විදුලි බිල අඩුකරන LED විදුලි පහන් පරිපථ

              ඉස්සර ගෙවල් වල තිබුණෙ සූත්‍රිකා බල්බ් (ගෙඩි බල්බ්). මේ බල්බ් වලට අධික විදුලියක් වැය වෙන නිසා ගොඩක් අය මේ බල්බ් වෙනුවට ටියුබ් ලයිට් නැත්නම් CFL බල්බ් දැම්මා. දැන් ඊටත් වඩා විදුලිය ඉතුරු කරන්න පුලුවන් බල්බ් වර්ගයක් තියෙනවා කියලා කවුරුත් දන්නවා ඇති. ඒ තමයි LED බල්බ්. මේ LED බල්බ් හදල තියෙන්නෙ සුදුපාට LED බල්බ් එකතුවකට ප්‍රධාන විදුලිය අඩුකරලා ලබා දීමෙන්. මේ පරිපථය අපිට උනත් හදාගන්න පුලුවන්. පහලින් තියෙන්නෙ ඒ පරිපථ...
LED 4 ක බල්බය (5W)
වැඩි එලියක් අවශ්‍ය වෙන්නෙ නැති තැනකට මේ පරිපථය සුදුසුයි. 5W බලබයකට (නයිට් බල්බ් එකකට) සමාන ආලෝකයක් ලබාගන්න පුලුවන්. රු 50/= කට විතර මේකට අවශ්‍ය උපාංඟ ටික ගන්න පුලුවන්.
උපකරණ ලැයිස්තුව:

  • C1 :- 224-400V
  • R1 :- 680K 1/4W
  • R2 :-  470K 1/4W
  • D1-D4 :-  Supper bright white LED

LED 24 ක බල්බය
සුදු LED බල්බ් 2 ඉඳලා 24 ක් වෙනකම් මේ පරිපථයෙන් දල්වන්න පුලුවන්. මේ පරිපථයෙ මූලික පරිපථය දීල තියෙන්නෙ සරලම අවස්ථාව වෙන LED 2ක පරිප්ථය. මේ LED බල්බ් සම්බන්ද කරලා තියෙන්නෙ රටාවකට. රූපය බැලුවාම ඒ රටාව තේරුම් ගන්න පුලුවන්. රු 300/= කින් විතර මේක හදා ගන්න පුලුවන්.
උපකරණ ලැයිස්තුව:

  • C1-C2 :- 224-400V
  • R1 :- 1K - 1W
  • R2 :- 1K - 2W
  • D1 - D27 :-  Supper bright white LED

වැඩි දීප්තියක් ඇති LED 48 බල්බය
මේ පරිපථයෙන් LED 48 යොදාගෙන දීප්තිය වැඩි බල්බයක් හදාගන්න පුලුවන්. මේ පරිපථයෙ තියෙන LED සියල්ලම ශ්‍රේණිගතව (එකක් පි‍ටුපස එකක්) සිටින සේ සම්බන්ද කරල තියෙනවා. වියදම රු 350/= විතර වේවි.
උපකරණ ලැයිස්තුව:

  • C1 :- 0.47uF - 400V
  • C2 :- 4.7uF - 400V
  • R1-R2 :- 680K - 1/4W
  • R3 :- 580K - 1W
  • D1-D4 :- 1N4007
  • D5-D52 :- Supper bright white LED

පරණ CFL ආවරණයක මේ කොටස් සම්බන්ධ කරගන්න පුලුවන්. ප්‍රතිරෝධ මිලට ගැනීමේදී දී ඇති ප්‍රතිරෝධ අගයන් හා වොට් අගයන් වලම ඒවා ගන්න. පරිපථය එකලස් කිරීමට ඩොට් බෝඩ් එකක උපාංඟ පාස්සා ගන්න. 

සැ.යු:- ප්‍රධාන විදුලිය සමග ගණුදෙනු කරන බැවින් ඉතා කල්පනා කාරී වන්න. විදුලිය සැපයීමෙන් පසු කිසිම විටක පරිපථය ස්පර්ෂ කිරීමෙන් වලකින්න.

ප.ලි:-
මේ සර්කිට් වල සංකේත වලින් දක්වල තියෙන උපකරන වල විස්තර මෙහෙමයි.

ධාරිත්‍රක (Capacitor)

*මේවා වර්ග 2ක් තියෙනවා.
    මයිලර්/ සෙරමික්
 ( උදා:- ඉහත පළමු හා තුන්වන පරිපථයේ C1, දෙවන පරිපථයේ C1 හා C2) . අග්‍ර +,- භේදයක් නැත.
   ඉලෙක්ට්‍රොලයිට් වර්ගය 
( උදා:- ඉහත තුන්වන පරිපථයේ C2) .( - ) අග්‍රය බඳේ සලකුණු කර ඇත.
ප්‍රතිරෝධක (Resistor)
ඉහත පරිපථ වල R1,R2,R3.. ලෙස දක්වා ඇත්තේ මෙම  උපාංඟයයි. අග්‍ර +,- නැති අතර අගය බඳේ සලකුණු කර ඇත්තේ වර්ණ කේත ක්‍රමයකටය. (අගය ලබා ගන්නා ආකාරය ගැන ලිපියක් මෙතනින් )
ඩයෝඩ (Diode)

D1-D4 :- 1N4007 ලෙස දක්වා ඇත්තේ මෙයයි. මෙහි ( - ) අග්‍රය පැත්තේ බඳේ සලකුණක ඇත.

25 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. ස්තූතියි

    ReplyDelete
  2. මටනම් මචෝ තේරෙන්නේ නෑ ඔව්ව. ඒත් මං ඊයේ දැක්කා අඩුවට LED විකුණන්න දාල තියෙන තැනක්. මෙන්න මේ ලිස්ට් එකේ තියෙන LED බල්බ් හොඳද නැද්ද කියල පොඩ්ඩක් කියපංකෝ බලන්න.. පුළුවන්නම් ලොකු උදව්වක්..
    http://www.dealhut.lk/

    ReplyDelete
    Replies
    1. ඉලෙක්ට්‍රොනික් කිව්වට මහා ලොකු දෙයක් නෑ බං . ඔය කෑලි ටික කඩෙන් අරං ඒවයෙ තියෙන කම්බි අමුනලා පාස්ස ගන්න විතරයි තියෙන්නෙ (සෝ ඊසි!). දැං අපේ රටේ ගොඩක් අය ස්ව්‍යං ‍රැකියාවක් විදිහට ඔය බල්බ් හදනවා (මම ඔය දාල තියෙන්නෙත් ඒවයෙ එන සර්කිට් තමයි) . ඒවට ඕනි කෑලි ඔක්කොම (බල්බ් කවරය පවා) ගන්න තියෙනවා. ඒ සර්කිට් එකේ LED බල්බ් පාස්සලම තියෙනවා .කරන්න තියෙන්නෙ ඉතුරු කෑලි ටික එකතු කරලා පාස්සන එක. දැං ලංකාවේ හැම තැනම තියෙන්නෙ එව්වා තමයි. අර සයිට් එකේ තියෙන්නෙත් ඒවා. කිසි කේස් එකක් නෑ මිත්‍රයා බල්බ් එක පත්තු වෙනවනම් ගන්න!

      Delete
    2. එළමකිරි. මං හිතන් උන්නේ ඕක මහ හරඹයක් කියලා.. ඒත් ඉතින් සුයං රැකියාවක් කරන එහෙකුට ආධාරයක් වෙන්න හරි කියලා ඔව්වැයින් හදපු හතරක් පහක්ම ගන්න එක හොඳයි මගේ හිතේ.. නැ මං හිතුවේ අර CFL වල එහෙම කතාවක් ආවනේ එනර්ජි සේවින් කියුවට සමහර බ්‍රෑන්ඩ් වල එහෙම එකක් නෑ කියල.. මෙව්වත් එහෙමද කියල මං බැලුවේ. ස්තූතියි විස්තරේට මචෝ.

      Delete
    3. CFL බල්බ් ගන්න කොට නම් හොඳට බලල ගන්න ඕනි. හැබැයි LED බල්බ් වලට නම් එහෙම ප්‍රශ්ණ නෑ... එළ...

      Delete
  3. මෙතන c1, r1 හෙම මොනවාද කියලත් ලිව්වා නම් හොඳයි. වඩා තේරෙනවනේ. LED බල්බ් තිබෙන lamp එකක් ගත්තම හරි නැත්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් නේද... දැනුයි ඒක තේරුනේ. ඉලෙක්ට්‍රොනික් දන්න අයනම් ටිකක් දන්න්වා. ට්‍රයි කරන් අයටත් බලා ගන්න දාන්නම්.. අදහසට ස්තූතියි! LED බල්බ් තියෙන lamp එකත් හරි.. ඒකෙ කෙරෙන්නෙත් මේ සර්කිට් වලින් වෙන දේම තමයි...

      Delete
  4. ටෙක් සයුරට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. tech සයුරට සාදරයෙන් පිළිගන්නවා!

      Delete
  5. එල එල මචං... සුපිරි පොස්ට් එකක්.

    ReplyDelete
  6. පරාර්ථකාමීත්වය අගය කරමි,
    තොරතුරු වලට බොහොම ස්තූතියි ඇ...

    ReplyDelete
  7. අයියෙ මේ ඩයෝඩ් 4. , බල්බ 48 සර්කිට් එකෙ තියෙන විදියෙ පොඩි වැරදීමක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. පොඩි නෙවෙයි ලොකු වැ‍රැද්දක් තිබුණෙ මල්ලියා. ඒක නිවැරදි කලා. ගොඩක් ස්තූතියි වැ‍රැද්ද පෙන්නුවට. ජය!

      Delete
  8. 1/4w Resistors use karanawata wada 1/2w use kalanam safe.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත ඇනෝ. ගොඩක් කල් පාවිච්චි කරන්නත් පුලුවන්. ස්තූතියි.!

      Delete
  9. Led බල්බ් 12v curcuit එකක් හදාගන්නෙ කොහොමද යලුවා

    ReplyDelete
    Replies
    1. සරලවම නම් LED එක 1K ප්‍රතිරෝධයක් එක්ක සම්බන්ධ කරන්න. LED 3 ක් ශ්‍රේණිගතව සම්බන්ධ කරලා 12v දෙන්නත් පුලුවන්

      Delete
Previous Post Next Post

Recent Post

Features