මිනිසා හඳට ගෙනගිය ඇපලෝ ගයඩන්ස් පරිගණකය

                                 මිනිසා සඳ මත පා තබා මේ මාසෙ 20 දිනට අවුරුදු 46 ක් සපිරුනා. මේ කියන්නෙ සඳ මත පා තැබීමේ මෙහෙයුමට තීරනාත්මක විදිහට දායක වුණ උපකරණයක් ගැන. ඒ තමයි නීල් ආම්ස්ට්‍රෝං ගමන් කල ඇපලෝ 11 යානය පාලනය කල ඇපලෝ ගයඩන්ස් කියන පරිගණකය ගැන. අභ්‍යවකාෂ තරණයට රුසියාව යි ඇමරිකාව යි අතරේ ලොකු තරඟයක් තිබුණ බව දන්නවා ඇති. සඳ ගමන කටයුතු දුරස්ථව පාලනය කලහොත් රුසියාවෙන් ඊට බාධා ඇති වේ යැයි බියෙන් ඇමරිකාව යානයේ මුලු පාලනය පරිගණකයකට බාර දීමට අදහස් කලා. එකල තිබූ තාක්ෂණයට අනුව කාමර තරම් වූ පරිගණකයකින් කුඩා පෙට්ටියක් තරම් වූ දෝෂ රහිත නිවැරදිම ක්‍රියාකාරිත්වයක් ඇති පරිගණකයක් නිපදවීම ලෙහෙසි කටයුත්තක් වුණේ නැහැ.
                                    නාසා ආයතනය මේ බැරෑරුම් කටයුත්ත බාර කලේ ඇමරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයටයි (MIT). ස්ටීව් බෙල්ස් ඇතුලු පරීක්ෂකයන් කණ්ඩායමක් මේ වැඩේ භාරව සිටියේය.IC නැතිනම් සංයුක්ත පරිපථ මුලින්ම යොදා ගත්තේ මේ ගයඩන්ස් පරිගණකයේදීයි. රේතියන් නම් සමාගමක් විසින් සිදුකල මෙහි ඇති විශේෂත්වය නම් මේ සියලුම IC රෙදි විවීමේ ‍රැකියාවේ නියුතු කාන්තාවන් විසින් අතේ වියන ලද ඒවා වීමයි.   
                                       මෙවැනි IC 5000 ක් පමණ නිපදවිණි .එයට යොදා ගත්තේ සියුම් කම්බි යකඩ හර වටා ගොතා සකස් කර ගත් කම්බි රටාවකි. ඒවා අතර විදුලිය ඇතිවීම නැතිවීම මත ඩිජිටල් '1' හා '0' සංඥා ඇතිකල හැක. මේ සංඥා මගින් පරිගණකය ක්‍රියාත්මක වේ. පරිගණකය ක්‍රියා කිරීමට අවශ්‍ය මෘදුකාංඟ නිර්මාණය කලේ ඩොන් අයිල්ස් සමග පීටර් ඇඩ්ලර් ය. එම මෘදුකාංඟ පරිගණකයේ දෘඩාංඟ දෙස කෙලින්ම බලා නිර්මාණය කර ඇත. මේ සියලු වැඩකටයුතු නිමවීමට අවුරුදු 7ක් ගතවිය.
                                ගයඩන්ස් පරිගණකය කෙටීයෙන් හැදින්වූයේ ඩිස්කි (DSKY- Display and Keybord Unit) කියාය. වේගය 2.048MHz වූ මෙහි ‍රැම් මතකය වචන(Word) 2048  වූ චුම්බක මතකයක් හා සප්තඛනඩ ප්‍රදර්ශක තිරවලින් , බල්බ වලින් සමන්විත මෙහි රොම් මතකය වචන 36,864 විය.
                                    මෙය අද කාලේ ඇති සාමාන්‍ය ජංගම දුරකථනයකටත් වඩා මන්දගාමීය. නමුත් ඒ කාලයේ මෙය ඉතා වේගවත් පරිගණකයකි. වොට් 70ක ක්ෂමතාවකින් ක්‍රියා කරන මෙහි බර කි.ගැ 31.8 කි. තවද සෙ.මි 61x32x17 ප්‍රමාණයකින් යුතුවිනි.දැන් ඇමරිකානු ජාතික කෞතුකාගාරයේ ඇති මෙය අදටත් හොඳින් ක්‍රියාත්මක වේ.

2 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. අදටත් වැඩ කියන්නෙ පස්ටනෙ
    නැද්ද හා ස්තූතියි අපි එක්ක බෙදා හදා ගත්තට

    ReplyDelete
Previous Post Next Post

Recent Post

Features