කොම්පියුටරය කූලිං ෆෑන් වෙනුවට වතුරෙන් සිසිල් කිරීම

අපේ ගෙදර දොරේ සාමාන්‍ය පරිගණක වල කූලිං ෆෑන් තියෙනවා. ඒ ප්‍රොසෙසරය, ‍රැම් , හාඩ් ඩ්‍රයිව් වැනි ක්‍රියාත්මක වන් විට රත් වන උපකරණ වල උෂ්ණත්වය පාලනයටයි. ඒත් ඒ සාමාන්‍ය  ෆෑන් වෙනුවට වතුර යොදාගෙන පරිගණක සිසිල් කරන ක්‍රමය (Water cooling) ගැනයි මේ.
මේ ක්‍රමය මුලින්ම යොදා ගෙන තියෙන්නෙ 1982 නාසා ආයතනයට අයත් Cry-2 කියන සුපිරි පරිගණකයේ. 
          සාමාන්‍ය පරිගණක වලට මේ ක්‍රමය යොදා ගෙන තියෙන්නෙ 1990 දී විතර. මුලින්ම AMD සමාගම Athlon ප්‍රොසෙසරය සඳහා මේ ක්‍රමය යොදා ගත්තා (intel ඒවට වඩා AMD ප්‍රොසෙසර් ටිකක් රත් වෙනවා වැඩියි කියල දන්නවා ඇතිනේ..). Apple Power Mac G5 ප්‍රථම නඩත්තු කල හැකි වෝටර් කූලිං පද්ධතියක් තිබූ පරිගණකයයි.
මේ පද්ධතියේ මූලික වශයෙන් උපකරණ 4ක් තියෙනවා. වෝටර් බ්ලොක් එක (සාමාන්‍ය හීට් සින්ක් එක වැනි කොටසකි.මෙය හරහා ජලය ගමන් කරයි.), මෙය නල දෙකකින් සමන්විතයි. 
                       අනෙක් කොටස් දෙක ජලය නිකුත් කරන පොම්පය,ජලය සිසිල් කරන රේඩියේටරය(වාහන වල ඇති රේඩියේටරයේ ක්‍රියාකාරිත්වයට සමානය) හා ජලය ගෙන යන නල පද්ධතියයි. මේ වෝටර් කූලිං පද්ධතියක මූලිකකොටස් 4යි.

වෝටර් බ්ලොක් එක මගින් සිසිල් ජලය එය තුලට ගෙන රත්වූ උපාංඟයේ ඇති තාපය උරාගෙන අනෙක් නලයෙන් රත්වූ ජලය පිටකරයි. ජලය පොම්ප කරන ඒකකය මගින් රත්වූ ජලය ලබාගෙන එය නැවත රේඩියේටරයෙන් සිසිල් කර පිට කරනු ලබයි. මේ ජලය ‍රැගෙන යන නල පද්ධතිය තාපයට ඔරොත්තු දෙන විශේෂයෙන් සැකසූ ඒවාවේ.
සාමාන්‍ය ෆෑන් වලින් කරන සිසිලනයට වඩා හොඳ සිසිල් කිරීමක් ජල සිසිලන පද්ධතියකින් ලැබේ. පරිගණකයේ වේගය වැඩිකිරීමට ප්‍රොසෙසරය ඕවර්ක්ලොක්(over clock) හෙවත් ක්‍රියාත්මක වන සංඛ්‍යාතය වැඩි කල හැකිය. නමුත් එවිට උපදින තාපය ඉහලය. ඒ නිසා ඒවැනි පරිගණක වල මේ පද්ධති භාවිතා කරයි. දැන් තිබෙන බොහෝ ගේමින් කොම්පියුටර්ස් (පරිගණක ක්‍රිඩා ධාවනය කිරීමටම විශේෂයෙන් සාදා ඇති මතකය, වේගය වැඩි පරිගණකයි) , සුපිරි පරිගණක වල වල ද්‍රව සිසිලන පද්ධති භාවිතා කරයි. 
      ජලය වෙනුවට වෙනත් වර්ගවල සිසිලන ද්‍රව මේවාහි භාවිත කරයි. එසේම සාමාන්‍ය පරිගණක වල නැගෙන අමිහිරි නාදය මෙහි නැත. ඕනෑම කෙනෙකුට මිලදී ගෙන සවිකරගත හැකි වෝටර් කූලිං සිස්ටම් දැන් වෙළඳ පොළේ තිබේ.
කාර්‍යක්ෂම සිසිලනයක් නිසා පරිගණකය වේගයෙන් ක්‍රියාත්මක වුවද මෙහි යම් අවදානමක් ද ඇත. වැරදීමකින් හෝ ජලය කාන්දුවුවක් වුවොත් පරිගණකය නිසැක වශයෙන්ම හානිවීම ඒ අවදානමයි. 

3 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. මට කලින් හිතිල තිබුණු දෙයක්. හැබෑවටම තියෙනවයි කියල දැන ගත්තේ අදමයි. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. මොකද කියන්නෙ... හයි කර ගමුද එකක්?

      Delete
Previous Post Next Post

Recent Post

Features