලීමේ සංස්කරණය තුල ඔෆිස් 2016 හි ලබා දෙන සියලු පහසුකම් හා විශේෂතා ඇතුලත් නොවන අතර මෙම අත්හදාබැලීමෙන් පසුව මෙම පහසුකම් සහිතව එහි ඇති දෝෂ හා වෙනත් නිවැරදි කිරීම් නිවැරදි කර අවසාන නිෂ්පාදනය නිකුත් කරනු ඇත. Downlaod office 2016 trial Email This BlogThis! Share to Twitter Share to Facebook 0 comments : Post a Comment
0 comments :
Post a Comment