VLC ප්ලෙයර් එකෙන් ෆයිල් කන්වර්ට් කරමු

VLC කියන්නේ කොම්පියුටරයේ තියෙන්නම ඕනි මීඩියා ප්ලෙයර් එකක්.මේක්  ඕනිම ඕඑස් එකක් එක්ක වැඩකරනව වගේම ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් එකක්. ඒ විතරක් නෙවෙයි අනෙක් ප්ලෙයර් වල ප්ලේ වෙන්නැති ෆෝර්මැට් වල ෆයිල් මේකෙ වැඩ කරනවා. ඒත් ගොඩක් අය නොදන්න වැඩ ගොඩක් මේකෙන් ගන්න පුලුවන්. ෆයිල් කන්වර්ට් කරන්න පුලුවන් එකත් මේකෙන් කරගන්න පුලුවන් එක වැඩක්. මේක මම අත්දැකීමෙන් ලැබුණු දෙයක්. මම මීඩියා කන්වර්ටර් එකකින් m4a ෆෝර්මැට් එකක ෆයිල් එකක් mp3 කරන්න හැදුවා. ඒත් හරියට කන්වර්ට් වුණේ නෑ. ඊට පස්සෙ මම VLC එකෙන් ට්‍රයි කලා. ඊට පස්සෙ හරි ගියා. දැන් බලමු කරන්නෙ කොහොමද කියලා....
*VLC ප්ලෙයර් එක ඕපන් කරලා File-> Convert / Save.. ක්ලික් කරන්න නැත්නම් Ctrl+R ප්‍රෙස් කරත් හරි
*දැන් මතුවෙන වින්ඩෝ එකේ Add කියන බට්න් එක ක්ලික් කරලා කන්වර්ට් කරන්න ඕනි ෆයිල් එක ඕපන් කරගන්න
   වින්ඩෝ එකේ පහලින් තියෙන Convert/Save  බට්න් එකේ කෙලවර තියෙන ඊතලය ක්ලික් කරලා ඒකෙන් Convert කියන එක ක්ලික් කරන්න
*එතකොට මේ වින්ඩෝ එක මතුවෙයි. ඒකෙ Profile කියල තියෙන ඩ්‍රොප් ඩවුන් මෙනු එකෙන් කන්වර්ට් කරන්න ඕනි ෆෝර්මැට් එක ‍තෝරල පහලින් තියෙන destination file කියන තැනින් කන්වර්ට් වෙන ෆයිල් එක සේව් කරන්න තැනක් ‍තෝරා දෙන්න.ඊට පස්සෙ Start බට්න් එක ක්ලික් කරන්න. දැන් ෆයිල් එක කන්වර්ට් වේවි.
මේ තියෙන්නෙ මීඩියා කන්වර්ටර් එකකින් කන්වර්ට් කරපු එකයි VLC එකෙන් කන්වර්ට් කරපු ෆයිල් දෙකේ වෙනසයි. ප්ලේ වුණේ VLC එකෙන් කන්වර්ට් කරපු ෆයිල් එක විතරයි.
ෆයිල් කන්වර්ට් කරන්න කියලා රටේ නැති කන්වර්ටර් ක්‍රැක් කර කර ගොඩ ගහගන්නෙ නැතුව මේ වගේ ක්‍රමයක් යොදා ගත්තනම් වැඩේ හරියට පහසුවෙන්ම කරගන්න පුලුවන්. මේකට අමතරව ඉන්ටනෙට් එකේ තියෙන ෆයිල් කන්වර්ට් කරන්න , Audio Straeming වගේ වැඩත් කරන්න පුලුවන් හොඳ සොෆ්ට්වෙයා එකක් තමයි VLC කියන්නෙ.

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features